Sunday, November 8, 2026
HomeNEWSධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

ධනුෂ්ක ට ක්‍රිකට් තහනමක්

වහාම ක්‍රියාත්මක වන පරිදි ධනුෂ්ක ගුණතිලකට සියලු ආකාරයේ ක්‍රිකට් ක්‍රීඩා කිරීම තහනම් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.T20 ලෝක කුසලානය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා සංචිතයේ සිටි පිතිකරු ධනුෂ්ක ගුණතිලක ඊයේ (06) අලුයම 01ට පමණ ඔස්ට්‍රේලියා පොලීසියේ අත්අඩංගුවට පත්ව තිබුණි.ඒ සිඩ්නි හි නැගෙනහිර රෝස් බේහි පදිංචි 29 හැවිරිදි තරුණියක් ගොනුකළ ලිංගික අතවර කිරීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ලකට අදාළවය.dating app ඔන්ලයින් යෙදවුමක් හරහා මුල්වරට තමන් ධනුෂ්ක ගුණතිලකව හඳුනාගත් බවත්, පසුව රෝස් බේහි පිහිටි තම නිවසේදි ඔහු තමන්ව ලිංගික අතවරයට ලක්කළ බවටත් අදාළ තරුණිය පැමිණිල්ල ගොනු කර තිබුණි.සිදුවීම සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත පොලීසිය සඳහන් කළේ සැකකාර ධනුෂ්ක ගුණතිලක අවස්ථා කිහිපයකදී තමන්ට පහරදුන් බවටද පැමිණිලිකාරිය චෝදනා ඉදිරිපත් කර ඇති බවය.අත්අඩංගුවට ගනු ලැබු සැකකාර ධනුෂ්ක ගුණතිලක Sydney City පොලිසිය විසින් ලිංගික අතවර චෝදනා 04ක් සම්බන්ධයෙන් ඊයේ පැරමටා පොලිස් අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණද, එහිදි ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරුණි.ඒ අනුව සිඩ්නි හි රැඳවුම් මධ්‍යස්ථානයක රඳවා සිටි ධනුෂ්ක ගුණතිලක අද දෙවන වරට Sydney City පොලීසිය විසින් ඩව්නිං සෙන්ටර් ප්‍රාදේශීය උසාවිය වෙත ඉදිරිපත් කෙරුණේ විඩියෝ තාක්ෂණය ඔස්සේය.විඩියෝ තාක්ෂණය ඔස්සේ අධිකරණයේ පෙනී සිටි ධනුෂ්ක අළු පැහැති ටී – ෂර්ටයක් ඇඳ සිටි බවත් ඔහු අධිකරණය ඉදිරියේ සිය අනන්‍යතාවය තහවුරු කිරීමට පමණක් කතා කළ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබුණි.එහි වැඩිදුරටත් දැක්වුණේ ධනුෂ්කගේ දෑතට මාංචු යොදා ඇති ආකාරයද නිරීක්ෂණය වු බවය.ඒ අනුව ඩව්නිං සෙන්ටර් ප්‍රදේශිය උසාවියේ මහෙස්ත්‍රාත් රොබට් විලියම් හමුවේ මෙම නඩුව කැඳවු අවස්ථාවේ ධනුෂ්ක වෙනුවෙන් නීතිඥ ආනන්ද අමරනාත් මහතා ඇප ඉල්ලීමක් සිදුකර ඇත.කෙසේවෙතත් ලිංගික අපරාධ සම්බන්ධයෙන් වන ඔස්ට්‍රේලියානු රජයේ නීති මෑතකදී දැඩි කර තිබීම සහ සැකකරු විදේශීය පුද්ගලයෙකු වීමේ පදනම යටතේ මහෙස්ත්‍රාත්වරයා විසින් ධනුෂ්කට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර තිබේ.ඒ අනුව ධනුෂ්ක දින 05ක කාලයක් සඳහා පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් කරා යොමු කරනු ඇතැයි වාර්තා වේ.කෙසේ වෙතත් ධනුෂ්ක වෙනුවෙන් පෙනී සිටින නීතිඥ මණ්ඩලය සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් යළි ඉහළ උසාවියකට ඇප අයැදුමක් සිදුකිරීමට බලාපොරොත්තු වන බවය.ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ගත් තීරනය පිළිබඳව ක්‍රිකට් ආයතනය යොමුකළ සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ වෙඩි තැබීමක්.. 6 දෙනකු මරුට

පෝලන්තයේ ක්‍රාකොව් නගරයේ ප්‍රධාන වෙළඳපොළ පරිශ්‍රයට මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙකු, එහි සිට කළ වෙඩි තැබීමකින් කාන්තාවන් 04 ක් ඇතුළු 06 දෙනෙකු ජීවිතක්ෂයට. 15 කට...

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img