Friday, November 6, 2026
HomeNEWSවිධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා - විපක්ෂ නායක සජිත්

විධායකය, ව්‍යවස්ථාදායකයට අනිසි අත පෙවීම් කරනවා – විපක්ෂ නායක සජිත්

කතානායකවරයාගේ විශ්වාසභංගයේ වගන්ති වෙනස් කරන්න කළ බලපෑම විධායකය ව්‍යවස්ථාදායකයට කරන අනිසි අත පෙවීමක් – විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා

තමා ඇතුළු විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු වන මනෝ ගනේෂන්, දයාසිරි ජ⁣යසේකර, මුජිබර් රහුමාන් සහ චානක මාදුගොඩ යන මන්ත්‍රීවරුන් විසින් වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කළ බවත් එයට හේතුව වූයේ කතානායකවරයාට එරෙහිව විපක්ෂය ගෙන ආ විශ්වාසභංගය විවාදයට නොගෙන ප්‍රතික්ෂේප කිරීම බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාම මහතා අද පාර්ලිමේන්තුවේ දී පැවසීය.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සියලු දෙනා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව දිවුරා එය අනුගමනය කරන බවට පොරොන්දු වන බවත් මේ උත්තරීතර නීතියේ ත්‍රීපාර්ශ්වීය රාජ්‍ය පාලනයක් ක්‍රියාත්මක වන අතර සංවරණ හා තුලන ඇති බවත් ව්‍යවස්ථාදායකයේ ඇති සංවරණ හා තුලනයක් වන්නේ විශ්වාසභංග යෝජනා ඉදිරිපත් කිරීම බවත් මේ යෝජනාව විපක්ෂයට ඉදිරිපත් කිරීමේ අයිතිය සේම එහි අන්තර්ගතය තීරණය කරන්නේද විපක්ෂය බවත් අන්තර්ගත කරුණුවලට ආණ්ඩු පක්ෂයට බාධා කරන්න නොහැකි බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.

එසේම ස්ථාවර නියෝග 29 (1), (2) අනුව වරප්‍රසාද කඩ වී ඇති බවත් මෙය න්‍යාය පුස්තකලයට ඇතුළත් වූ පසු පක්ෂ නායක රැස්වීමේ දී ඒ කරුණු කාරණා වෙනස් කරන්න යැයි කියන බවත් වෙනස් කළොත් අවස්ථාව දෙන්නම් යැයි පැවසීය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බවත් මෙය විධායකය ව්‍යවස්ථාදායකය යටපත් කිරීමක් බවත් මෙය නැවත සොයා බැලිය යුතු බවත් විපක්ෂ නායකවරයා තවදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි

අග්‍රාමාත්‍යතුමිය පොදුරාජ්‍ය මණ්ඩලයීය රාජ්‍ය නායක සමුළුවේ 2026 විධායක සැසියට සහභාගී වෙයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය  2026 නොවැම්බර් 03 වන දින ඇන්ටිගුවා සහ බාබියුඩාහිදී පැවති පොදුරාජ්‍ය...

රටට වැඩක් කරන්න පුළුවන් එකම එක මුස්ලිම් නායකයෙක්වත් මාලිමා ආණ්ඩුවට නැහැ- ෂිරාස් යුනුස්

ශ්‍රී ලංකාව සිංහල බෞද්ධ රටක් බවත් එම සිංහල බෞද්ධකම මගින් අනෙකුත් ජාතීන්ට සහ ආගම්වලට රැකවරණය හිමිවන බවත් නව ලංකා නිදහස් පක්ෂයේ භාණ්ඩාගාරික ෂිරාස් යුනුස්...

නුවරඑළිය තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස

නුවරඑළිය ඓතිහාසික තැපැල් කාර්යාලය සංරක්ෂණය කිරීම හුදෙක් පැරණි ගොඩනැගිල්ලක් ප්‍රතිසංස්කරණය කිරීමක් නොව, ජාතික වැදගත්කමකින් යුත් කාර්යභාරයක් – අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස රුපියල් මිලියන 78.34ක වියදමින්...

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ – විපක්ෂ නායක සජිත්

රජයට ජනවරම දුන්නේ සංවර්ධනය කරන්න මිස මර්දනය කරන්න නොවේ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රජය ජනතාව එක්ක ඇති කර ගත් සමාජ ගිවිසුම ගැන කතා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img