Thursday, November 12, 2026
HomeNEWSඋතුරටත් දකුණටත් කිසිදු භේදයකින් තොරව සලකන බවට ඇමැති මනුෂ ගෙන් සහතිකයක්.

උතුරටත් දකුණටත් කිසිදු භේදයකින් තොරව සලකන බවට ඇමැති මනුෂ ගෙන් සහතිකයක්.

සංහිදියාවේ ගුණාංගය ආණ්ඩුවට හැමදාමත් තිබෙනවා – උතුරටත් දකුණටත් එක සේ සලකන බවට වන පණිවුඩය රැගෙන ග්ලෝකල් ෆෙයාර් -2023 යාපනයට

උතුරටත් – දකුණටත් කිසිදු භේධයක් නොමැතිව, සලකන බවට වන පණිවුඩය රැගෙන කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ජංගම සේවය වන ග්ලෝකල් ෆෙයාර් 2023, ලබන 15 සහ 16 යන දින දෙකේදී යාපනය මුට්‍රවේලි ක්‍රීඩාංගනයේදී පවත්වන බව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පැවසුවේය.

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේදී අද (10) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී අදහස් දැක්වූ ඇමැතිවරයා මේ බව පැවසුවේය.

ඔහිදබ වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද පැවසුවේය.

දකුණෙන් පටන් ගනිපු ග්ලෝකල් ෆෙයාර් 2023 යාපනයට අරගෙන යන්න අපි කටයුතු කරලා තියෙනවා. ජාත්‍යන්තර ලංකාවට ගේන්න, ලංකාව ජාත්‍යන්තරයට අරගෙන යන්න, ලංකාවේ ශ්‍රමිකයා ලෝකයට අරගෙන යන්න, ලෝකයේ දැනුම ලංකාවට අරගෙන එන්න මේ ග්ලෝකල් ෆෙයාර් සපි ආරම්භ කරලා තියෙනවා.

අපි දකුණ නියෝජනය කරන දේශපාලඥයෝ. අපි දකුනේ දේශපාලඥයෝ කියලා සමහරු හිතනවා. හැබැයි අපිට උතුර දකුණ කියලා භේධයක් නෑ. මුළු රටම විදියට අපි වැඩ කරන්නේ. උතුරට සිදුවන අසාධාරණකම් ගැන කතා කරන විට දකුණෙන් අත්හදාබැලීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරලා, පළමු වැඩපිළිවෙල යාපනයෙන් ආරම්භ කරනවා. මේ හරහා මිනිස් ජාවාරම වැලැක්වීමට, විවිධ ජාවාරම්වලට අහුවෙන අය ඒවාට අහුවීම වැලැක්වීමට, පුහුණුවක් නැති අය විදේශ රැකියාවලට යනවා වෙනුවට පුහුණුවක් ඇති අය විදේශ රැකියා සදහා යොමු කිරීමට, විදේශ රැකියාවලට යාමේදී අවශ්‍ය දැනුවත් කිරීම් පහසුකම් ලබාදීමට අපි මෙහිදී කටයුතු කරනවා.

කොළඹට ඇවිත් අපේ අමාත්‍යාංශයෙන් ලබාගන්න සේවාවන් සියල්ලම අපි කොළඹට එන්නේ නැතිව යාපනයේදීම ලබාගැනීමට මෙහිදී අවස්ථාව ලබාදෙනවා. පුහුණුවීම්, සේවක අර්ථසාධක අරමුදල්, සේවක භාරකාර අරමුදල් සම්බන්ධ ගැටලු, විදේශ රැකියා අමාත්‍යාංශයට සම්බන්ධ කාරණා, විදේශ කටයුතු අමාත්‍යාංශයේ කන්සියුලර් අංශයේ සේවාවන් එකම තැනදකී ලබාගැනීමට අවශ්‍ය පහසුකම් ලබාදී තිබෙනවා.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව එනවා වගේ පාසල් දරුවන්ට අධ්‍යාපනයට උදව් කිරීම්, ප්‍රජා සේවා අවස්ථාවන් ලබාදෙනවා. අපිත් එක්ක විදේශ කටයුතු අමාත්‍යාංශය, ශ්‍රී ලංකා මහ බැංකුව අත්වැල් බැදගෙන ඉන්නවා. සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල් මණ්ඩලය, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරිය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, වගේ ආයතන හැම එකක්ම මෙතැනට එනව. දවස් ගණනාවක් ඇවිත්, පෝලිම්වල ඇවිත් කරගන්න තියෙන සේවාවන් සියල්ලම මෙතැනදී ලබාදීමට කටයතු කරනවා.

යාපනයට ගිහින්, යාපනයේ දෙමළ භාෂාව කතා කරන අයට, ඒ භාෂාවෙන්ම අවශ්‍ය සේවාවන් ලබාදෙනවා. දේශීය – විදේශීය රැකියා අවස්ථාවන් ලබාගැනීමට අවස්ථාව ලබාදෙනවා. පුහුණුව තිබෙන ඒත් සහතික නොමැති අයට වෘත්තීය පුහුණු අධිකාරිය හරහා සහතික ලබාදෙනවා. ආබාධිත අය සම්බන්ධයෙන්, ඔවුන්ට රැකියා ගත කිරීම්, පුහුණු කිරීම් සම්බන්ධයෙන් අවශ්‍ය සේවාවන් ලබාදෙනවා.

වෘත්තීය ආරක්ෂාව සම්බන්ධයෙන් දැනුවත් කිරීමට කටයුතු කරනවා. කම්කරු විශය සම්බන්ධ කරුණු දැනුවත් කිරීමට මෙහිදි කටයුතු කරනවා. සෙනසුරාදා හා ඉරිදා රාත්‍රීයට විනෝද විය හැකි සංගීත ප්‍රසංග පැවැත්වීමට කටයුතු කර තිබෙනවා.

මේ සදහා සභාගී වන අයද ඔන් ලයින් ලියාපදිංචිය ලබාදීමට කටයුතු කරනවා. ලියාපදිංචි වෙලා තමන්ගේ ක්‍යු අර් කේතය භාවිතා කරන්න පුලුවන්.

මේක එක රටක්. එක දේශයක්. එක රටේ ඉන්න හැමෝටම එක විදියට අපි සලකනවා. එකවිදියට සේවාවන් ලබාදෙනවා කියන පණිවුඩයත් ග්ලෝකල් ෆෙයාර් හරහා අපි අරගෙන යනවා. බොහෝ දෙනෙක් සංහිදියාව ගැන කතා කරන්නේ මානව හිමිකම් කවුන්සිල සැසිවාරය එන කාලෙට විතරයි. ඒත් අපි හැමදාමත් සංහිදියාවේ යුතුකම, තිබිය යුතු ගුණාංගය රජයක් විදියට අපි පවත්වාගෙන යනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img