Friday, September 18, 2026
HomeNEWSමෙරට මුහුදු සීමාවේදී ගිලීගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් සිදුවූ පරිසර...

මෙරට මුහුදු සීමාවේදී ගිලීගිය එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර හේතුවෙන් සිදුවූ පරිසර හානියට අදාළ වන්දි මුදල ඇමරිකානු ඩොලර් වලින් ලබාගැනීමට කැබිනට් අනුමැතිය…

 රට මුහුණ දී තිබෙන උග්‍ර ඩොලර් හිඟයට පිළියමක් ලබාගැනීම අපේක්ෂාවයි…
 ඉදිරියේදී මෙවැනි අනතුරක් සිදුවුවහොත් සියලුම කටයුතුවලට ලැබෙන වන්දි මුදල් ඇමරිකානු ‍ඩොලර්වලින් ලබාගැනීමටත් කැබිනට් අනුමැතිය..

එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරෙන් මෙරට සාගර පරිසරයට වූ හානියට අදාළ වන්දි මුදල නැව අයිති රක්ෂණ සමාගමෙන් ඇමරිකානු ඩොලර්වලින් ලබාගැනීම සඳහා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් ඊයේ (09) අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ යෝජනාවට අනුමැතිය හිමිවේ.
ශ්‍රී ලංකා රුපියල් වලින් වන්දි මුදල් හා ප්‍රතිපූර්ණ ලබාගැනීම අයහපත් පූර්වාදර්ශයක් විය හැකි බැවින් වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානිය ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතීපුර්ණ සහ වන්දි ඇමෙරිකානු ඩොලර් වලින් ලබාගැනීමට කැබිනට් මණ්ඩලයේ එකඟතාවය හිමි වු බව ඇමති ප්‍රසන්න රණතුංග මහතා පවසයි.
මීට අමතරව ඉදිරියේ දි මෙවැනි අනතුරක් සිදුවුවහොත් එම අවස්ථා වලදී ද වෙරළ පිරිසිදු කිරීම, අපද්‍රව්‍ය කළමණාකරණය, පරිසර හානි ආදි සියලුම කටයුතු වලට ලැබෙන ප්‍රතිපූර්ණ සහ වන්දි ඇමෙරිකානු ඩොලර් වලින් ලබා ගැනීමට ද කැබිනට් අනුමැතිය හිමි ව තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසන්නේ අදාළ රක්ෂණ හිමිකම් ප්‍රතිපූර්ණ කොටසක් රුපියල්වලින් ලබාගැනීම මඟින් රුපියල අවප්‍රමාණය වීමේ වාසිය නැව අයිති රක්ෂණ සමාගමට හිමිවන බව ද ඇමතිවරයා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී තිබේ.
එබැවින් අදාළ වන්දි මුදල රුපියල් වලින් ලබාගැනීම වෙනුවට ඇමරිකානු ඩොලර්වලින් ලබාගැනීම සුදුසු බව සමුද්‍රීය පරිසර අධිකාරිය නීතිපති දෙපාර්තමේන්තුව වෙත දැනුම් දී ඇතැයි ද අදාළ කැබිනට් පත්‍රිකාවේ සඳහන් වෙයි.
ඒ අනුව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය විසින් එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ රක්ෂණ ආයතනය වෙත ඉදිරිපත් කරනු ලබන රක්ෂණ හිමිකම් ඉල්ලුම් පත්‍රය ඇමරිකානු ඩොලර් වලින් ඉදිරිපත් කරනු ඇත.
නැව අයිති රක්ෂණ ආයතනය විසින් පළමු හා දෙවන හිමිකම් වලින් රක්ෂණ ආයතනය පිළිගත් ප්‍රමාණයන් සම්පූර්ණයෙන්ම ඇමරිකානු ඩොලර් වලින් මහා භාණ්ඩාගාරය වෙත පියවීම සිදුකළ ද, තෙවැනි හා සිව්වැනි හිමිකම් පියවීම් වලින් රක්ෂණ ආයතනය පිළිගත් හිමිකම් ප්‍රමාණය ඇමරිකානු ඩොලර් සහ රුපියල් වලින් ගෙවීමට එකඟතාව නීතිපති දෙපාර්තමේන්තුව හරහා සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරියෙන් ඉල්ලා තිබේ.
අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව මගින් පෙන්වා දෙන්නේ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය මගින් 2021 මැයි මාසයේ සිට 2022 වසරේ සැප්තැම්බර් මාසය දක්වා ඉදිරිපත් කරන ලද හිමිකම් ප්‍රතිපූර්ණ ඉල්ලීම් ඇමරිකානු ඩොලර් වටිනාකමින් ඉදිරිපත් කර ඇති බවයි. එමෙන්ම වියදම් සඳහා වන මුදල ඇමරිකානු ඩොලර් වලින් ප්‍රතිපූර්ණය කිරීමට එකඟතාවයක් ඇතිව තිබෙන බවද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
එබැවින් අදාළ වන්දි මුදල ඇමරිකානු ඩොලර් ඒකක වලින් ලබාගැනීම වෙනුවට රුපියල් වලින් ගෙවීමට තීරණය වුවහොත් ඉදිරියේදී සම්පූර්ණ මුදලම රුපියල් වලින් ලැබීමේ අවධානමක් පවතින බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට පෙන්වා දී ඇත. එසේ වුවහොත් මෙම නෞකා අනතුර නිසාවෙන් රටට ලබාගැනීමට හැකි ඩොලර් ප්‍රමාණය නොලැබී යාමේ අවධානමක් පවතින බවද ඔහු පෙන්වා දී තිබේ.
වර්තමානයේ අප රට මුහුණදී තිබෙන උග්‍ර ඩොලර් අර්බුදයට කිසියම් හෝ සහනයක් ලබාගැනීම සඳහා වන්දි හා වියදම් මුදල් ඇමරිකානු ඩොලර් වලින් ලබාගැනීම සුදුසු බවද අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා කැබිනට් මණ්ඩලයට යෝජනා කර ඇති අතර ඊට කැබිනට් මණ්ඩලයේ පූර්ණ අනුමැතිය පළ වු බව ඔහු සඳහන් කරයි.
සිංගප්පූරු ධජය යටතේ භාණ්ඩ රැගෙන යාත්‍ර කරමින් තිබූ එම්.වී එක්ස්ප්‍රස් පර්ල් නෞකාව මෙරට මූදු සීමාවේ දි ගිනි ගෙන ගිලී ගියේ පසුගිය 2021 වසරේ මැයි 20 වැනිදායි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img