Friday, September 11, 2026
HomeNEWSශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකියි - ජනාධිපති

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකියි – ජනාධිපති

ශ්‍රී ලංකාව බංකොලොත් රටක් ලෙස මින් ඉදිරියට සැලකිය නොහැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇතිකරගත් එකඟතාවය අනුව මෙතැන් සිට රටේ ඉදිරිගමන ගෙනයා යුතු බව ජනාධිපතිවරයා පැවසීය.

ඔහු මේ බව පැවසුවේ ශ්‍රී ලංකා – IMF එකඟතාවය ගැන විශේෂ ප්‍රකාශයක් කරමිනි.

“ඊයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර මණ්ඩලය ශ්‍රී ලංකාව සමග විස්තීර්ණ ණය පහසුකම් එකඟතාවය අනුමත කළා. ඒ අනුමත කිරීමෙන් ශ්‍රී ලංකාවට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ශක්තියක් තිබෙන බවට සහතික කරලා තියෙන්නේ. ශ්‍රී ලංකාව බංකොලොත් රටක් හැටියට මින් පස්සේ සලකන්නේ නෑ. ඒ නිසා සාමාන්‍ය ගනුදෙනු ආරම්භ කරන්න පුළුවන්. ඒ වගේම අපේ විදේශ විනිමය තත්ත්වය දියුණුවෙන්න දියුණුවෙන්න අද ආනයන සීමා ක්‍රමාණූකූලව ඉවත් කරන්න යනවා. අත්‍යවශ්‍ය භාණ්ඩ, ඖෂධ, සංචාරක ව්‍යාපාරයට වගේ වූවමනා භාණ්ඩ ඒ පළවෙනි වටේට ඇතුළත් වෙනවා. දැන් අපි මෙතන ඉඳලා ඉදිරි ගමන ගෙනියන්න ඕනේ මේ එකඟතායට අනුව. දැනට මාගේ යුතුකම අපිට මේ එකඟතාවය ලබාගන්න ක්‍රියාකරපු රටවල් සියල්ලටම, IMF, ලෝක බැංකුවේ ප්‍රධානීන් දෙදෙනාටත් මගේ ස්තූතිය ප්‍රකාශ කරන්න. මේ ගැන සම්පූර්ණ ප්‍රකාශයක් මම හෙට පාර්ලිමේන්තුවේදි කරනවා. ඒ වගේම ගිවිසුමත් පාර්ලිමේන්තුවේ සභාගත කරනවා.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img