Sunday, November 8, 2026
HomeNEWSමහින්ද ඇතුළු පිරිසක් ඡන්ද විමසීමට නොඑති

මහින්ද ඇතුළු පිරිසක් ඡන්ද විමසීමට නොඑති

22 වන ආණ්ඩුක්‍රම ව්‍යාවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද (21) වැඩි ඡන්යෙන් සම්මත් විය.

කෙසේවෙතත් ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා අද මන්ත්‍රිවරුන් පිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ සිටියේ නැත.

එලෙස නොපැමිණි මන්ත්‍රිවරු අතර ආණ්ඩු පක්ෂය නියෝජනය කරන මන්ත්‍රිවරුන් විශාල පිරිසක් විය.

එලෙස නොපැමිණි මන්ත්‍රිවරුන් අතරට, 

ආණ්ඩු පක්ෂය නියෝජනය කරන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම්, ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, එස්.එම්. චන්ද්‍රසේන, ගාමිණී ලොකුගේ, රෝහිත අබේගුණවර්ධන, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සංජීව එදිරිමාන්න ඇතුළු මන්ත්‍රිවරු පිරිසක් ඇතුළත් ය.

මේ අතර, කාරක සභා අවස්ථාවෙන් අනතුරුව තෙවන වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වුණු අතර එහිදි 22 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට පක්ෂව ඡන්ද 173 ක් හිමි විය.

එයට  විරුද්ධව ඡන්දය භාවිත කළේ සරත් වීරසේකර මන්ත්‍රීවරයා පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img