Saturday, September 12, 2026
HomeNEWSහමුදා කඳවුරෙන් ගිනිඅවියක් රැගෙන සෙබළෙක් අතුරුදන් වෙයි

හමුදා කඳවුරෙන් ගිනිඅවියක් රැගෙන සෙබළෙක් අතුරුදන් වෙයි

පනාගොඩ යුද හමුදා කඳවුරෙන් T56 ගිනි අවියක් සහ එම උණ්ඩ 90ක් සහිත මැගසින් තුනක් සොරකම් කළ යුද හමුදා සෙබළෙකු සොයා මිනිමැරුම් හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කර තිබේ.

ඒ අනුව, සිදුකළ විමර්ශනවලදී අනාවරණ වී ඇත්තේ, සැකකාර සෙබළා ගිනි අවිය රැගෙන ගොඩගම පිහිටි විහාරස්ථානයකට පැමිණ ඇති බවය.

එම විහාරස්ථානයේ නායකහිමිනම සමග සමීප සබඳතාවක් පවත්වා ඇති අදාළ සෙබළා එහිදී එම හිමිනමගෙන් ගිනි අවිය රැගෙන යාම සඳහා බෑගයක් ද ඉල්ලාගෙන ඉන් පළාගොස් ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබේ.

සැකකරුට ආධාර අනුබලදීම යටතේ සැකකාර හිමිනම අත්අඩංගුවට ගෙන හෝමාගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදාහැර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රතු මුහුදු වෙරළ තීරය අත්පත් කරගනිමින් හවුති කැරළිකරුවන් දුබාබ් නගරයට ළඟා වෙයි

හවුති කැරළිකරුවන් පෙරිම් දූපත ඉදිරිපිට දුබාබ් නගරයට ළඟා වෙයි. ගෝලීය සමුද්‍ර වෙළඳාමෙන් 10 - 12% ක පමණ මෙහෙයුම් වන බාබ් අල්-මන්ඩාබ් සමුද්‍ර සන්ධිය දෙපසත්...

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img