Sunday, November 8, 2026
HomeNEWSPHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

PHI සංගමයෙන් අනතුරු ඇඟවීමක්

කොවිඩ් රෝගය යළි ව්‍යාප්ත වෙමින් පවතින බැවින් ඒ පිළිබඳව වැඩි අවධානයකින් පසුවන්නැයි මහජන සෞඛ්‍ය පරික්ෂකරුවන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එහි සභාපති උපුල් රෝහණ මහතා ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කළේය.

“බිම් මට්ටමේ රෝග ලක්ෂණ සහිත රෝගීන් විශාල වශයෙන් වැඩිවෙමින් තියෙනවා. විශේෂයෙන් පාසල්, ආයතන සහ සමාජ ඒකරාශීවීම් සිදුවන ස්ථානවල රෝග ලක්ෂ සහිත රෝගීන් වාර්තා වෙනවා. නමුත් මොවුන් රෝගීන් ලෙස තහවුරු කර ගැනීම සඳහා ඇන්ටිජන් පරීක්ෂණ කට්ටල ලංකාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල සතුව නැහැ. ඒ නිසා රෝගීන් හඳුනාගැනීමේ බරපතළ ගැටලු නිර්මාණය වෙනමින් පවතිනවා. ඒ නිසා මේවන විට ලංකාවේ නොයෙක් ප්‍රදේශවලින් වාර්තාවෙමින් තියෙන කොවිඩ්- 19 රෝගීන් හඳුනා නොගැනීම, පාලනය සඳහා පවතින ඉන්ධන අර්බුදය, ඒ වගේම ආර්ථික අර්බුදය වැනි කරණු නිසා ඉදිරි දෙසතිය තුළ ලංකාවේ විශාල වශයෙන් කොවිඩ් රෝගීන් වාර්තාවීමට නියමිතයි. ඒ වගේම මේ වාර්තාවෙන රෝගීන් අතරින් ප්‍රතිශක්තීයකරණය ඌන වුණ, ඒ වගේම යම් යම් රෝගාබාද සඳහා ගොඳුරු වුණ, වැඩිමහල් අයවලුන් ඉතාමත් අවදානමකට ලක්වෙනවා. ඒ නිසා අපි මහජනතාවගෙන් විශේෂයෙන් ඉල්ලන්නේ කොවිඩ් -19 රෝගය අවසන් නැහැ. ඒ වගේම මේ ප්‍රභේදයේ රෝග ලක්ෂණ ඉතාමත් වැඩී කියලා බිම් මට්ටමේ පෙනෙන්නට තියෙනවා. ඒ නිසා අවාසනාවන්ත මරණ ඇතිවීමේ හැකියාව තියෙනවා. රෝහල් පහසුකම්වල ගැටලු, ඖෂධ සම්බන්ධ ගැටලු නිසා මේ තත්ත්වය ඉතාමත් අවාසනාවන්ත තත්ත්වයකට තල්ලු වෙන්න පුළුවන්.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img