Friday, September 18, 2026
HomeNEWSඅමානුෂික පහරකෑමකට ලක්වූ තරුණයා ව හමුදාවෙන් බේරාගනී

අමානුෂික පහරකෑමකට ලක්වූ තරුණයා ව හමුදාවෙන් බේරාගනී

විශ්වමඩු තේරාවිල් යුද්ධ හමුදා කඳවුරට ආසන්නයේ තරුණයෙකුට ප්‍රදේශවාසීන් පිරිසක් අමානුෂිකව පහර දෙමින් සිටියදී  6 වන ගැමුණු හේවා බළකා ඒකකය විසින් මුදාගෙන පුදුකුඩුඉරිප්පු පොලීසියට භාර දී තිබේ.

ප්‍රදේශවාසීන් විසින් සිදුකළ දැනුම්දීම මත 6 වන ගැමුණු හේවා බළකා නිලධාරීන් වහාම මේ පිළිබඳ පොලීසිය දැනුවත් කර ඇත.

එහෙත් පොලිස් නිලධාරීන්ට පැමිණීමට ප්‍රමාද වීම හේතුවෙන් හමුදා නිලධාරීන් වහාම ක්‍රියාත්මක වී අදාළ තරුණයාගේ ජීවිතය බේරාගෙන තිබේ.

පසුව පහරදීකෑමට ලක්වු පුද්ගලයාව පුතුකුඩුඉරිප්පු පොලීසිය වෙත භාරදී ඇත.

පසුගිය ජනවාරි 08 වන දින තරුණයින් පිරිසක් ක්‍රීඩා කරමින් සිටිය දී ආරවුලක් ඇතිව තිබේ.

එහිදි තේරාවිල් විශ්වමඩු ප්‍රදේශයේ තරුණයෙකු විදුලි පන්දමක් සොරකම් කළේ යැයි පවසමින් එම ප්‍රදේශයේම ජීවත් වන තවත් තරුණයෙකු විසින් පහරදීමක් සිදුකර තිබුණි.

පහරකෑමෙන් උරණව සිටි තරුණයා සහ ඔහුගේ පවුලේ ඥාතීන් විසින් පසුව පහරදීම සිදුකළ තරුණයාව අල්ලාගෙන අමානුෂික ලෙස වධහිංසාවට ලක්කර ගසක ගැට ගසා පහරදෙමින් සිටිය දී යුද හමුදාව මැදිහත්ව ඔහුව බේරාගෙන තිබේ.

සොරකම හා පහරදීම සම්බන්ධයෙන් පුතුකුඩුඉරිප්පු පොලීසිය විසින් මේ වන විට පරීක‍ෂණයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් අද විවෘතවේ.

ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය හා “දියජනනි” දඹුල්ල පාවෙන සූර්ය බලශක්ති බලාගාරය ජනපති ප්‍රධානත්වයෙන් විවෘතවේ. මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව සහ විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ඉහළ...

හෝමූස් හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ තෙල් නැවකට පහර දුන් බව ඉරානය කියයි

හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා යාත්‍රා කිරීමට උත්සාහ කළ "ටෝගෝ "රාජ්‍යයේ ධජය සහිත තෙල් ප්‍රවාහන නෞකාවකට පහර දුන් බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසයි:...

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. සැමරුම රනිල් තරුණ ප්‍රජාව සමග

පළමු වැනි විධායක ජනාධිපති ජේ. ආර්. ජයවර්ධන මහතාගේ 120 වැනි ජන්ම දින සැමරුම් උත්සවයක් කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේදී පැවැත්විණි. උත්සව අවස්ථාව සඳහා සහභාගී වූ...

ප්‍රජාතන්ත්‍රවාදය රැකගැනීම වෙනුවෙන් දේශපාලන පක්ෂ හා සිවිල් සංවිධාන රැසක් සම්මුතියකට

ශ්‍රී ලාංකේය ප්‍රජාතන්ත්‍රවාදී ව්‍යුහය, අධිකරණයේ ස්වාධීනත්වය සහ පුරවැසි අයිතිවාසිකම් රැක ගැනීම උදෙසා විපක්ෂ දේශපාලන පක්ෂ නායකයින්ගේ සහ සිවිල් බලවේගයන්ගේ ඒකාබද්ධ සම්මුතිය වෙනුවෙන් රටේ ප්‍රධාන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img