Sunday, November 1, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ සාකච්ඡා ඇරඹෙයි

ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණයට අදාළ කටයුතු සම්බන්ධීකරණය සඳහා වන විශේෂ සාකච්ඡාව ජපානය, ඉන්දියාව සහ ප්‍රංශය මූලිකත්වය ගෙන ආරම්භ කෙරුණි.

එම රටවල් අමෙරිකාවේ වොෂිංටන් හි පැවැත්වෙන ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික ස්ප්‍රින්ග් මීටින්ස් රැස්වීමට සහභාගී වී සිටින අතරතුර මෙම විශේෂ මාධ්‍ය හමුව සිදුකෙරුණි. 

ශ්‍රී ලංකාව සහ එහි සියලුම ණය හිමියන් අතර සමීප සම්බන්ධීකරණය, ණය ස්ථාවරත්වය ඇතිකිරිම සදහා ප්‍රතිකර්මයක් කඩිනමින් ක්‍රියාත්මක කිරිමට ඉතා වැදගත් වන බව ඉන්දීය මුදල් අමාත්‍ය නිර්මලා සීතාරාමන් මහත්මිය එහිදී පැවසීය.

ශ්‍රි ලංකාවේ දීර්ඝ කාලීන මිතුරෙකු වශයෙන් ඉන්දියාව ණය ප්‍රතිව්‍යුහගත කරණය සම්බන්ධයෙන් පළමුව කැමැත්ත පළ කළ බවද බලාපොරොත්තු නොවූ ආර්ථික අර්බුදය හමුවේ ශ්‍රි ලංකාවට සහාය පළ කළ බවද ඉන්දීය මුදල් අමාත්‍යවරිය පැවසීය.

ඇය වැඩිදුරටත් සදහන් කළේ ශ්‍රි ලංකාව සහ ශ්‍රි ලංකාවට ණය දෙන රටවල් සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවය.

එහිදී අදහස් දැක්වු ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජ්‍ය කළමණාකාර අධ්‍යක්ෂ කෙන්ජි ඔකමුරා එම මාධ්‍ය හමුවේදී සඳහන් කළේ ශ්‍රි ලංකාවට සිය අර්බුදයෙන් හැකි ඉක්මනින් ගොඩඒම සදහා කඩිනමක් විසඳුමක් අවශ්‍ය බවය.

සියලුම ද්ව්පාර්ශවික ණය හිමියන් සාකච්ඡා වලට සහභාගී වී පළමු සමාලෝචනයට පෙර එම ක්‍රියාවලිය සම්පුර්ණ කරනු ඇති බවට බලාපොරොත්තු වන බවද ඔහු සදහන් කළේය.

සූම් තාක්ෂණය ඔස්සේ එම මාධ්‍ය සාකච්ඡාවට එක්වෙමින් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසුවේ ශ්‍රි ලංකාවේ ණය අර්බුදය විසඳීමේ කඩිනම් ප්‍රගතියක් ලබාගැනීම සඳහා ද්ව්පාර්ශ්වික ණය දෙන රටවල ආරම්භය මෙමගින් සනිටුහන් වන බවය.
 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

දුම්බර බන්ධනාගාරයෙන් පලා යෑමට තැත්කළ රැඳවියෙකු වෙඩි තැබීමකින් මරුට

දුම්බර බන්ධනාගාරයේ සිටි රැදවියෙකු පලායෑමට තැත් කිරීමේදී බන්ධනාගාර නිලධාරීන් සිදුකළ වෙඩිතැබීමකින් ජීවිතක්ෂයට: බන්ධනාගාර දෙපාර්තමේන්තුව .

විශ්වාසය ගොඩනැගීමේ මාධ්‍යයේ කාර්යභාරය විදේශ ඇමති විජිත අවධාරණය කරයි

සත්‍යය තහවුරු කිරීම, මහජන විශ්වාසය ගොඩනැගීම සහ සාමය ප්‍රවර්ධනය කිරීමේදී මාධ්‍යයේ කාර්යභාරය අමාත්‍යවරයා අවධාරණය කරයි සාවද්‍ය තොරතුරු පැතිරීම වැළැක්වීම, මහජන විශ්වාසය තහවුරු කිරීම සහ ප්‍රජාවන්...

රජය, රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් – විපක්ෂ නායක සජිත්

රජය නීත්‍යානුකූලව රාජ්‍ය ත්‍රස්තවාදය ජනතාවගේ කරපිට පටවන පනත් 02ක් ගෙනවිත් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා රටේ පුරවැසියන් ලෙස සියලු දෙනාටම මූලික හා මානව අයිතිවාසිකම්...

හානි වූ පාලම් 14ක් ප්‍රතිසංස්කරණයට චීන රජයෙන් රුපියල් මිලියන 3,933 ක පූර්ණ ප්‍රදානයක්

" ශ්‍රී ලංකාවේ ආපදා පසුකාලීන පාලම් ප්‍රතිසංස්කරණය සඳහා වන චීන රජයේ හදිසි ආධාර ව්‍යාපෘතියේ’ පළමු අදියර නිල වශයෙන් ඇරඹේ.....! හානි වූ පාලම් 14ක් ප්‍රරතිසංස්කරණයට චීන...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img