Sunday, November 8, 2026
HomeNEWSසෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක් ?

සෑම පක්ෂයකටම එක් අමාත්‍යධුරයක් ?

පුරප්පාඩු වූ එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රීධුරය සඳහා නම්කළ එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතාට අමාත්‍යධුරයක් පිරිනැමීමට නියමිත බව වාර්තා වේ.

එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති තනතුරට පත්වීමෙන් අනතුරුව පුරප්පාඩු වූ මන්ත්‍රීධුරය සඳහා වජිර අබේවර්ධන මහතා නම්කරනු ලැබීය.

ඒ අනුව ලබන 27 වන දින වජිර අබේවර්ධන මහතා සිය මන්ත්‍රීධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමට නියමිත බව වාර්තා වේ.

හිටපු අමාත්‍ය සාගල රත්නායක මහතා ද රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකවරයෙකු ලෙස පත්කර ඇත.

මේ අතර සෑම පක්ෂයකටම එක් අමාත්‍යධූරය බැගින් පිරිනමා සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම සම්බන්ධයෙන් වත්මන් රජයේ අවධානය යොමුව ඇති බව වාර්තා වේ.

ඉදිරි සති 02 තුළ මෙම සර්ව පාක්ෂික ආණ්ඩුව පිහිටුවීම සඳහා සැලසුම් කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img