Sunday, September 20, 2026
HomeNEWSඇමති කෙහෙළිය ගෙදර ලයිට් බිල ගැන කියපු දේ

ඇමති කෙහෙළිය ගෙදර ලයිට් බිල ගැන කියපු දේ

තම නිවසේ විදුලි බිල ගෙවීම ප්‍රමාද වීමට හේතුව නිවැරදි ලෙස විදුලි බිල නොලැබීම බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ, නිසි පරිදි විදුලි බිල ලැබුණු විගස හිඟ මුදල් ද සමග එය ගෙවීමට කටයුතු කළ බවය.

“ටීවි දෙරණ” ඔස්සේ  ඊයේ (02) රාත්‍රී විකාශය වූ 360 කාලීන වැඩසටහන සමග එක්වෙමින් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.

ප්‍රශ්නය – ඔබතුමා එක්කෝටි විසිඅට ලක්ෂයක පොල්ලක් තියලා ලංකා විදුලි බල මණ්ඩලයට, ලයිට් කැපුවේ නෑ. ඇයි ඒ ?

“මම හිටපු නිවසේ විදුලි බිලම එව්වේ වෙන කෙනෙක්ගේ නමට.” 

ප්‍රශ්නය – ඒ කියන්නේ නිල නිවසේ හිටපු පූරගාමීයෙක්ට?

“මම නෙමේ. ඉස්සෙල්ලා හිටපු කෙනාට එවලා. රෙජිස්ටර් ලියුම් 3ක් කරලා තියෙනවා මම. මොකද හේතුව ටැක්සබල් ඉන්කම් එකෙන් අඩු කරන්න නම් මගේ නමට බිල තියෙන්න ඕනේ. වෙන කෙනෙක්ගේ නමට බිල තිබ්බට මගේ එකවුන්ට්ස්වලින් අඩු කරන්න බෑ. තුන්පාරක් රෙජිස්ටර් ලියුම් ඇරියා මේක වෙනස් කරන්න. ඒ වෙනකනුත් අවසාන මොහොත වෙනකනුත් මේක වෙනස් කළේ නෑ.  ඒක වෙනස් කළ දාට පහුවෙනිදා මම දඩ මුදල දාපු එක හැර අනිත් ටික සියල්ලම ගෙව්වා.”

ප්‍රශ්නය – ඇයි ඔබතුමාගේ ගෙදර ලයිට් කැපුවේ නැත්තේ?

“මම හිතන්නේ ඒ කට්ටියගේ වරදක් තියෙන්න ඇති.” 

ප්‍රශ්නය – විදුලිබල මණ්ඩලය ලයිට් කපන්නේ දුප්පත් අහිංසක මනුස්සයාගේ විතරයි ?

“එක ඔබතුමාගේ නිර්දේශයක්.”

ප්‍රශ්නය – ඇත්තටම මේ අහිංසක ප්‍රශ්නයක් අහන්නේ. එක්කෝටි විසිඅට ලක්ෂයක විදුලි බිලක් එන්න මොනවාද දෙයියනේ ඔබතුමා පාවිච්චි කරන උපකරණ ? 

“මම දන්නේ නෑ. එර්ත් වෙනවාද මොකක්ද කියලා. අන්න එහෙම ප්‍රශ්නයක් වෙලා. ඒ ප්‍රශ්නෙත් මම ලිව්වා. ඊට පස්සේ නම් විදුලිබල මණ්ඩලයට සාධාරණයක් ඉෂ්ට කරන්න ඕනේ. ඔවුන් දෙපාරක් තුන්පාරක් ඇවිල්ලා චෙක් කරලා තිබුණා. හැබැයි මම විදුලිය පාවිච්චි කරලා තියෙනවා නම්, දෙයියනේ මෙච්චර විදුලි පාවිච්චි කළේ කියලා අහන්න ඕනේ නෑනේ. මමනේ පාවිච්චි කළේ. මමනේ ගෙවන්නේ.”

ප්‍රශ්නය – ඔබතුමා අහනවානේ මගේ ගෙදර විදුලිය මම පාවිච්චි කරනවා නම් මම බිල ගෙවනවානම් අහන්න ඕනේ නෑ කියලා. එත් දැන් එක අහන්න බැනේ නේ ?

“ඔව් දැන් බෑ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩි ලබා දීමේ වැඩසටහන ඇරඹෙයි

ජනාධිපති අරමුදලින් විශ්වවිද්‍යාල සිසුන් සඳහා නොමිලේ ඇස් කණ්ණාඩිලබා දීමේ වැඩසටහන රජරට විශ්වවිද්‍යාලයෙන් ඇරඹේ ඉදිරියේදී මෙම වැඩසටහන සියලු විශ්වවිද්‍යාලවල ක්‍රියාත්මක කරනවා ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් සහ ජනාධිපති...

ඉවත් කිරීමට එරෙහිව ක්‍රිකට් තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ නඩු පවරයි.

ගිවිසුම් කාලයට පෙර තමා ඉවත් කිරීමට එරෙහිව SLC සහ පරිවර්තන කමිටුවෙන් රු:මි:75 ක් වන්දි ඉල්ලා, තේරීම් කමිටු හිටපු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ කොළඹ වාණිජ මහාධිකරණයේ...

පැලවත්ත හැර සියලු පක්ෂ සමඟ සාකච්ඡා කරනවා- හිටපු ජනපති රනිල්

පිටකෝට්ටේ එක්සත් ජාතික පක්ෂ මූලස්ථානයේ පැවැති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පළ කල අදහස් දැනට සාකච්ඡා පත්‍රිකාවක් සකස් කර අප...

මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි- ෆයිසර් මුස්තෆා

සෞදියේදී මරණ දඬුවම නියම වූ අනෝජන්ගේ ජීවිතය බේරාගැනීමට කඩිනම් මැදිහත්වීමක් අවශ්‍යයි: ෆයිසර් මුස්තෆා සවුදි නීතියට ගරු කරමින් රාජකීය කරුණාව අයැදීමේ සහ අභියාචනයක අවශ්‍යතාව මතු කරයි රිසානා...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img