Friday, September 25, 2026
HomeNEWSLatest Newsආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැහැ.

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැහැ.

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර
ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැහැ.

ආණ්ඩු බලය ලබාගත් විට ශ්‍රිලනිපයට ඇමතිධූර ලබා දෙන බවට කිසිදු එකගතාවයක් නැතැයි කාර්මික අපනයන, ආයෝජන ප්‍රවර්ධන, සංචාරක හා ගුවන් සේවා ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි. තම පක්ෂය ගිවිසුමකට එළඹ ඇත්තේ ශ්‍රිලනිපය සමග මිස එහි සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා සමග නොවන බව ද රණතුංග මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මෛත්‍රීපාල සිරිසේන මහතා සමග සිටින කණ්ඩායම ඉදිරි මහ මැතිවරණයෙන් පසු කුමනාකාරයෙන් කටයුතු කරාවිදැ‘යි සැලකිලිමත් විය යුතු බවත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ශත පහකටවත් විශ්වාස කළ නොහැකි බවත් පෙන්වා දෙන ඇමති ප්‍රසන්න රණතුංග මහතා මහින්ද හැර යන කිසිවෙකු පාර්ලිමේන්තුවට නොඑන තරමට රට සුරක්ෂිත බව අවධාරණය කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් දොම්පෙ ආසන බල මණ්ඩලයට පහුගිය දා (27)  එක්වෙමින් ඇමතිවරයා මේ බව සදහන් කළේය. දොම්පෙ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු සංවිධායක මිලාන් ජයතිලක මහතා සංවිධානය කර තිබුණි. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙසේ ද කීවේය.

ජනාධිපතිවරණය වෙලවේ දී එක තැනක දී කථා වුණා මෛත්‍රීපාලව ජනාධිපති අපේක්ෂකයා කරන්න. මහින්ද මහත්තයාට ජනාධිපතිවරණයට ඉල්ලන්න බැරි නිසා මෛත්‍රීව ජනාධිපතිවරණයට දාලා මහින්ද මහතත්යාව පූර්ණ බලතල සහිත අගමැති කරන්නයැයි උකුස්සෝ ටික යෝජනා කළේ. හැබැයි මම එතන දී කිව්වා මෛත්‍රීපාලව ශතපහකට විශ්වාස කරන්න බෑ කියලා. මම ඒකට එකග වුණේ නෑ. මේක මම විහිලුවට නෙමෙයි කියන්නේ.  ආප්පයක් කාලා කරඩුව ඔළුවේ තියන් ගිහිල්ලා කරඩුව පූජා කරලා පහුවදා ගිහින් මහින්ද මහත්තයාගේ පිටට පිහියෙන් ඇන්නා. ඒකයි අපි කිව්වේ පොහොට්ටුවෙන් මිසක් ජනාධිපතිවරණය තරග කරන්න බෑ කියලා. දැන් මෛත්‍රීගේ මිනිස්සු ටිකක් ලංකාව පුරා තරග කරනවා. බැරිවෙලාවත් මේ අය පාර්ලිමේන්තුවට ආවොත් මොන මොන විදිහේ බලපෑම් කරයි ද දන්නේ නෑ. ඇමතිකම් ඉල්ලයි. සමහරවිට අගමැතිකමත් ඉල්ලයි. අපි ශ්‍රීලනිපයත් සමග ඇති කරගත් ගිවිසුමේ කොහෙවත් ඒ අයට ඇමතිකම් දෙන්න එකගතාවයක් නෑ. ඒත් ඒ අය අපට කොන්දේසි දාන්න ඉඩ තියෙනවා. ඒ නිසයි අපි කියන්නේ මෛත්‍රීට ගෑවුණු කාටවත් ඡන්දය දෙන්න එපා කියලා. මොකද ඒ තරමට මෛත්‍රී අපිට අවිශ්වාසයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් එක්ක නෙමෙයි අපිට ප්‍රශ්නෙ තියෙන්නේ. අපිට ප්‍රශ්නෙ තියෙන්නේ මෛත්‍රීත් එක්කයි. 

එක්සත් ජාතික පක්ෂයයි, සමගි ජන බලවේගයයි අද එකිනෙකා කා කොටා ගන්නවා. එළිවෙන ජාමෙට හොද හොද සෙල්ලම් කියන්න වගේ මේ දෙගොල්ලෝ කෙළ ගන්නකොට තමයි ඇත්ත එළියට එන්නේ.  සජිත් කියනවා රනිල් හොරා කියලා. රනිල් කියනවා සජිත් හොරා කියලා. රට ම දන්නවා මේ දෙන්නම හොරු කියලා. මහ බැංකුව මහා දවාලේ මංකොල්ලකාපු හොරු. මම දැක්කා සජිත් ප්‍රේමදාස මහත්තයා තමන්ගේ පක්ෂයේ ලාංඡනය වෙනුවට වෙන එකක් උස්සලා පෙන්නනවා. පක්ෂයේ ලාංඡනය මතක නැති කෙනා කොහොමද රටක් කරන්නේ. සජිත්ගේ ඔළුව දැන් මඤ්ඤං වෙලා තියෙන්නේ.  කොරෝනා පිට දාලා මැතිවරණය කල් දාගන්න මාන බැලුවා. හැබැයි වැඩේ කෙරුණේ නෑ. දැන් මැතිවරණයට මූණ දීගන්න බැරැව විපක්ෂයේ මුඛ පූට්ටු වෙලා. ආණ්ඩුව ගැන අල්ලෙ පැළවෙන බොරු කියලා ජනතාව රවටලා ඡන්දය ගන්නයි විපක්ෂය හදන්නේ.  2015 දී මේ අය කළෙත් ඒක.

ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනතාවාදී ගමන එතනින් නතර කරන්න තමයි විපක්ෂය මේ දගලන්නේ. රට නැවත ගොඩගන්න නම් ස්ථාවර ආණ්ඩුවක් බිහි විය යුතුයි. යහපාලන ආණ්ඩුව කාලයේ සිද්ධ වුණේ ජනපති හා අගමැති රට දෙපැත්තට අදින එකයි.  මේ තත්ත්වය නැවත ඇතිවෙන්න  ඉඩ නොදිය යුතුයි.  ඒ සදහා අප ස්ථාවර ආණ්ඩුවක් බලයට පත් කළ ගත යුතුයි. අපි හදන ආණ්ඩුවක අන්තවාදීන්ට ඉඩ නෑ. හොරුන්ට දූෂිතයන්ට ඉඩ නෑ. මත්කුඩු ජාවාරම්කරුවන්ට, කප්පම්කරුවන්ට ඉඩ නෑ. අපි හදන්නේ මේ රට අපේ අනාගත පරපුරට සුරක්ෂිත රටක් කරන්නයි. ඒ වෙනුවෙන් සියලු දෙනා එක්ව පෙළ ගැසෙමු. 

මැතිවරණ අපේක්ෂක මිලාන් ජයතිලක,  ඩුලිප් විජේසේකර යන මහත්වරුන් ද මෙහි දී කථා කළහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට

ඇමරිකා නිල සංචාරය අරඹමින් චීන ජනපති වොෂින්ටන් නගරයට චීන ජනපති ඇමරිකාවට ළඟා වුණා.චීන ජනාධිපති ෂී ජින්පිං මහතා විශේෂ ගුවන් යානයකින් ඇමරිකාවේ වේලාවෙන් 23 වනදා පස්වරුවේ...

ඡන්දයක් තිබුණොත් සජබය හා එජාපය එක්ව තරඟ කරනවා- මරික්කාර්

සමගි ජන බලවේග ප්‍රධාන කාර්යාලයේ අද (24) පැවැති විශේෂ මාධ්‍ය හමුවට සහභාගි වූ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම් මරික්කාර් මහතා. වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද පැවැසීය, ‘‘වර්තමාන...

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමේ මෙහෙයුම මාලදිවයිනෙන් අරඹයි

අනෝජන්ගේ ජීවිතය වෙනුවෙන් මාලදිවයිනේ හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ්ගෙන් පූර්ණ සහාය! සමාජ මාධ්‍ය සටහනක් මුල් කරගනිමින් සවුදි අරාබියේදී මරණ දඬුවමට නියම වී සිටින අනෝජන් සිවරාසාගේ ජීවිතය...

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසියට ඇමති විජිත ඇමෙරිකාවට

එක්සත් ජාතීන්ගේ 81 වන මහා මණ්ඩල සැසිය සහ ශ්‍රී ලංකා විදේශ අමාත්‍යවරයාගේ ඇමරිකානු සංචාරය එක්සත් ජාතීන්ගේ (UN) මහා මණ්ඩලය යනු ලෝකයේ රටවල් එකම බහුපාර්ශ්වික වේදිකාවකට...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img