පසුගිය ඔක්තෝබර් 12 වනදා අහුංගල්ල ප්රදේශයේදී පුද්ගලයෙක් ඝාතනය කිරීමට උත්සාහ දැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයෙක්ව විශේෂ කාර්ය බළකා නිලධාරී කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
විශේෂ කාර්ය බළකායේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකය II නිලධාරින්ට ලද බුද්ධි තොරතුරකට අනුව ඊයේ (23) රඹුක්කන පොලිස් වසමේ වාගොල්ලවත්ත, කූරෙම්පොල, රඹුක්කන ලිපිනයේ දී වැටලීමක් සිදුකර ඇත.
එහිදී ඔක්තෝබර් 12 වනදා අහුංගල්ල හෝටලයක් ඉදිරිපිට ගාල්ල කොළඹ ප්රධාන මාර්ගයේ දී T56 ගිනි අවියකින් වෙඩිතබා පුද්ගලයෙකුව ඝාතනය කිරීමට තැත් කිරීමේ සිදුවීමට අදාළ ව එම සැකකරුවන් පැමිණි මෝටර් රථය පදවාගෙන පැමිණි පුද්ගලයාව අත්අඩංගුවට ගෙන තිබුණි.
එම සැකකරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අහුංගල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.
මෙම සැකකරු රඹුක්කන ප්රදේශයේ පදිංචි වයස අවුරුදු 41 ක පුද්ගලයෙකි.






















