Sunday, September 20, 2026
HomeNEWSනව බදු සංශෝධනය ගැන වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

නව බදු සංශෝධනය ගැන වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍යවරයා අතර විශේෂ සාකච්ඡාවක්

රජය විසින් හඳුන්වා දී ඇති නව බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් වෘත්තීයවේදීන් සහ මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (02) පවත්වා තිබේ.

එහිදී නව බදු ප්‍රතිපත්තිය හේතුවෙන් වෘත්තිකයින්ට මුහුණපෑමට සිදුව ඇති ගැටලු පිළිබඳව දීර්ඝ වශයෙන් අමාත්‍යවරයා දැනුවත් කිරීමට කටයුතු කළ බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

“රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, විදුලිබල මණ්ඩලයේ ඉන්ජිනේරුවරුන්ගේ සංගමය, ලංකා බැංකු සේවක සංගමය, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය, පරිපාලන නිලධාරීන්ගේ සංගමය, එකාබද්ධ විධාක නිලධාරීන්ගේ එකමුතුව වැනි රටේ වෘත්තිකයින්ගේ වෘත්තිය සංගම්වල ඉතා වැදගත් සාකච්ඡාවක් ඊයේ දිනයේ පැවැත්වුණා. මේ සාකච්ඡාව කේන්ද්‍රගත වුණේ මේ වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත අසාධාරණ බදු සංශෝධන හරහා මේ රටේ රාජ්‍ය සේවකයින්ට මේ රටේ සේවා නියුක්තිකයින්ට මේ රටේ වෘත්තිකය්නට වෙලා තියෙන බලපෑම සහ ඒ හරහා මේ රටට සහ රටේ අනාගතයට බලපාලා තියෙන සෘණාත්මක බලපෑම සම්බන්ධයෙන් දැනුම්වත් කිරීම. එහිදී මේ බදු සංශෝධන හරහා ඇති වෙලා තියෙන තත්ත්වය ඒ තුළ මේ රටේ අනාගතය, විද්වතුන් වෘත්තිකයින් මේ රට ඇතහැර යාමේ ප්‍රවණතාවය ඉහළ යාම හරහා ඇති විය හැකි අවදානම ගැන අපි දැනුම්වත් කළා.”

සිය ගැටලු සම්බන්ධයෙන් එළඹෙන බ්‍රහස්පතින්දා දිනයේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට මුදල් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී එකඟ වූ බව ද වෛද්‍ය චමිල් විජේසිංහ මහතා සඳහන් කළේය.

“වෘත්තිකයින් විදියට අපි සූදානම් ඕනෑම මොහොතක බදු ගෙවන්න. බදු ක්‍රමය සාධාරණ විය යුතුයි. ජාතික බදු ප්‍රතිපත්තියක් පැවැතීමේ අවශ්‍යතාවය අපි ඊයේ දිනයේ සාකච්ඡාවේදී අවධාරණය කළා. එහිදී මුදල් රාජ්‍ය අමාත්‍යතුමා එතුමාගේ පැත්තෙන් රටේ ආර්ථීක තත්ත්වය ගැන කරුණු කාරණා ඉදිරිපත් කළා. ඒ වගේම එතුමා ප්‍රකාශ කළ කාරණය මේ යෝජනා සහ මේ තොරතුරු සියල්ල බ්‍රහස්පතින්දා දිනයේ දී ජනධිපතිතුමා එක්ක තිබෙන සාකච්ඡාවකදී එතුමාට ඉදිරිපත් කරනවා කියන කාරණය. ඒ නිසා අපි විශ්වාස කරනවා ඒ සාකච්ඡාවේදී අපිට සුබවාදි ප්‍රතිචාරයක් ලැබෙයි කියලා.  කොහොම වුණත් මේ අසාධාරණ බදු සංශෝධනවලට එරෙහිව මේ වන විටත් විශාල විරෝධතාවයක් ගොඩ නැගෙමින් පවතිනවා.  වෘත්තීයවේදීන් අතර විශේෂයෙන්. වෛද්‍යවරුන් මේ වන විට අත්සන් 20,000 ක පෙත්සමක් අත්සන් කරමින් පවතිනවා. සුබවාදී ප්‍රතිචාරයක් ලැබෙනකම් අපි අපේ විරෝධතා අඛණ්ඩව ගෙන යාමට බලාපොරොත්තු වෙනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img