Saturday, November 7, 2026
HomeNEWSපා.ම. යදාමිණි ගුණවර්ධන මහතා, ජංගම යෙදුම්(Mobile Apps) තාක්ෂණය හරහා පුළුල් පරාස සාක්ෂරතාව...

පා.ම. යදාමිණි ගුණවර්ධන මහතා, ජංගම යෙදුම්(Mobile Apps) තාක්ෂණය හරහා පුළුල් පරාස සාක්ෂරතාව ප්‍රවර්ධනය සඳහා, ජාතික වැඩපිළිවෙළක් ඉල්ලයි

ජංගම යෙදුම් (Mobile Apps) භාවිත කර පරිඝණක, තොරතුරු තාක්ෂණ, මුල්‍ය, භාෂා, යන පුළුල් පරාසයක සාක්ෂරතාවය ප්‍රවර්ධනය සඳහා, ජාතික වැඩපිළිවෙළක් සකසා පරිඝණක ක්ෂේත්‍රයේ ව්‍යවසායකයින් හා අනෙකුත් සංවිධාන සමග එක්වී බිම් මට්ටමේ ක්‍රියාකාරී වැඩසටහනක් ක්‍රියාත්මක නොකරන්නේ මන්ද යන්න, පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා 2022.12.13 පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල ආසනය උදාහරණයක් ලෙස ගනිමින් ඔහු කියා සිටියේ, එහි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ දෙකක පාසල් දරුවන් 23,000කින් තොරතුරු තාක්ෂණය(ICT) ඉගෙන ගැනීමට පහසුකම් ඇත්තේ දරුවන් 1000කට පමණක් බවය. ඒ සඳහා හැකියාව ඇති ගුරුවරු ඇත්තේ 40ක් පමණක් බව පැවසූ ඔහු, මේ සම්බන්ධයෙන් ජාතික සංඛ්‍යා ලේඛන නොමග යවන සුළු බවයි.

SLASSCOM, ICTA, පරිඝණක ව්‍යවසායන් සහ විවිධ පරිඝණක සංසදයන් සමඟ එක්ව කැපකරු ක්‍රමයක් මත, සෑම අධ්‍යාපන කොට්ඨාශයක්ම ඔවුන් වෙත බාර දී දැනට 34.3% ක් වන පරිගණක සාක්ෂරතාවය 2023 වසර තුළදී 50% පසුකිරීමට ජාතික වැඩසටහනක් තාක්ෂණ අමාත්‍යාංශය හරහා කඩිනමින් ක්‍රියාත්මක කරන ලෙසද පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන මහතා ඉල්ලා සිටියේය.

තාක්ෂණ අමාත්‍යවරයා වෙත ප්‍රශ්නයක් යොමු කරමින් ඔහු මෙසේද කීය.

“සබරගමුව පළාත අසියා පැසිපික් ICT කුසලතාවය නියෝජනය කරමින් අපේ රට නියෝජනය කරලා  සම්මානයක් දිනාගෙන තියෙනවා. මේ මෙවලුම් රාජ්‍ය තාක්ෂණික අංශ්‍ය විසින් හදලා ඇයි සමාජගත කරන්නේ නැත්තේ? මේ applications, mobile apps පාවිච්චි කරලා සාක්ෂරතාවය ප්‍රවර්ධනය කරන්න රජය යම්කිසි මැලික්මක් දක්වන්නේ ඇයි?  දැන් මේ සම්මානය දිනපු කෙනා රාජ්‍ය අංශය හරහා සමාජයට ඒ අවශ්‍යතාවය ඉටු කරන්න ඔවුන්ගේ උත්සාහයෙන් කරපු වැඩක්, නමුත් මේ සඳහා ජාතික වැඩපිළිවෙලක් තාම සැලසුම් කරලා නැත්තේ ඇයි ?”

“මම විශේෂයෙන් උදාහරණයක් හැටියට ගන්න කැමතියි අවිස්සාවේල්ල ආසනයේ තියෙන දත්ත තොරතුරු ටික. ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 2ක ලමයි 1000ක් විතර තමයි 23000කින් ICT තාක්ෂණයට සමස්ත අධ්‍යාපන පද්ධතියේ ඉගෙනගන්න පහසුකම් තියෙන්නේ. මේ සඳහා ගුරුවරු සාමාන්‍යයෙන් 30ක්, 40ක් තමා හැකියාව වෙන් වෙලා තියෙනවා.
එතකොට අර ඉදරිපත් කරපු ජාතික දත්ත සංඛ්‍යා ලේඛනවත්, මේ කියන රාජ්‍ය වැඩසටහනවත් කොළඹ දිස්ත්‍රික්කය ඔබතුමා දන්නවා, ඔබතුමාගේ දිස්ත්‍රික්කයට මායිම් වෙන පළාත්. මේ පළාතටවත් ඇවිල්ලා තාම ගමන් කරලා නැහැ. මේ ඇත්ත තත්වය.”

“දැන් මේ සඳහා “ස්ලස්කොම්” (SLASSCOM), එතකොට “ඉක්ටා”(ICTA) සහ තවත් පරිගණක පද්ධති සම්බන්ධ විශාල සමිති සමාගම් සංවිධාන රාශියක්  තිබෙනවා. මේවයේ අඩුමගානේ එක අධ්‍යාපන කලාපයක් adopting,  එහෙම නැත්නම් භාර අරගෙන කරන වැඩසටහනකට ගියොත් මීට වඩා වෙගයෙන් මේ වැඩසටහන තල්ලු කරන්න පුළුවන් නේද? මේ 35% තියෙන ඉලක්කය ඔබතුමා ලබන වසර තුල මහන්සි වුණොත්, අපි දන්නවා ඔබතුමාගේ කැපවීම අනුව, අපිට මේක 50% පන්නලා ඉක්මණට වේගයෙන් යන්න පුළුවවන් මේ විදිහේ වැඩසටහනක්.”

“ඒ සඳහා සාකච්ඡාවක් මේ වෙනකොට මේ අංශ සමඟ කරලා තියෙනවද? මේ සාක්ෂරතාවය විශේෂයෙන් මේ අංශවල දියුණු කරන්න මොකක්ද තාක්ෂණික අමාත්‍යාශය පැත්තෙන් අධ්‍යාපන අමාත්‍යාංශයට වඩා තාක්ෂණික අමාත්‍යාංශයට මේකට කර තියන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මොකක්ද දෙන්න තියෙන පිළිතුර?

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දැදුරු ඔය ජලාශයේ පහළ සිටින ජනතාවට අවධානයෙන් සිටින ලෙසට උපදෙස්

දැදුරු ඔය ජලාශයේ වාන් දොරටු 8 ක් මේ වනවිට අඩිය බැගින් විවෘත කර තත්:ඝණ අඩි 5500 ක ජල ප්‍රමාණයක් දැදුරු ඔයට නිකුත් කෙරේ. ජලාශය...

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක්

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම්වරයාගෙන් උපදෙස් ඊයේ (06) පස්වරුවේ කොළඹ නගරයේ ඇතිවූ ක්ෂණික ගංවතුර...

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි – විපක්ෂ නායක සජිත්

වසර 2යි රටට සුබයි මුළු කොළඹම ගලයි - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වසර 2යි රටට සුබයි කියමින් මේ වන විට රජය රට වටේ රැස්වීම්...

ඉදිරි අයවැයෙන් අත්‍යවශ්‍ය දීමනා කිහිපයක් වැඩි කරන බව, වෘත්තීය සමිති ජාතික සමුළුව අමතමින් ජනපති කියයි.

ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026.10.31) අපි කවුරුත් දන්නවා, ජාතික ජන බලවේගය බලය ලබා ගැනීමේ ගමනේ...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img