Sunday, November 1, 2026
HomeNEWSහෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම්..ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට තවත් 13,000ක්

හෙද නිලධාරීන් 2,819කට පත්වීම් සහ 76කට උසස්වීම්
ඉදිරි වසර දෙක තුළ හෙද සේවයට 13,000ක් බඳවා ගන්නවා

  • සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ පවතින හෙද විදුහල්වල තුන් අවුරුදු උසස් ඩිප්ලෝමා පාඨමාලාව හැදෑරූ 2020 ශිෂ්‍ය හෙද කණ්ඩායමේ අභ්‍යාසලාභීන් 2,819 දෙනෙකු තුන්වන ශ්‍රේණියේ හෙද නිලධාරීන් ලෙස මෙරට සෞඛ්‍ය සේවයට බඳවා ගැනීමේ පත්වීම් ලිපි ප්‍රදානය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (01) පෙරවරුවේ අරලියගහ මන්දිරයේදී සිදු විය.

2019 සහ 2020 වර්ෂවල අ.පො.ස. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂය ධාරාවන්ගෙන් පෙනී සිට, 2023 වර්ෂයේදී දිවයින පුරා පිහිටි හෙද විදුහල් 16ට ඇතුළත්ව වසර තුනක උසස් ඩිප්ලෝමා පාඨමාලාව සාර්ථකව නිම කළ හෙද නිලධාරීන් 2,819 දෙනෙකු මෙලෙස පත්වීම් ලැබූහ.

මෙලෙස පත්වීම් ලබන හෙද නිලධාරීන් දිවයින පුරා පිහිටි මධ්‍යම රජයේ සහ පළාත් සභා යටතේ පාලනය වන රෝහල් සහ සෞඛ්‍ය ආයතන වෙත අනුයුක්ත කිරීමට නියමිතය.

මෙම පත්වීම් ලිපි ප්‍රදානයට සමගාමීව රෝහල් සේවයේ නිරත පළමු ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) 76 දෙනෙකු විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් (රෝහල් සේවා) ලෙස උසස් කිරීමට අදාළ උසස්වීම් ලිපි ප්‍රදානය කිරීම ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී අදහස් දැක්වූ සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා රෝහල් පද්ධතියේ පවතින කාර්ය මණ්ඩල හිඟය මඟහරවා ගනිමින් ජනතාවට වඩාත් ගුණාත්මක සෞඛ්‍ය සේවාවක් ලබාදීම වෙනුවෙන් පුරප්පාඩු පියවීමේ කටයුතු කඩිනම් කර ඇති බවයි.

2017 වසරෙන් පසුව හෙද සේවයේ පුරප්පාඩු පියවීම සඳහා අමාත්‍යාංශය මේ වන විට විශේෂ අවධානයක් යොමු කර ඇති බව අමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නේය. ඉදිරි දස වසර (2025-2035) සඳහා වූ සෞඛ්‍ය ප්‍රතිපත්තියට සහ උපායමාර්ගික සැලසුම්වලට අනුව, විද්‍යානුකූල දත්ත පදනම් කර ගනිමින් අවශ්‍ය කාර්ය මණ්ඩලය පුරෝකථනය කර ඇති බවත්, ඒ අනුව 2027-2029 වසර තුන සඳහා හෙද සේවයට 13,000ක මානව සම්පතක් බඳවා ගැනීමේ කටයුතු මුදල් අමාත්‍යාංශයේ කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය යටතේ සූදානම් කර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය හංසක විජේමුණි, සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු සහ අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරුන්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනාධිපති මාධ්‍ය අංශය
2026-11-01

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් – විපක්ෂ නායක සජිත්

රජය ආණ්ඩු බලය බලහත්කාරයෙන් හෝ තබා ගැනීමට මර්දන අණ පනත් ගණනාවක් ගෙන ඒමට සූදානම් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වරායේ ගොඩබාන මිලට ඉන්ධන ලබා...

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරනවා- ජනපති

ආදායම් ඉලක්කවලට තර්ජනයක් නොවන අයුරෙන් මෙවර අයවැයෙන් යම් බදු ප්‍රමාණයක් අඩු කරන බව, ජාතික විද්වත් සංවිධානයේ ජාතික සමුළුවට එක්වෙමින් ජනපති කියයි.-ජාතික විද්වත් සංවිධානයේ ජාතික...

ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක අභාවප්‍රාප්ත වෙයි

ජාතික ජන බලවේගයේ විධායක කමිටු සාමාජික, ජ්‍යෙෂ්ඨ නීතීඥ ලාල් විජේනායක (86) මහනුවර පෞද්ගලික රෝහලකදී අභාවප්‍රාප්ත වෙයි.

ශ්‍රී ලංකාව පරාජයට පත් කරමින් පාකිස්ථානයට තුන් තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ජය

තුන්කොන් එක්දින තරගාවලිය - (අවසන් තරගය), පාකිස්ථානය කඩුළු 3 ක ජයක් සමඟ ශූරතාව දිනා ගනී. ශ්‍රී ලංකාව:325/8,පාකිස්ථානය:331/7 (48.3), ෆකර් සමන්:127, බායිග්:74, මදුසංක:63/3.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img