Sunday, September 13, 2026
HomeNEWSපානදුරේ වෙඩිතැබීමෙන් මියගිය ව්‍යාපාරිකයා ගැන තවත් තොරතුරු

පානදුරේ වෙඩිතැබීමෙන් මියගිය ව්‍යාපාරිකයා ගැන තවත් තොරතුරු

පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේ දී ව්‍යාපාරිකයෙකු වෙඩි තබා ඝාතනය කර ඇතැයි පින්වත්ත පොලීසිය පැවසීය.

ගාලු පාර දෙස සිට මුහුදුබඩ මාර්ගය දෙසට ගමන්කර ඇති සුඛෝපභෝගී ජීප් රථයට යතුරු පැදිකරුවන් දෙදෙනෙකු පැමිණ වෙඩි තබා පළා ගොස් ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණවලදී තහවුරුව ඇතැයි පොලීසිය සඳහන් කළේය.

සුඛෝපභෝගී ජීප් රථයේ ගමන් කළ ව්‍යාපාරිකයා රියදුරු අසුනේම මියගොස්  සිට ඇති අයුරු දැකගත හැකි විය.

සම්පත් කුඩාගොඩ නමැති 56 හැවිරිදි කඩවත, කිරිල්ලවල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව පොලිසිය සඳහන් කරයි.

මියගොස්  ඇති තැනැත්තා කඩවත ප්‍රදේශයේ රට බීම හලක හිමිකරුවෙකු බවත් පොලීසිය පැවසීය.

යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුවන් වෙඩි තබන්නට ඇති බවට සැක පළ කරන බවත් ඔවුන් සොයා පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

මියගොස් ඇති තැනැත්තාට පානදුර පිංවත්ත ටී. ඩීමන් සිල්වා මාවතේද ඉදිකරමින් පවතින දෙමහල් නිවසක් ඇති බවත්, දරුවන් පාසලට ඇරලවා පින් වත්තේ නිවස වෙත එමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවත් පොලීසිය පවසයි.

පානදුර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img