Sunday, November 8, 2026
HomeNEWSඅසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන්.ආයෝජනය කිරීමට සූදානම් බව...

අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම් ශ්‍රී ලංකාවේ විශාල වශයෙන්.ආයෝජනය කිරීමට සූදානම් බව දකුණු කොරියානු ආයෝජකයෝ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතාට දැනුම් දෙති

ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදු කිරීමට දකුණු කොරියානු ආයෝජකයින් විශාල පිරිසක් සිටින සූදානමින් බව, පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වී දකුණු කොරියානු ආයෝජකයෝ ප්‍රකාශ කරති.

පසුගියදා පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක කාර්යාලයේදී දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා හමු වූ අවස්ථාවෙදී දකුණු කොරියානු ආයෝජකයෝ මේ බව ප්‍රකාශ කළහ.

“හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව හැදුවේ දකුණු කොරියාව. ඒ සම්මන්ත්‍රණ ශාලාවෙන් ප්‍රයෝජනයක් ගන්නේ නැතුව වී වේලනවා, මිරිස් වේලනවා කියලා දකුණු කොරියාවෙත් යම් යම් ප්‍රචාරයන් සිදු වෙනවා” යනුවෙන් දකුණු කොරියානු ආයෝජකයෙකු වන සන්ග් වූ චෝ (Sung Woo Choi) මහතා ප්‍රකාශ කළේය.

ඊට ප්‍රතිචාර දක්වමින් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඇතැම් දේශපාලන පක්ෂ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු කරන බවයි. 

“හම්බන්තොට සංවර්ධනය කළේ ඒ සංවර්ධන ප්‍රතිලාභ මුළු රටටම ගෙන ඒමටයි.  හම්බන්තොට ජාත්‍යන්තර වරාය, මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ, හම්බන්තොට ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාව, සූරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණය ඇතුළු සංවර්ධන ව්‍යාපෘති රැසක් මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ  පාලන කාලයේ දී සිදු කළා.   නමුත් ඊට පසුව පැමිණි ආණ්ඩුව එම සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජන නොගෙන අතහැර දැම්මා.  එහෙම අතහැර දාලා ඊට පස්සේ කියනවා, ඒවායින් ප්‍රයෝජනයක් නැහැයි කියලා.  ඊට පස්සේ මේවායින් කරන්නේ වී වේලනවා, මිරිස් වේලනවා වැනි අසත්‍ය ප්‍රචාර සිදු කරනවා.  මේක අවාසනාවන්ත තත්ත්වයක්.”

නමුත් වර්තමාන ජනාධිපතිතුමා, අග්‍රමාත්‍යතුමා ප්‍රමුඛ ආණ්ඩුව මේ තත්ත්වය හොඳින් තේරුම් ගෙන මෙම සංවර්ධන ව්‍යාපෘතිවලින් ප්‍රයෝජන ගෙන හම්බන්තොට නිසි සංවර්ධන මාවතකට ගෙන ඒමට කටයුතු කරමින් සිටිනවා” යනුවෙන් පැහැදිළි කිරීමක් සිදුකළ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා කියා සිටියේ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන ලෙසට තමා දකුණු කොරියානු ආයෝජකයින්ට ආරාධනා කරන බවයි.

එම ආරාධනාව පිළිගත් සන්ග් වූ චෝ මහතා කියා සිටියේ තමා තවත් දකුණු කොරියානු ආයෝජකයින් පිරිසක් සමඟ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණය කිරීම සඳහා පැමිණෙන බවයි. 

හම්බන්තොට තවත් ආයෝජන ව්‍යාපෘති සිදු කිරීම සඳහා දකුණු කොරියාවේ අවධානය යොමු වී තිබෙන බව ද සන්ග් වූ චෝ මහතා විසින් පෙන්වා දෙන ලදී.

ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර සිදු නොවෙනවා නම් මෙරට තවත් ආයෝජන සිදු කිරීමට දකුණු කොරියානු ආයෝජකයින් කැමැත්තෙන් පසුවෙන බවයි.

එවැනි අසත්‍ය ප්‍රචාර ප්‍රතික්ෂේප කරමින් ශ්‍රී ලංකාවේ ආයෝජන සිදුකරන ලෙස තමා ඉල්ලිමක් කරන බවත්, ශ්‍රී ලංකාවට දකුණු කොරියාව ලබාදෙන සහාය තමා බෙහෙවින් අගය කරන බවත් එම සහාය ඉදිරියටත් ලැබෙනු ඇතැයි කියා තමා දැඩිව අපේක්ෂා කරන බවත් පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය කථානායක අජිත් රාජපක්ෂ මහතා මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

මෙම අවස්ථාවට දකුණු කොරියාවේ වෙසෙන ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු වන රුවන් පීරිස් සහ මංජුල වීරරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද සහභාගී වූහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img