Monday, September 14, 2026
HomeNEWSඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

ඛනිජ තෙල් සේවකයින්ට අතිකාල දීමනා අහිමි වන ලකුණු

ඛනිජ තෙල් සේවකයන්ගේ මෙම වසරට අදාළ අතිකාල දීමනා කපා දැමීමට රජය තීරණය කර ඇති බව වාර්තා වේ.

ඒ මෙම වසරේ ඛනිජ තෙල් සේවකයින්ගේ අතිකාල දීමනා ගෙවීම සඳහා රුපියල් කෝටි 360කට අධික මුදලක් ඇස්තමේන්තු ගත කිරීමත් සමඟ ය.

ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ තෙල් තොග ගබඩා පර්යන්ත සමාගම විසින් මීට අදාළ ඇස්තමේන්තුව සකස් කර ඇති අතර එය අනුමැතිය සඳහා මුදල් අමාත්‍යංශය වෙත යොමුකර තිබේ.

තොග පර්යන්ත සමාගමෙ හි සේවකයින් සඳහා පමණක් අතිකාල දීමනා සඳහා රුපියල් කෝටි 180ක මුදලක් ඇස්තමේන්තු ගත කර ඇති බව සඳහන්ය.

පසුගිය වසර කිහිපය සළකා බැලීමේ දී 2019 වසරේ දී තොග ගබඩා පර්යන්ත සමාගමේ සේවකයින්ට අතිකාල දීමනා ලෙස රුපියල් කෝටි 172කුත් 2020 වසරේ දි රුපියල් එක් කෝටි හැට ලක්ෂයක මුදලකුත් අතිකාල ලෙස ලබාදී තිබේ.

මීට සමාන මුදලක් ඛනිජ තෙල් සංස්ථාවේ සේවකයින්ට අතිකාල වශයෙන් ගෙවා ඇති බව වාර්තා වේ.

එමෙන්ම එම ආයතන දෙකෙහි සේවකයින් සඳහා වැටුප් සහ අනෙකුත් දීමනා වෙනුවෙන් රජය වසරකට කෝටි 1,500කට අධික මුදලක් වැය කරන අතර ඇතැම් සේවකයින් වැටුප මෙන් දෙගුණයකට ආසන්න මුදලක් අතිකාල ලෙස ලබාගන්නා බවට ද තොරතුරු අනාවරණය වේ.

එම තත්ත්වය සැලකිල්ලට ගනිමින් ඇස්තමේන්තු ගත අතිකාල දීමනා සලකා බැලීමෙන් අනතුරුව එම වසරේ අතිකාල දීමනා කප්පාදු කිරීමට රජය තීරණය කර ඇති බව සඳහන්ය. 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

ශ්‍රී ලංකාව පරාජය කරමින් ඉන්දියාවට ලකුණු 72ක ජයක්

කාන්තා ආසියානු කුසලානය 2026: ලකුණු 72 කින් ශ්‍රී ලංකාව පරදවා ඉන්දියාව ශූරතාව දිනා ගනී. ඉන්දියා:183/5 (20), ශ්‍රී ලංකා:111 (20), චමරි:36, නිලක්ෂිකා:22, ශ්‍රී චරණී:4/20, දීප්ති:19/3.

හංගේරියාව 2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලියේදී හෙල්ල විසි කිරීමෙන් රුමේෂ්ට තවත් රන් පදක්කමක්

2026 වර්ල්ඩ් අල්ටිමේට් මලල ක්‍රීඩා ශූරතාවලිය: (හංගේරියාව) හෙල්ල විසි කිරීම පිරිමි ඉසව්වේ ජය ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංගට. දක්ෂතාව:මීටර 91.09.

ඉන්දියාවෙන් ශ්‍රීලංකාවට ලකුණු 184ක ඉලක්කයක්

කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68, මන්දනා:59, අයෝධ්‍යා:1/33, චමරි:1/34, චමුදි:1/40. කාන්තා ආසියානු කුසලාන අවසන් තරගය: (ඩුබායි) පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව:183/5 (20), වර්මා:68,...

අපට තිබෙන්නේ රට ගොඩනැංවීමේ අපේක්ෂාවයි- ජනපති පොළොන්නරුවේදී කියයි

පොළොන්නරුව දිස්ත්‍රික් ගොවි සමුළුව අමතමින් ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා සිදු කළ කථාව (2026-09-12) මේ ආණ්ඩුවට දැන් වසර දෙකක් ගත වෙනවා. මීට පෙර බොහෝ අවස්ථාවල...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img