Monday, November 9, 2026
HomeNEWSපාසල් සිසුන් දෙදෙනෙක් පැහැරගැනීමට උත්සාහයක්

පාසල් සිසුන් දෙදෙනෙක් පැහැරගැනීමට උත්සාහයක්

පාසල් සිසුන් දෙදෙනෙකු පැහැරගැනීමට උත්සාහ කළ පිරිසක් කොටුකර ගැනීමට ගල්ගමුව ඇහැටුවැව පොලීසිය පසුගියදා සමත් ව තිබේ.

මෝටර් රථයකින් පැමිණි එම පිරිස එකම පවුලේ 15 සහ 17 යන වයස්වල පසුවන පාසල් දරුවන් දෙදෙනෙකු ඔවුන්ගේ නිවස ඉදිරිපිටදී පැහැරගෙන යාමට උත්සාහ කර ඇත.

17 හැවිරිදි සිසුවා ඔවුන්ගෙන් මිදී පළාගොස් ඇති අතර අනෙක් සිසුවාට පහර දී අතරමඟ දමාගොස් තිබේ.

සැකකරුවන්ගේ ඉලක්කය වී ඇත්තේ පළාගිය සිසුවා බව ට අනාවරණය වී ඇත.

අතරමඟ දමා ගොස් සිටි දරුවා තමා මුහුණදුන් බියකරු අත්දැකීම මෙලෙස විස්තර කළේය.

“එදා අපි කඩේ යද්දි වාහනයක් නවත්තලා තියෙනවා. අයියට එන්න කියලා කත කරලා තියෙනවා. පෙට්‍රල් විකුණනවා ද කියලා අහලා තියෙනවා පොලීසියෙන් වගේ. අයියාව වාහනේ දාගෙන ගෙදරට ඇවිත් තියෙනවා. අයියා ලව්වා මට කෝල් කරා. අයියා කෝල් කර විදිය වෙනස් නිසා මම ඇහුවා කවුද ළඟ ඉන්නේ ඇයි ඔහොම කතා කරන්නේ කියලා. මම ඉස්සරහට ආවා. එද්දි තුන්දෙනෙක් බැහැලා ආවා මාව අල්ල ගන්න. මාව ඇදගෙන ගියා පෙට්‍රල් විකුණනවා ද කියලා අහලා. අයියා බැහැ ගත්තා. මාව වාහනේ ඇතුළට දා ගත්තා. නැග්ගට පස්සේ ගැහුවා චණ්ඩියෙක් ද කියලා. මම මීට කිලින් ඒ අයව දැකලා නෑ. කිලෝ මීටර් 2ක් වගේ එක්කන් ගියා. ගිහින් මඟ දාලා ගියා.” 

මෝටර් රථය ආපසු පැමිණෙන අවස්ථාවේ ඇහැටුවැව මුර සංචාරයේ නිරත පොලිස් නිලධාරීන් වාහනය නවත්වා තොරතුරු විමසීමේදී ඇතිවූ සැකය සහ සිසුන්ගේ මව්පියන්ගෙන් ලද පැමිණිල්ල මත රථයේ සිටි පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.

පසුව එම සැකකරුවන් තිදෙනා ගල්ගමුව මහෙස්ත්‍රාත්වරයා විසින් අගෝස්තු 4 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img