මන්ත්‍රී ධූරයෙන් ඉවත්වන ලෙස තමාට කිසිදු පාර්ශවයක් ඉල්ලීම් සිදුකර නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොළ මහත්මිය පවසන්නීය.
එමෙන්ම මන්ත්‍රී ධූරයෙන් ඉවත්වීමට තමන්ට පෞද්ගලිකව අවශ්‍යතාවක් නොමැති බවද ඇය සඳහන් කළාය.
සීතා අරඹේපොළ මහත්මිය පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් වන බවට පැතිර යන වාර්තා පිළිබඳව “අද දෙරණ” කළ විමසීමකට පිළිතුරු දෙමින් ඇය මේ බව කියාසිටියාය.
මන්ත්‍රීවරිය එම ධුරයෙන් ඉල්ලා අස්වී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ට පාර්ලිමේන්තුවට පිවිසීමට අවස්ථාව සලසා දෙන බවට මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ විවිධ තොරතුරු වාර්තා කර තිබේ.
මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමක දී ඇය සඳහන් කළේ, තමාගේ පෞද්ගලික අවශ්‍යතාවක් මත මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වුන ද හිස් වු මන්ත්‍රී ධූරය සඳහා පත්කරනු ලබන පුද්ගලයා සම්බන්ධයෙන් තීරණය කරුණු ලබන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය බවය.
ඒ සඳහා තමාට බලපෑම් කිරීමට ද කිසිදු අවශ්‍යතාවක් නොමැති බවද සීතා අරඹේපොළ මහත්මිය “අද දෙරණ” කියා සිටියාය.






















