Sunday, November 8, 2026
HomeNEWSසර්ව පාක්ෂික රජය ගැන හිටපු කථානායකගේ මතය

සර්ව පාක්ෂික රජය ගැන හිටපු කථානායකගේ මතය

රට යථාතත්ත්වයට පත්කිරීම වෙනුවෙන් වු සර්ව පාක්ෂික රජය පිහිටුවීම සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු පක්ෂ සිය සහයෝගය ලබාදිය යුතු බව  හිටපු කථානායක කරු ජයසුරිය මහතා පවසයි.

හිටපු කථානායකවරයා පෙන්වාදෙන්නේ සෑම පක්ෂයකම මන්ත්‍රිවරුන්ට යම් වගකීමක් පැවරිය යුතු සේම, පසුපෙළ මන්ත්‍රිවරුන්ට ඒ සඳහා වැඩි අවස්ථාවක් ලබාදිය යුතු බවය.

“අපි සෑම විටම විශ්වාස කරනවා ජාතික එකඟතා ආණ්ඩුවක් හදනවා නම් සීමිත කාලයකට  කවදාවත් විපක්ෂයක් තියන්න බෑ පාර්ලිමේන්තුව තුළ. ඔක්කෝම ඉන්න ඕනේ පාර්ලිමේන්තුව ඇතුළේ සහෝදරත්වයෙන්. ඒ නිසා තමයි අපි විවිධ යෝජනා ඉදිරිපත් කළේ. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා පසුපෙළ මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබාදෙන්න. ඩොනමෝර් ක්‍රමය කාලයේත් තිබුණා. සෑම මන්ත්‍රීවරයෙකුට යම්කිසි වැඩකොටසක් තිබුණා. ඒ අය පාලනයට හවුල් වුණා. ඒ නිසා පාර්ලිමේන්තු විමර්ශන කාරක සභාව ශක්තිමත් කිරීම සඳහා ඉල්ලීමක් ලැබුණා. ඒ යෝජනාව අපි රජයට ඉදිරිපත් කළා. පාර්ලිමේන්තුව එ්කට එකඟ වුණා. ඒ සම්බන්ධයෙන් දේශපාලන භේදයෙන් තොරව විශේෂයෙන්ම පසුපෙළ මන්ත්‍රීවරුන්ට රාජ්‍යකරණයේ දී සහභාගී වීම සඳහා අපි ඉතා ඉක්මනින් ඒ කටයුත්ත දියත් කිරීමට බලාපොරොත්තු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img