Sunday, November 8, 2026
HomeNEWSසරසවි සිසුන් දේශපාලන අතකොළුවී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම කණගාටුවට කරුණක් බව හිටපු අගමැති...

සරසවි සිසුන් දේශපාලන අතකොළුවී ප්‍රචණ්ඩ ක්‍රියාවල නිරතවීම කණගාටුවට කරුණක් බව හිටපු අගමැති මහින්ද රාජපක්ෂ මහතා මහාචාර්ය අතුල සේනාරත්න මහතාට ප්‍රකාශ කරයි

ඇතැම් සරසවි ශිෂ්‍ය කණ්ඩායම් දේශපාලන පක්ෂවල අතකොළු වී ප්‍රචණ්ඩ ක්‍රියාවල යෙදීම කණගාටුවට කරුණක් බවත් මේ වන විට එම සරසවි දරුවන් තමන්ටම ඉගැන්වූ මහාචාර්යවරුන්ට පහරදීමට තරම් තත්ත්වයකට පත්වීම අදහාගත නොහැකි බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

මහින්ද රාජපක්ෂ මහතා අද (13) දින පාර්ලිමේන්තු සංකීර්ණයට පැමිණි අවස්ථාවේදී පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්ත මහතාට දුරකථන ඇමතුමක් ලබාදෙමින් අතුල සේනාරත්න මහතාට එල්ල කරන ලද ප්‍රහාරය තමන් දැඩි ලෙස හෙළා දකින බවත් එම පුවත අසා තමා කම්පා වූ බවත් ප්‍රකාශ කළේය.

සරසවි සිසුන් සමාජය ගැන අවධියෙන් සිටිමින් ඒ ගැන උනන්දුවෙන් කටයුතු කළ යුතු බුද්ධිමත් කොටසක් බවත් එවැනි පිරිසක් තමන්ට ඉගැන්වූ මහාචාර්යවරයෙකුට මේ ආකාරයෙන් පහරදීම කිසිවෙකු අනුමත නොකරන බවද හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙහිදී සඳහන් කළේය.

තමා සහ පවුලේ සාමාජිකයින් ඉලක්ක කරගෙන මෙම ප්‍රහාරය එල්ල වූ බවත් ඇතැම් සිසුන් අයිස් වැනි මත්ද්‍රව්‍ය ලබාගෙන තිබුණාද? කියන සාධාරණය සැකය තමාට මතු වූ බවත් සිසුන් මෙවැනි තත්ත්වයකට පත් වූයේ කෙසේද? කියා විධිමත් විමර්ශනයක් සිදු කළ යුතු බවත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා විසින් මෙහිදී පෙන්වා දෙන ලදී.

මෙම සිද්ධියට සම්බන්ධව සියලුම සිසුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත් ඒ සඳහා මැදිහත්වන ලෙසත් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න මහතා හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් මෙහිදී වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පොහොට්ටුවේ මහලේකම්ගෙන් විපක්ෂ නායකට හදිසි ලිපියක්

08/11/2026 සජිත් ප්‍රේමදාස මැතිතුමා, විපක්ෂ නායක, ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව, ශ්‍රී ජයවර්ධනපුර, කෝට්ටේ. ගරු විපක්ෂ නායකතුමනි, සම්බුද්ධ ශාසනයට හා භික්ෂුන් වහන්සේලාට එරෙහිව සිදුවන ප්‍රචණ්ඩ ක්‍රියා සහ අධිකරණ විනිසුරුවරුන්ගේ හදිසි...

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන්

ජාතික ඵලදායිතා සම්මාන තරගාවලිය 2025/26 සම්මාන ප්‍රදානෝත්සවයජනපති ප්‍රධානත්වයෙන් ව්‍යවසායකයාට සහ කර්මාන්තකරුවන්ට නිසි වටිනාකමක් හිමිවන, රාජ්‍ය සේවකයින්ට තෘප්තියෙන් වැඩ කළ හැකි සමාජයක් වත්මන් රජය යටතේ නිර්මාණය...

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ

කොළඹ නගරයේ ගංවතුර හා වැසි ජල ගැලීම් පාලනයට රාජ්‍ය ආයතන ඒකාබද්ධ විශේෂ වැඩපිළිවෙළක් ඇරඹේ… ජල බැසයාමේ අවහිරතා පවතින ස්ථාන 60ක් හඳුනාගැනේ. ප්‍රමුඛතා පදනමින් අවහිරතා ඉවත්...

මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා – විපක්ෂ නායක සජිත්

මාස හයෙන් කොළඹට පුනරුදය ස්ථාපිත කරන්න ආ මාලිමා රජයට කානු ටිකවත් සුද්ද කර ගන්න බැරි වුණා - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පසුගිය දිනවල ලැබුණු...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img