Sunday, November 8, 2026
HomeNEWSභූමිතෙල් ගැන තීරණ කිහිපයක්

භූමිතෙල් ගැන තීරණ කිහිපයක්

එළඹෙන 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.

අද (10) පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ භූමිතෙල් මිල සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුවී ඇති බවය. 

“පසුගිය මාසයේ සපුගස්කන්ද ඉන්ධන පිරිපහදුව ක්‍රියාත්මක නොවීම නිසා භූමිතෙල් නිෂ්පාදනය නැතිවුණා. ඒ නිසා පසුගිය සති 4ක කාලය සඳහා අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණය ලබාදෙන්න බැරි වුණා. නමුත් අපේ තිබුණු සංචිතවලින් යම් ප්‍රමාණයක් ධීවර වරායන් සඳහා ලබාදුන්නා.”

“මේ මාසේ 13 වනදා තමයි බොරතෙල් නෞකාවක් ලංකාවට පැමිණීමට නියමිතව තිබෙන්නේ. දෙවැනි නෞකාවත් 29 වනදා පැමිණීමට නියමිතයි කියලා අපිට දන්වලා තිබෙනවා.”

“ඒ අනුව 15 වනදා සිට තෙල් පිරිපහදුව ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. එදින සිට දින දෙකක් තුනක් යනකොට භූමිතෙල් නිෂ්පාදනය කරන්න පුළුවන් වෙනවා.” 

“ඒ අනුව 19 වනදා සිට අඛණ්ඩව භූමිතෙල් ලබාදීමේ ක්‍රියාවලිය ක්‍රියාත්මක කරනවා.” 

“පසුගිය කාලයේ භූමිතෙල් ලබාදුන්නාම ඒක ධීවරයින්ට යන්නේ නැතුව අවභාවිත වුණා. පෞද්ගලික බස් රථ ඩීසල් වෙනුවට භූමිතෙල් භාවිත කළා. ඒ නිසා ඒකත් වැළකෙන්න ඕනේ.”

“අනික භූමිතෙල් රුපියල් 87ක වගේ මුදලකට දෙනකොට කළමනාකරණය කිරීමේ විශාල හැකියාවකුත් නැහැ. ඒ නිසා මිල සංශෝධනයක් කිරීමට මේ වනවිට රජයේ අවධානය යොමුවෙලා තිබෙනවා.”

“ධීවර, වැවිලි සහ අඩු ආදායම්ලාභීන් ඉලක්ක කරගෙන භූමිතෙල් ලබාදීමේ වෙනම වැඩපිළිවෙලක් සකස් කරන්නත් යෝජනාවෙලා තිබෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img