Sunday, November 8, 2026
HomeNEWSවිදුලි කප්පාදුවේ වෙනසක්

විදුලි කප්පාදුවේ වෙනසක්

හෙට (16) සිට 19 වනදා දක්වා පැය 3ක කාලයක් දෛනිකව විදුලිය කප්පාදු කිරීමට මහජන උපයෝගීතා කොමිසම අවසර ලබාදී තිබේ.

ඒ අනුව A,B,C,D,E,F,G,H,I,J,K,L,P,Q,R,S,T,U,V,W කාණ්ඩ සඳහා දිවා කාලයේ පැයයි මිනිත්තු 40ක කාලයක් සහ රාත්‍රී කාලයේ පැයයි මිනිත්තු 20ක කාලයක් විදුලිය කප්පාදු කෙරේ.

එමෙන්ම CC කාණ්ඩයට අයත් ප්‍රදේශවලට උදෑසන 6ත් 8.30ත් අතර කාලයේ පැය 2යි මිනිත්තු 30ක කාලයක් විදුලි කප්පාදුව සිදුකෙරේ.

තවද M,N,O,X,Y,Z යන කලාප සඳහා උදෑසන 5.30ත් 8.30ත් අතර පැය තුනක කාලයක් විදුලිය විසන්ධි කිරීමට නියමිතය.

නොරොච්චෝලේ ලක්විජය විදුලි බලාගාරයේ මෙගා වොට් 300 ධාරිතාවයකින් සමන්විත පළමු ජනන යන්ත්‍රය මේ වනවිට හදිසියේ ඇති වූ තාක්ෂණික දෝශයක් හේතුවෙන් අක්‍රීය වී තිබේ. 

එම ජනන යන්ත්‍රය යථා තත්ත්වයට පත් කිරීම සඳහා දළ වශයෙන් සති 02ක පමණ කාලයක් වැය වෙතැයි අපේක්ෂා කෙරෙන බව ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි.

තවද මේ වනවිට ලක්විජය බලාගාරයේ දෙවන ජනන යන්ත්‍රයේද අත්‍යවශ්‍ය නඩත්තු කටයුතු මේ දිනවල සිදුකරන බැවින් එහි සම්පූර්ණ ධාරිතාවය මෙගා වොට් 300ක ප්‍රමාණයද ජාතික පද්ධතියට අහිමි වී ඇති බව විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් පවසයි.

එමනිසා මේ වනවිට ජාතික විදුලිබල පද්ධතියට මෙගා වොට් 600ක ප්‍රමාණයක් අහිමි වී ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img