Tuesday, September 15, 2026
HomeNEWSශ්‍රී ලංකාව ගැන අමෙරිකාවේ අපේක්ෂාව

ශ්‍රී ලංකාව ගැන අමෙරිකාවේ අපේක්ෂාව

ශ්‍රී ලංකාව අද මුහුණදෙන ආර්ථික අභියෝග ජයගැනීම උදෙසා සශ්‍රීක ඉන්දු – ශාන්තිකර කලාපයක් ගොඩනැගීම අද වෙන කවරදාවකටත් වඩා තීරණාත්මක වන බව මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පවසන්නීය.

කොළඹ පැවැති ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක් ග්‍රන්ථය එළිදැක්වීමේ උත්සවයට එක්වෙමින් ඇය මේ බව සඳහන් කළාය.

ජෙනරාල් සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය විසින් සංවිධානය කරන ලද “ඉන්දු -ශාන්තිකර කලාපයට පොදු දැක්මක්: දකුණු ආසියාවට ඇති බලපෑම්” යන මැයෙන් වන කෘතියක් එළිදැක්වීම සිදුකෙරුණේ මෙරට අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මියගේ ප්‍රධානත්වයෙනි.

මෙහිදි කලාපීය විශ්ලේෂකයින් සහ එක්සත් ජාතීන්ගේ විශේෂඥයින් විසින් ඉන්දු ශාන්තිකර ක්‍රමෝපාය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විවිධාකාර දෘෂ්ටිකෝණවල අදහස් සහිත ලිපි එම ප්‍රකාශනයට ඇතුළත් කර තිබුණි.

එහිදී අදහස් දැක්වු  ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි, ජූලි චන්ග් මහත්මිය,

“ඉන්දු – පැසිෆික් කලාපීය ක්‍රමෝපාය සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ අදහස් සහ දැක්ම ශ්‍රී ලංකාව ඇතුළු කලාපීය රටවල් සමග බෙදාගන්න කැමැතියි. ලෝකයේ ආර්ථික සංවර්ධනයේ විශාල කොටසකට දායක වන ඉන්දු – පැසිෆික් කලාපය 21 වන සියවසේ භූ දේශපාලනයේ කේන්ද්‍රය වන අතර, වෙනත් කිසිදු කලාපයකට වඩා එය ලෝකයට වැදගත්කමක් උසුලනවා. එය විශේෂයෙන් ශ්‍රී ලංකාවට වැදගත් වන්නේ අප සැම දන්නා පරිදි ශ්‍රී ලංකාව ලොව කාර්ය බහුලතම නෞකා මාර්ගයක් ආසන්නයේ පිහිටීම නිසා. ශ්‍රී ලංකාව හා අමෙරිකානු එක්සත් ජනපදය අතර සම්බන්ධතාවය ඉතා පුළුල් සහ ගැඹුරු වන අතර, එහි හදවත වන්නේ ජනතා ප්‍රගතිය සහ සහයෝගීතාව උදෙසා අපේ කැපවීමයි. නෞකා ගමනාගමනයේ නිදහස තුළින් කොළඹ වරාය කලාපයේ වඩාත් කාර්යබහුල වරායක් බවට පත්වී තිබෙනවා. ඒ නිසයි ඉන්දු – පැසිෆික් කලාපයේ නිදහස් නෞකා ගමනාගමනය ප්‍රවර්ධනය කිරීම සඳහා උත්සහයක නිරත වෙන්නේ. විවෘත ඉන්දු – පැසිෆික් කලාපයක් ශ්‍රී ලංකාවට ඍජුවම බලපාන බව කියහැකිය. අමෙරිකානු එක්සත් ජනපදය තනි රටක් ලෙස ශ්‍රී ලංකාවේ විශාලතම අපනයන වෙළෙඳපොළ ද වෙනවා. ශ්‍රී ලංකාවේ ඩොලර් බිලියන 11ක් වන වාර්ෂික අපනයන ආදායමින් ඩොලර් බිලියන 2.8ක් හිමිවන්නේ අමෙරිකාවට සිදුකරන අපනයනවලින්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වෙතින් මූල්‍ය සහායක් අපේක්ෂා කරන මේ මොහොතේ, ශ්‍රී ලංකාවේ අනාගතය උදෙසා ආයෝජනය කළ ප්‍රධාන රටවල් සියල්ල වෙතින් නිශ්චිත හා විශ්වාසනීය මූල්‍ය සහතික කඩිනමින් ලැබෙනු ඇතැයි අමෙරිකාව අපේක්ෂා කරනවා. එය ශ්‍රී ලංකාවට නැවතත් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ මාවතට අවතීර්ණ වීමට සහාය වනු ඇත.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම 18 වෙනිදා කැඳවීමට අභියාචනාධිකරණය තීරණය කරයි

අධිකරණයට අපහාස කළ බවට කොටුව මහේස්ත්‍රාත්වරයා කර ඇති නිගමනය අභියෝගයට ලක් කරමින් පා. ම දිලිත් ජයවීර ඉදිරිපත් කළ රිට් පෙත්සම කරුණු තහවුරු කිරීම සඳහා...

22ට එරෙහිව සජබ 24 කොළඹට – විපක්ෂ නායක සජිත්

22ට එරෙහිව සජබ 24 කොළඹට - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට එරෙහිව ජනතා පෙළගැස්මක් සහ සාමකාමී උද්ඝෝෂණයක් ක්‍රියාත්මක කරන්න සැප්තැම්බර්...

මුදල් විශුද්ධිකරණ නඩුවක සැකකරුවකු ලෙස නාමල් රාජපක්ෂ නම් කරයි

ශ්‍රී ලංකන් ගුවන් සමාගම සඳහා යානා මිලදී ගැනීමේ ක්‍රියාවලියේදී සිදුවූ බව කියන මූල්‍ය අක්‍රමිකතාවලට අදාළව පවතින මුදල් විශුද්ධිකරණ නඩුවේ සැකකරුවෙකු ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල්...

කථානායකට එරෙහිව දයාසිරිගෙන් ජාත්‍යන්තර සංවිධාන 3කට පැමිණිලි

පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා විසින් කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාට එරෙහිව අන්තර්ජාතික පාර්ලිමේන්තු සංගමය (IPU), පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු සංගමය (CPA) සහ එක්සත්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img