ආරම්භක වසර දෙක සඳහා මෙරටට නොමිලේ ලබාදීමට එකඟ වූ ඉන්දියානු නාවික හමුදාවට අයත් ඩෝනියර් වර්ගයේ සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානය අද ශ්‍රී ලංකාව වෙත භාරදී තිබේ.
ඉන්දීය මහකොමසාරිස් ගෝපාල් බාග්ලේ විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත කටුනායකදී ගුවන් යානය නිල වශයෙන් භාරදීම සිදුකළේය.
එම අවස්ථාවට ඉන්දීය නාවික හමුදා උප ප්‍රධානී වයිස් අද්මිරාල් සතිෂ් එන් ගෝර්මඩේ මහතාද එක්වී ඇත.
2018 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දීය රජයෙන් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් ඉන්දියානු නාවික හමුදාවට අයත් මෙම යානය ශ්‍රී ලංකාව වෙත භාරදී තිබේ.
ශ්‍රී ලංකාව වෙත මෙලෙස පරිත්‍යාග කරන ලද ඩෝනියර් – 228 ගුවන් යානය සමුද්‍රීය නිරීක්ෂණ ගුවන් යානයකි.
එමගින් මුහුදු කලාපවල ආවේක්ෂණ කටයුතුවල නිරතවීමේ සුවිශේෂී හැකියාවක් පවතී.
මෙම ගුවන් යානා පියාසර කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 දෙනෙකු ඉන්දියාවේදී මාස හතරක විශේෂ පුහුණුවක්ද ලබා තිබීම විශේෂත්වයකි.






















