Sunday, November 8, 2026
HomeNEWSපාර්ලිමෙන්තුව ආරක්ෂා කරගත් සියලූම ආරක්ෂක අංශ වෙත ප්‍රණාමය පුද කරන බව පාර්ලිමේන්තුවේ...

පාර්ලිමෙන්තුව ආරක්ෂා කරගත් සියලූම ආරක්ෂක අංශ වෙත ප්‍රණාමය පුද කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.


 ඇතැම් අරගලකරුවන්ට අවශ්‍ය වෙලා තිබුණේ පාර්ලිමේන්තුව විනාශ කිරීමටය.
 තරුණ පරපුර රවටා අරගලවලට ගෙන ඒමට බංකොලොත් පිරිස් උත්සාහ ගන්නවා
පාර්ලිමේන්තු සංකීර්ණය ආරක්ෂා කරගනිමින් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීමට ක්‍රියාකළ සියලූම ආරක්ෂක අංශ වෙත ප්‍රණාමය පුදකරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.
ඇතැම් අරගලකරුවන්ට අවශ්‍ය වී තිබෙන්නේ මේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයට අභියෝග කිරීමට බවත් එසේ වූවහොත් මෙරට ප්‍රජාතන්ත්‍රවාදය විනාශ වන නිසා රටට ආදරය කරන සියලුම දෙනාගේ වගකීම විය යුත්තේ රටේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීම බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
පසුගිය 13 වැනිදා පාර්ලිමේන්තු සංකීර්ණය විනාශ කිරීම සඳහා අරගලකරුවන් පිරිසක් පැමිණි අතර පාර්ලිමේන්තුව ආරක්ෂා කිරීමට ආරක්ෂක හමුදා එදා ක්‍රියාත්මක නොවුණානම් එය රටේ ප්‍රජාතන්ත්‍රවාදයට බරපතල තර්ජනයක් වීමට ඉඩ තිබූ බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.
“සැබෑ විප්ලවය මඟින් ඇතැම් රටවල ගමන් මඟ වෙනස් කරපු ඉතිහාසගත සිද්ධි ඕනෑතරම් තියෙනවා. නමුත් පසුගිය දිනවල අරගලය කියලා අපේ රටේ ක්‍රියාත්මක වුණේ එක එක පක්ෂවල, විවිධ සංවිධානවල පටු අරමුණු වෙනුවෙන් අපේ අනාගත පරපුර බිල්ලට දෙන එක.”
නීති විරෝධී ක්‍රියාවලට ඇතැම් තරුණ තරුණියන් රවටලා තමන්ගේ වුමනාවන් ඉටුකරගත් ඇතැම් දේශපාලන නායකයින් දැන් නිහඬයි.
එතකොට මේ තරුණ පරපුර රවටලා ඔවුන් නීති විරෝධී ක්‍රියාවලට යොමු කළ දේශපාලන පක්ෂවල නායකයින්ගෙන් අද සාමාජය ප්‍රශ්න කළ යුතුයි. මේ ආකාරයට තරුණ පරපුර අරගලවලට යොදා ගෙන ඔවුන්ගේ අනාගතය විනාශ කරන්න ඉඩ දෙනවාද?
මෙවැනි අවස්ථාවාදී බංකොළොත් දේශපාලන නායකයින්ට රැවටෙන්න එපා කියලා මං තරුණ පරම්පරාවෙන් ඉල්ලීමක් කරනවා.
නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දා වීරකැටිය සහ කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල පැවති පුටු බෙදාදීමේ අවස්ථාවන්වලට සහභාගී වෙමිනි.
කොරෝනා ‍ලෝක වසංගතය සමඟ පැමිණි ලෝක ආර්ථීක අර්බුදය හේතුවෙන් මෙරට ඇතිවූ ආර්ථීක අර්බුදය ජය ගැනීම සඳහා වගකිව යුතු රජයක් ලෙස වත්මන් රජය කටයුතු කරමින් සිටින බවත් රට සංවර්ධනය කරන අතරතුරම ජනතාවට අවශ්‍ය සේවාවන් ලබාදීමට ක්‍රියාකරන බවද නියෝජ්‍ය කථානායකවරයා සඳහන් කළේය.
වීරකැටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගම්මාන 08ක සමිතිවලටත් කටුවන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ගම්මාන 13 ක සමිතිවලටත් පුටු ප්‍රදානය කිරීම නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.
2022 වසරේ අජිත් රාජපක්ෂ මහතාගේ විමධ්‍යගත මුදලින් මෙම පුටු බෙදාදීම සිදුවූ අතර බෙදාදුන් පුටුවල වටිනාකම රුපියල් ලක්ෂ 8කට ආසන්න වේ.
ඇතැම් දුෂ්කර ගම්මානවල විවිධ රැස්වීම් පවත්වන විට ජනතාවට අසුන් ගැනීමටවත් පහසුකම් නොමැති තත්ත්වයක් ඇති බව දැනගත් නි‍යෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙසේ පුටු ලබාදීමට තීරණය කළේය. ඊට අමතරව එම ගම්මානවල පවත්වන විවිධ උත්සව සඳහා මෙම පුටු නොමිලේ ලබාගත හැකිය.
ගම්මාන කිහිපයකටම විවිධ උත්සව පැවැත්වීම සඳහා අවශ්‍ය උත්සව පැවැත්වීම සඳහා අවශ්‍ය කරන පුටු මෙසේ බෙදාදීම ගැන එම ප්‍රදේශවාසීහු සිය සතුට ප්‍රකාශ කළහ.
වීකැටිය ප්‍රාදේශීය ලේකම් කුමුදු චතුරංගනී, කටුවන ප්‍රාදේශීය ලේකම් ආර්.ඒ. චතුරි දමිත්‍රා යන මහත්මීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්වලට සහභාගී වූහ.
අදාළ ඡායාරූප එවා ඇත.
මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img