Sunday, November 1, 2026
HomeNEWSමෙරට ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සැර ප්‍රකාශයක්

මෙරට ආර්ථිකය ගැන ලෝක බැංකුවෙන් සැර ප්‍රකාශයක්

ශ්‍රී ලංකාවේ දියාරූ දේශපාලන තත්ත්වය රටේ ආර්ථික දැක්ම සඳහා සැලකිය යුතු අවිනිශ්චිතතාවයක් ඇති කරන බව ලෝක බැංකුව පවසයි.

ඔවුන් පෙන්වාදෙන්නේ, ණය තිරසරභාවය යථා තත්ත්වයට පත් කිරීම සදහා බාහිර මෙන්ම ඇතැම් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ද අවශ්‍ය වනු ඇති බවය.

ලෝක බැංකුව සිය නවතම වාර්තාව මඟින් පෙන්වා දී ඇත්තේ 2023 වර්ෂය සහ ඉන් ඔබ්බට ශ්‍රී ලංකාවේ ආර්ථිකය සැලකිය යුතු අභියෝගවලට මුහුණදෙන බවය.

2023 වර්ෂය තුළ මෙරට ආර්ථිකය සියයට 4.3කින් හැකිලෙනු ඇති බවට එම වාර්තාව මගින් පුරෝකථනය කර තිබේ.

ජාත්‍යන්තර හවුල්කරුවන්ගේ මුල්‍යකරණයේ සහය ඇතිව රජයේ ප්‍රතිසංස්කරණ වැඩසටහන ශක්තිමත් සහ ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීම තුළින් ආර්ථිකය යහපත්ව පවත්වා ගැනීමට හැකියාව පවතින බව ලෝක බැංකුව පෙන්වාදෙයි.

2021 සහ 2022 වර්ෂවල ලක්ෂ 27කට වැඩි පිරිසකගේ රැකියා අහිමි වී ඇති අතර ලක්ෂ 27ක් දරිද්‍රතාවයට ඇද වැටී ඇති බව ලෝක බැංකුව නිකුත් කළ වාර්තාවේ සඳහන්ය.

දිළිඳු පවුල් සහ අවදානමට ලක්වූවන් ආරක්ෂා කරගැනීම සඳහා වැඩි අවධානයක් යොමුකළ යුතු බව එම වාර්තාවේ වැඩිදුරටත් සඳහන් වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අද මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ඉහළට

අද (01) මධ්‍යම රාත්‍රියේ සිට සුදු ඩීසල් ලීටරයක් රු:5 කින් ඉහළට. නව මිල (රු:397), සුපිරි ඩීසල් රු:15 කින් ඉහළට. නව මිල (රු:543), ඔක්ටේන් 95 රු:15 කින්...

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img