Monday, September 14, 2026
HomeNEWSපාර්ලිමේන්තුව කල්තැබේ

පාර්ලිමේන්තුව කල්තැබේ

‍විපක්ෂයේ විරෝධතා හමුවේ පාර්ලිමේන්තුව හෙට (22) දිනය දක්වා කල් තැබීමට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පියවර ගත්තේය.

ඒ අනුව හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තැබෙන බව කථානායකවරයා දැනුම්දුන්නේය.

අද උදෑසන 9.30ට පාර්ලිමේන්තුව රැස් වූ අවස්ථාවේ සිට විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැතිවරණ ඉල්ලා විවිධ ප්‍රකාශ සිදුකළේය.

පාර්ලිමේන්තුව හමුවේ නැගී සිටිමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සඳහන් කළේ, මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා ලෙසය.

ඊට ප්‍රතිචාර දක්වමින් කථානායකවරයා, අද පස්වරු 2ට පක්ෂ නායක රැස්වීමක් කැඳවීමට පියවර ගන්නා බව සඳහන් කළේය.

කෙසේවෙතත් ඉන් අනතුරුව විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ සිය අසුන්වලින් නැගී සිටිමින් විරෝධතා පුවරු ඉහළට ඔසවමින් සභා ගර්භය මැදට පැමිණ විරෝධතාවයේ නිරත වූහ.

අනතුරුව තත්ත්වය පාලනය කිරීම සඳහා කථානායකවරයා විසින් හෙට උදෑසන 9.30 දක්වා පාර්ලිමේන්තුව කල් තබන බව දැනුම් දුන්නේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img