Friday, September 11, 2026
HomeNEWSපුතුන් දෙදෙනා පියාව ඝාතනය කරයි

පුතුන් දෙදෙනා පියාව ඝාතනය කරයි

සිය පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිවූ පුතුන් දෙදෙනෙකු විසින් පියාව ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා විය. 

ඒ, යාපනය, මිරුසුවිල් ප්‍රදේශයෙනි.

අදාළ ඝාතනය සඳහා පුතුන් දෙදෙනාගේ මිතුරෙකු ද හවුල් වී ඇති අතර ඔවුන්ව ඊයේ (01) අත්අඩංගුව ගත් බව යාපනය කොඩිකාමම් පොලීසිය පැවසීය.

පොලීසිය පැවසූවේ, මිරුසුවිල් ප්‍රදේශයේ වගා බිමක පුද්ගලයෙකු කපාකොටා ඝාතනය කර ඇති බවට ලද තොරතුරක් මත සිදුකළ විමර්ශනයේදී සැකකාර තිදෙනා අත්අඩංගුවට ගත් බවය.

ඝාතනයට ලක්වී ඇත්තේ, මිරුසුවිල් ප්‍රදේශයේ ඉඩමක වගා කරමින් ජීවත්වු 43 හැවිරිදි ශිවසෝති ශිවකුමාර් නම් පුද්ගලයෙකි.

එම ඝාතනය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇත්තේ මියගිය පුද්ගලයාගේ පුතුන් වන 17 හැවිරිදි හා 19 හැවිරිදි තරුණයින් දෙදෙනාවය.

අත්අඩංගුවට ගෙන ඇති අනෙක් පුද්ගලයා 19 හැවිරිදි තරුණයෙකි.

පියාව ඝාතනය කිරීමෙන් අනතුරුව වැඩිමහල් පුත්‍රයා හා ඔහුගේ මිතුරා තුවාල සහිතව රෝහල්ගතවී ඇති අතර, එහිදී පවසා ඇත්තේ කිසියම් පිරිසක් පැමිණ තම පියාව ඝාතනය කොට පළාගිය බවය.

තමන් පියා බේරාගැනීමට උත්සාහ කිරීමේදී තමන්ටද කැපුම් තුවාල සිදුවූ බව වැඩිමහල් පුත්‍රයා පොලීසිය වෙත පවසා තිබුණි.

එහෙත් මියගිය පුද්ගලයා දැනට වසර දෙකක කාලයක සිට බිරිඳගෙන් හා දරුවන්ගෙන් වෙන්වී ජීවත්වී ඇති බවට පොලීසිය අනාවරණය කරගෙන ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් මියගිය පුද්ගලයාගේ බාල දරුවාගෙන් සිදුකළ විමසීමේදී බාල දරුවා පවසා ඇත්තේ පියාගේ කරදර ඉවසා ගැනීමට නොහැකිව තමන් පියාව ඝාතනය කළ බවය.

අත්අඩංගුවට ගත් පුතුන් දෙදෙනා හා ඔවුන්ගේ මිතුරා යාපනය චාවකච්චේරි මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

සිද්ධිය සම්බන්ධයෙන් කොඩිකාමම් පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක්

කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ කතෝලික ආගමික නායකයින් සහ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා...

හවුති කැරළිකරුවන් රතු මුහුදේ වෙරළ තීරයම අල්ලා ගැනීමෙි සැලසුමක්

හවුති කැරළිකරුවන් යේමන වෙරළාසන්න නගරයක් වන අක්-මකා අත්පත් කරගෙන, රතු මුහුදේ වෙරළ තීරයම ලබා ගැනීමෙි අරමුණින් බාබ් අල්-මන්දෙබ් සමුද්‍ර සන්ධිය දෙසට ගමන් කරමින් සිටියි:...

22 වන ව්‍යවස්ථා සංශෝධන සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත්, 24 සහ 25 විවාදයට

22 වන ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණ සංවිධාන (සං⁣ශෝධන) පනත් කෙටුම්පත, සැප්:24 සහ 25 විවාදයට ගැනීමට අද (10) රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක...

ආණ්ඩුව විසින් ජාත්‍යන්තර සංවිධාන හෑල්ලු කිරීම නිසා විපාක විඳින්න වෙන්නේ රටට- ඒකාබද්ධ විපක්ෂය

කොළඹ මල්පාර දේශපාලන කාර්යාලයේ දී 2026 සැප්තැම්බර් 09 වැනි දින පැවැති මාධ්‍ය හමුවේදී ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැදවුම්කරු මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පළ කළ අදහස්. අද ඇතැම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img