Sunday, November 8, 2026
HomeNEWSQR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඇරඹෙයි

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඇරඹෙයි

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඇරඹෙයි

QR ක්‍රමවේදය යටතේ ඉන්ධන ලබාදීම ඊයේ (31) මධ්‍යයම රාත්‍රීයේ සිට ආරම්භ කෙරුණි.

ඒ අනුව අද (01) දිනයේ සිට QR ක්‍රමවේදය සහ කෝටා යටතේ පමණක් දිවයින පුරා පිහිටි සියලු ඉන්ධන පිරවුම්හල්වලින් ඉන්ධන නිකුත් කිරීම සිදුකෙරේ.

ජාතික ඉන්ධන අවසර පත්‍රයට ඊයේ පස්වරුව වන විට රථ වාහන මිලියන 5කට ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි වී ඇති අතර මෙරට සමස්ත ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවෙන් සියයට 95ක් QR ක්‍රමවේදයට අනුගත වී ඇති බවද බලශක්ති අමාත්‍යංශය සඳහන් කළේය.

QR ක්‍රමවේදයට අනුගත වූ ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන බෙදාහැරීමට ප්‍රමුඛතාව හිමිවන අතර ඉන්ධන පිරවුම්හල් වෙත බෙදාහරින ලද ඉන්ධන තොගවලින් QR කේතය භාවිත කර ඉන්ධන නිකුත්කිරීම නිරීක්ෂණය කර එම බෙදාහැරීම ඉදිරියේදී සිදුකරනු ලබයි.

මේ අතර විදුලි ජනන යන්ත්‍ර, උද්‍යාන උපකරණ, යන්ත්‍රෝපකරණ, ඉන්ධන අවශ්‍ය අනෙකුත් උපකරණ භාවිත කරන පුද්ගලයින්ට අවශ්‍ය ඉන්ධන වර්ගය, සතිපතා ඉන්ධන අවශ්‍යතාවය සහ ඔවුන් ඉන්ධන ලබාගැනීමට බලාපොරොත්තු වන පිරවුම්හල තෝරාගෙන අදාළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ලියාපදිංචි විය යුතු වේ.

එක් එක් පොලිස් ස්ථානය වෙනුවෙන් තෝරාගත් ඉන්ධන පිරවුම්හල්වලින් පොලිස් දෙපාර්තමේන්තුවට වෙන් කරන ලද කෝටාව ලබාදීමට කටයුතු කරන අතර ඉදිරියේදී එම පිරවුම්හල් වෙත ලබාදිය යුතු කෝටාව පිළිබඳ දැනුවත් කිරීමට නියමිතය.

එමෙන්ම නීතිවිරෝධී ලෙස ඉන්ධන තොග ගබඩා කිරීම, විකුණුම් කටයුතු හෝ ඉන්ධන ලබාදීමේදී උපදෙස් පිළිනොපදින පිරවුම්හල් සහ පුද්ගලයින් පිළිබඳව ඡායාරූප හෝ වීඩියෝ සාක්ෂි 074 21 23 123 යන වට්ස්ඇප් අංකය වෙත යොමු කිරීමට පියවර ගන්නා ලෙස ද විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය දැනුම්දෙයි.

මේ අතර QR ක්‍රමවේදය ක්‍රියාත්මක කිරිමේ දී සිය ඉන්ධන පිරවුම්හල්වලට නැවත යුද හමුදා ආරක්ෂාව ලබාදෙන ලෙස ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සන්දනායක මහතා ඉල්ලීමක් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img