මාස 7 ක බිළිඳියක් අතැතිව පේරාදෙණිය ගැටඹේ උමං මාර්ගය නවාතැන්පොළ කරගත් අඹුසැමි යුවළක් පිළිබඳව “අද දෙරණ” මධ්‍යහ්න ප්‍රධාන ප්රවෘත්ති විකාශයෙන් ඊයේ (21) අනාවරණ කළේය.
අසරණ වූ පවුල ගැන අවධානය යොමුකරනවා වෙනුවට මහනුවර මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන් පැමිණ සිදුකර ඇත්තේ ඔවුන් එම ස්ථානයෙන් පළවා හැරීමය.
“අද දෙරණ” අනාවරණයත් සමග ඒ පිළිබඳව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයාගේද අවධානය යොමුව ඇති අතර යම් පරිත්‍යාගශීලියෙකුගේ සහාය හිමිවන්නේ නම් එය ඔවුන්ට මහත් අස්වැසිල්ලක් වනු ඇත.
එම යුවළ මේ වනවිට දරුවා සමග ගැටඹේ රාජෝපවනාරාම විහරස්ථානයේ රැඳීසිටී.






















