Sunday, September 20, 2026
HomeNEWSගුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක්

ගුරුවරුන් විශ්‍රාම ගැනීමෙන් අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක්

ගුරුවරුන් විශාල පිරිසක් විශ්‍රාම යාම මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රයට අභියෝගයක් වී ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

මීට පෙර වසරකට ගුරුවරුන් 4,000ක් පමණ විශ්‍රාම ගිය ද වයස අවුරුදු 60න් රාජ්‍ය සේවකයින් විශ්‍රාම ගැන්වීම සඳහා රජය ගත් තීරණය හේතුවෙන් මෙම වසරේදී ගුරුවරුන් 10,000 ත් 12,000ත්  අතර පිරිසක් විශ්‍රාම ගොස් ඇති බව අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.

එම පුරප්පාඩු ඉදිරි මාස 03 තුළ සම්පූර්ණ කිරීම අනිවාර්යය වන අතර ඊට අදාළව ගතයුතු තීරණය සම්බන්ධයෙන් අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීමට ද පියවර ගත් බව සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

2023 නව වර්ෂය සඳහා අධ්‍යාපන අමාත්‍යංශයේ රාජකාරී කටයුතු ආරම්භ කිරීම වෙනුවෙන් පැවති උත්සවයට එක්වෙමින් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා මෙම අදහස් පළ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img