රජය නීත්යානුකූලව රාජ්ය ත්රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා
රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම් ඇති බවත් තමන් පිළිගන්නා ආගමක් ඇදහීම තමන් විශ්වාස කරන මතයක් දැරීම කැමති දේශපාලන පක්ෂයක සාමාජිකත්වය ලබා ගැනීම සහ විශ්වාස කරන චින්තනය ගැන කතා කිරීමේ රැස්වීමේ පැවැත්වීමේ අයිතිය ඇති බවත් සාමකාමී උද්ඝෝෂණ පැවැත්වීම ආදිය පුරවැසියන්ගේ නිදහස වුවත් මේ වන විට වත්මන් රජය අණපනත් 02ක් ගෙනවිත් ජනතාවගේ නිදහස නැති කරන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය.
විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා මේ බව කියා සිටියේ අද පොළොන්නරුව දිස්ත්රික්කයේ, පොළොන්නරුව, ගල්ලෑල්ල කුසුම්ගම ශ්රී සුබෝධිරාජාරාම විහාරස්ථානයේ සංවර්ධන කටයුතු සඳහා සිමෙන්ති කොට්ට ලබා දීමේ අවස්ථාව හා එක්වෙමිනි.
රාජ්යය ත්රස්තවාදයෙන් බේරා ගැනීම සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත ලෙස පනත් 02ක් ගෙනවිත් සෑම අවස්ථාවකදීම අධිකරණ බලය හීන කිරීම, ත්රස්තවාදියා කවුද නැද්ද කියා නිර්වචනය කිරීමේ බලය විධායකයට බාර දී ඇති බවත් විධායකය කැමති ආකාරයට ත්රස්තවාදියා අර්ථකථනය කළ හැකි බවත් ජනතාව අදින ඇඳුම, කොන්ඩා මෝස්තරය, පච්ච කෙටීම ආදිය මූලික කර ගෙන ඔ්නෑම අයකු ත්රස්තවාදියකු සංවිධානාත්මක අපරාධකරුවකු ලෙස හැඳින්වීමේ බලය රජය ලබා ගන්නා බවත් මෙය නීත්යානුකූලව රාජ්ය ත්රස්තවාදය ලක්ෂ 220ක් ජනතාව කරපිට පැටවීම බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
රජය හදන්නේ ජනතාවගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කරන්න
රාජ්යය ත්රස්තවාදයෙන් ආරක්ෂා කිරිමට ජාත්යන්තර සම්මුතීන් හා අවබෝධතා රැසක් ඇති බවත් ඒවාට අනුව සකස් කරන ලද පනතක් රටට අවශ්ය නමුත් දැන් ගෙන විත් ඇති පනතින් ජනතාවගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය වන බවත් රජය කරන්නේ ජනතාවගේ මූලික හා මානව අයිතිය ආරක්ෂා කරනවා වෙනුවට ජනතාවගේ මූලික හා මානව අයිතිය උල්ලංඝනය කිරීමක් බවත් රජය උත්සාහ කරන්නේ තනි පක්ෂ පාලනයක් ස්ථාපිත කර ප්රජාතන්ත්රවාදය විනාශ කිරීම රජයේ ඒකායන අරමුණ බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසීය.
රජය දැන් ස්වාමීන් වහන්සේලාගේ සිවුරටත් අත තියලා අවසන්
රටේ බහුතරයක් නියෝජනය වන බෞද්ධ ප්රජාවගේ නියෝජනත්වය හා අයිතිවාසිකම් සුරක්ෂිත වන ආකාරයට බුදුසසුනට සුවිශේෂ තත්ත්වයක් ආණ්ඩුක්රම ව්යවස්ථාවෙන් ලබා දී ඇති බවත් ඊට අමතරව සෙසු ආගම් ජාති සංස්කෘතීන්ට ද නියමිත වටිනාකම් සහ පිළිගැනීමක් මෙන්ම ආරක්ෂාවක් රැකවරණයක් ලබා දී ඇති බවත් මෙය පදනම් කර ගෙන රණසිංහ ප්රේමදාස මහතා බුද්ධශාසන කැබිනට් අමාත්යාංශයක් ස්ථාපිත කර සෙසු ආගම් ජාති වෙනුවෙන් රාජ්ය අමාත්යාංශ ස්ථාපිත කළ බවත් ඉන් පසුව ඒවා වෙනස් වී මේ වන විට ස්වාමීන් වහන්සේලාගේ සිවුරට අත තබන්න පවා රජය කටයුතු කර ඇති බවත් ගිහියන් ලෙස කුමන තනතුරක් දැරුවත් සිවුරට අත තබන්න නොහැකි බවත් ඒවා කරන්න චක්රලේඛ තිබුණත් ඒවා ක්රියාත්මක කරන්න පෙර සාකච්ඡා කළ යුතු වුවත් එවැනි දෙයක් නොකළ බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
සටන් පාඨ බෞද්ධයෝ මෙන් අපි ආගම තුළින් දේශපාලනය කරන්නේ නැහැ
අදටත් මේ සිදුවූ දේ ගැන රටෙන් සමාව ඉල්ලීම ජනාධිපති ප්රමුඛ රජය නොකළ බවත් සත්යවාදී යථාර්ථවාදී සුපිරිසුදු ප්රායෝගික බෞද්ධයන් ලෙස ආගම දහම රකින අතරතුර ජාතිවාදය හා ආගම්වාදය ප්රතික්ෂේප කර සත්ජාතිකත්වය අනුගමනය කරමින් සෑම ආගමකටම ජන කොට්ඨාසයකටම ගරු කරන බවත් සටන් පාඨ බෞද්ධයෝ කාඩ්බෝඩ් බෞද්ධයෝ බෞද්ධාගම දේශපාලනයට ගෙන වාසි ලබා ගන්න උත්සාහ කරන බවත් විපක්ෂ නායකවරයා පැවසීය.
























