ඩලස් අලහප්පෙරුම මහතා ඇතුළු මන්ත්‍රීවරුන් 14 දෙනාගේ කණ්ඩායම රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සුදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සභාපති, මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පවසයි.
අද (20) අනුරාධපුර පූජා භූමියට පැමිණි අවස්ථාවේ මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා මේ බව සඳහන් කළේය.
පාර්ලිමේන්තුවේ පැවති ජනාධිපතිවරයා තෝරාගැනීමේ අවස්ථාවේ ඩලස් අලහප්පෙරුම මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම අද මෙලෙස අනුරාධපුර පුජා භුමියට පැමිණ තිබුණි.
පවතින ඉන්ධන ගැටලුව සැලකිල්ලට ගෙන සිය පෞද්ගලික රථවාහනවල වෙන වෙනම පැමිණීම වෙනුවට මන්ත්‍රී කණ්ඩායම කොළඔ සිට අනුරාධපුරය දක්වා පැමිණ තිබුණේ බස්රථයකිනි.
අනුරාධපුරයට පැමිණි මන්ත්‍රී කණ්ඩායම ප්‍රථමයෙන් ශ්‍රී මහා බෝධින් වහන්සේ වැඳ පුදාගෙන ආශීර්වාද ලබාගෙන තිබුණි.
අනතුරුව මන්ත්‍රී කණ්ඩායම ස්වර්ණමාලි චෛත්‍යරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරත්න නාහිමියන් බැහැදැක තිබුණි.
මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා,
“රට වෙනුවෙන් වැදගත් තීරණ කිහිපයක් ගැනීමට සූදානම්. අනුරාධපුරයෙන් ඒ ගමන ආරම්භ කරනවා.. ත්‍රිවිධරත්නයේ ආශිර්වාදය සමගින්.”






















