Friday, September 18, 2026
HomeNEWSකැනඩාවේ තීරණයට ශ්‍රී ලංකාවේ විරෝධය

කැනඩාවේ තීරණයට ශ්‍රී ලංකාවේ විරෝධය

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන් දෙදෙනෙකුට සහ හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට කැනඩාව ගෙන ඇති තීරණයට සිය විරෝධය පළකිරීමට ශ්‍රී ලංකා රජය තීරණය කර තිබේ.

නිල වශයෙන් විරෝධය පළකිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා අද (11) පෙරවරුවේ මෙරට කැනඩා මහ කොමසාරිස්වරයාව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත කැඳවනු ලැබීය.

හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ මහතා සහ ගෝඨාභය රාජපක්ෂ මහතා ඇතුළු ශ්‍රී ලාංකිකයින් සිව්දෙනෙකුට සම්බාධක පැනවීමට තීරණය කළ බව කැනේඩියානු රජය ඊයේ (10) නිවේදනය කළේය.

කැනේඩියානු රජය පැවසුවේ, හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන්ට හා මාණ්ඩලික සැරයන් සුනිල් රත්නායක සහ ලුතිනන් කමාන්ඩර් චන්දන ප්‍රසාද් හෙට්ටිආරච්චි යන අයට එරෙහිව සම්බාධක පනවන බවය.

1983 සිට 2009 දක්වා පැවති මෙරට සිවිල් යුද සමයේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් සිදුකළ බවට චෝදනා කරමින් කැනේඩියානු රජය මෙලෙස සම්බාධක පවනවා තිබුණි.

කැනේඩියානු රජය ඊයේ නිවේදනය කළේ එලෙස සම්බාධක පැනවීමත් සමග හිටපු ජනාධිපතිවරුන් දෙදෙනා ඇතුළු එම සිව්දෙනාට කැනඩාව තුළ සංක්‍රමණික හෝ සරණාගත රැකවරණ හිමි නොවන බවය.

එමෙන්ම ඔවුන්ට කැනඩාව සමග හෝ එහි පුරවැසියන් සමග කිසිදු ගනුදෙනුවක නිරතවීමට හැකි වන්නේද නැහැ.

කැනඩාව තුළ ඔවුන්ට අයත් යම් දේපළක් වේ නම් ඒවාද තහනම් කරන බවද කැනඩා රජය අවධාරණය කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img