Sunday, November 8, 2026
HomeNEWSදරුවන්ට ලිංගික අපයෝජන කළ සැකකරු අත්අඩංගුවට

දරුවන්ට ලිංගික අපයෝජන කළ සැකකරු අත්අඩංගුවට

දරුවන් ලිංගික අපයෝජන සඳහා යොදවා ගැනීමේ චෝදනාව මත සැකකරුවෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අදාළ සැකකරු ගාල්ල උණවටුන ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

ගාල්ල ප්‍රදේශයේ පාසල් කිහිපයක දරුවන්ගේ දෙමව්පියන් විසින්, පුද්ගලයෙකු තම දරුවන් ලිංගික අපයෝජනයන්ට යොදා ගැනීමක් සම්බන්ධයෙන් ලබාදෙන ලද තොරතුරු අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ සම්බන්ධයෙන් අදාළ දරුවන්ගෙන් ද තොරතුරු අනාවරණය කරගෙන ඇති අතර වට්ස්ඇප් මාර්ගයෙන් අපයෝජනයන් සඳහා දරුවන් යොදාගෙන ඇති බව අනාවරණය වී ඇත.

දිවයිනේ විවිධ ප්‍රදේශවල දරුවන් මේ සඳහා සම්බන්ධ කරගෙන ඇති බවත් ඒ සඳහා විවිධ ස්ථාන භාවිත කර ඇති බවත් පොලීසිය පවසයි.

සැකකරු අද (11) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 23 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.  

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img