Sunday, November 8, 2026
HomeNEWSනාමල් දඩයම්

නාමල් දඩයම්

කිරීමනාමල් රාජපක්ෂ මන්ත්‍රිවරයා සහ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් පිරිසක් ඇතුළු නාමල්ගේ හිතවතුන් පිරිසක් අතර පසුගිය 01 වැනිදා කොළඹ එක්තරා ස්ථානයක දී සාකච්ඡාවක් පැවැත්විණි.වර්තමාන දේශපාලන තත්ත්වය, රටේ ආර්ථිකය 14 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අයවැය පිළිබඳ මෙහිදී දීර්ඝ වශයෙන් කතාබහ විය.“මන්ත්‍රීතුමා දැන් කොහොමද, ඔබතුමාගේ නඩුවල තත්තවය” එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විමසීය. “මාව දේශපාලන වශයෙන් දඩයම් කරන්න දාපු නඩුනේ මේවා. නඩු ගැන කතා කරන්න මං කැමති නැහැ. ඒත් සාක්ෂිවල පරස්පරතා වලින් මේ නඩු සේරම ගොතපුවා බව පැහැදිළි වෙනවා” යනුවෙන් නාමල් රාජපක්ෂ විසින් පෙන්වා දෙන ලදී.රාජපක්ෂවරුන්ගෙනුත් උපරිම ලෙස දඩයම් කරන්න හදන්නේ නාමල් රාජපක්ෂ නේද? යනුවෙන් තවත් මන්ත්‍රීවරයෙකු විමසුවේය.“ඔය දඩයම්වලට බය නම් මේ රටේ දේශපාලනය කරන්න බැහැ” යනුවෙන් ඊට නාමල් පිළිතුරු දුන්නේ මුවඟට සිනහවක් ද නඟමිණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img