අරලියගහ මන්දිරයට ඇතුළුවී එහි දේපළවලට අලාභහානි සිදුකළ බවට චෝදනා එල්ලවී ඇති සැකකරුවන් පිරිසක් හඳුනාගැනීමට පොලීසිය මහජන සහාය ඉල්ලා සිටී.
2022.07.09 වනදා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් මෙම සැකකරුවන් හඳුනාගැනීමට අවශ්‍ය බව කොළඹ දකුණ කොට්ඨාසයේ කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.
පොලිස් මූලස්ථානය දැනුම්දෙන්නේ එම සැකකරුවන් ගැන තොරතුරු දන්නේ නම් 0112 421 867, 0763 477 342, 1997 යන අංක වෙත දැනුම්දෙන ලෙසය.

























