ආබාධිත තත්ත්වයේ පසුවෙමින් ස්වයං රැකියා නිරතවෙමින් ජීවිතය ගොඩනැඟීමට උත්සාහ ගනු ලබන පුරවැසියන්ට රජයෙන් ලබාදෙන අනුග්‍රහය වැඩිකිරීම සඳහා අදාළ අංශවල අවධානය යොමුකිරීමට තමා කටයුතු කරන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.විවිධ ආබාධවලට ලක්වූ ලක්ෂයක් පමණ පුරවැසියන් රටපුරා විවධ ස්වයං රැකියාවල නිරතවන බවත් වසරකට ආබාධවලට ලක්වූ පුද්ගලයින් 500කට ආසන්න සංඛ්‍යාවක් ස්වයං රැකියා අවස්ථා සඳහා ඉල්ලුම් කරන බවත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෙන්වා දෙන ලදී.නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ සූරියවැව නුගේකන්ද ප්‍රදේශයේ ආබාධිත තත්ත්වයේ පසුවෙමින් ස්වයං රැකියාවක නිරතවන ලහදපුරගේ ආනන්ද මහතාගේ ස්වයං රැකියා ව්‍යාපාරය ගැන සොයාබැලීමට පසුගියදා ගිය අවස්ථාවේදීය.ගෘහ විදුලි උපකරණ අළුත්වැඩියා කිරීමේ ස්වයං රැකියාවක ආනන්ද මහතා නිරතවෙන අතර ඒ මහතාට රජයෙන් ලබාදෙන මූල්‍ය අනුග්‍රහය වැඩිකිරීමට ඇති හැකියාව සොයා බලන ලෙසත් දැනට ලබාදෙන අනුග්‍රහය අඛණ්ඩවම ලබාදීමට කටයුතු කරන ලෙසත් නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් සූරියවැව ප්‍රාදේශීය ලේකම්වරයාට දැනුම් දෙන ලදී.මීට අමතරව නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා විසින් පෞද්ගලික මූල්‍ය පරිත්‍යාගයක්ද ආනන්ද මහතාට ලබාදෙන ලදී.ආබාධිත පුද්ගලයින් වෙනුවෙන් ක්‍රියාත්මකවන ආබාධිත මහලේකම් කාර්යාලය මඟින් ස්වයං රැකියාවක් ආරම්භ කිරීමට ආබාධිත පුද්ගලයෙකුට ලබාදෙන මූල්‍ය ප්‍රධානය රුපියල් 25,000කි.එළවළු වගාකිරීම, සත්ව පාලනය, මල් වගා කිරීම, සුරතල් මසුන් ඇති කිරීම, හතු වගා කිරීම, පාවහන් අළුත්වැඩියා කිරීම, බෑග් මැසීම, ලොතරැයි අලෙවිය ඇතුළු ස්වයං රැකියාවල ආබාධිත පුද්ගලයෝ නිරත වෙති.ආබාධිත පුරවැසියන් ලෙස ස්වයං රැකියාවල නිරතවන පිරිස් වෙත ලබා දිය හැකි සහන තවදුරටත් ලබාදීම කෙරෙහි අදාළ අංශවල අවධානය යොමු කිරීමට කටයුතු කරන බවද නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.අදාළ ඡායාරූප එවා ඇත.මෙම ප්‍රවෘත්ති නිවේදනය සඳහා ඔබ මාධ්‍ය මඟින් ප්‍රචාරයක් ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාරුණිකව ඉල්ලා සිටිමි






















