Thursday, November 12, 2026
HomeNEWS ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව නිසි ලෙස අධ්‍යයනය කර සංවර්ධන ව්‍යාපෘති සකසන්න-අමාත්‍ය...

 ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව නිසි ලෙස අධ්‍යයනය කර සංවර්ධන ව්‍යාපෘති සකසන්න-අමාත්‍ය ප්‍රසන්න රණතුංග.

 ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන්නැයි ඇමති ප්‍රසන්නගෙන් නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස්…
 අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන්න, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සැකසීමටත් උපදෙස්…
 සංවර්ධන ව්‍යාපෘති අදාළ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම්වලට යොමුකර, පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සමඟ සාකච්ඡා කරන්න…
 ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව නිසි ලෙස අධ්‍යයනය කර සංවර්ධන ව්‍යාපෘති සකසන්න..
 රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධ වී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන්න…

                                                - අමාත්‍ය ප්‍රසන්න රණතුංග

ලබන වසරේදී ක්‍රියාත්මක කිරීමට නියමිත සංවර්ධන ව්‍යාපෘති සඳහා ව්‍යාපෘති වාර්තා සකසා ටෙන්ඩර් කැඳවීම් දැන්මම ආරම්භ කරන ලෙස නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් දුන්නේය.

අමාත්‍යවරයා පෙන්වා දුන්නේ එවිට මුදල් ලැබුණු වහාම කල් නොයවා අදාළ ව්‍යාපෘති ආරම්භ කළ හැකි බවයි.

එමෙන්ම මේ වනවිට අතරමඟ නතරව ඇති ව්‍යාපෘති නැවත ආරම්භ කිරීමට ඇති හැකියාව පිළිබඳව මුදල් අමාත්‍යංශය සමඟ සාකච්ඡා කරන ලෙසත්, අවශ්‍යනම් අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් සකස් කරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ලේකම්වරයාට වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව සඳහන් කළේ නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ප්‍රගති සමාලෝචන රැස්වීමට අද (13) සහභාගී වෙමිනි.

බත්තරමුල්ලේ පිහිටි අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී මෙම සාකච්ඡාව පැවැත්විණි.

එහිදී අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසුවේ අලුතින් ව්‍යාපෘති ආරම්භ කිරීමේදී ඒ සම්බන්ධයෙන් අදාළ දිස්ත්‍රික්කවල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවලදී සාකච්ඡා කිරීමට වැඩ පිළිවෙලක් සකසන ලෙසයි.

දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම් සඳහා පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් සහභාගීවන බැවින් එහිදී අදාළ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී විවේඡනවලින් තොරව නිවැරිදි තීන්දු ගත හැකි බවද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ආයතන රැසක් පවතී. අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පෙන්වා දුන්නේ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී එයට අවශ්‍ය මූලික වැඩ කටයුතු අමාත්‍යංශය යටතේ පාලනය වන එම ආයතන මගින් සිදුකර ගන්නා ලෙසයි. එවිට පිටස්තර ආයතනවලට ඇදී යන විශාල මුදලක් අමාත්‍යංශය තුලම රඳවාගත හැකි බවද අමාත්‍යවරයා පැවසීය.

එමෙන්ම කිසියම් සංවර්ධන ව්‍යාපෘතියක් ආරම්භ කීරීමේදී ලැබෙන මුදල් ප්‍රතිපාදන අනුව එය ක්‍රියාත්මක කළ යුතු බවද අමාත්‍යවරයා මෙහිදී කීවේය. සුළු මුදලක් යොදා මහා පරිමාණ ව්‍යාපෘති ආරම්භ කළහොත් අතරමඟදී ඒවා නතර කර දැමීමමට සිදුවන බවද ඔහු කීවේය.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ එමඟින් මුදල් නාස්තිවීම පමණක් නොව මහජනතාව සහ රජයද අපහසුතාවයට පත්වන බවයි.

එබැවින් මින් ඉදිරියට උපදෙස් දුන්නද නිසි අධ්‍යයනයකින් තොරව සංවර්ධන ව්‍යාපෘති ආරම්භ නොකරන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට කීවේය.

රජය මේ වනවිට ආර්ථික අර්බුදයකට මුහුණදී සිටී. එබැවින් රජයට බරක් නොවී රාජ්‍ය හා පුද්ගලික අංශය ඒකාබද්ධවී සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට ඇති හැකියාව සම්බන්ධයෙන් සොයා බලන ලෙසද අමාත්‍යවරයා මෙහිදී නිළධාරීන්ට උපදෙස් දුන්නේය.

නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශයේ ලේකම් ඩබ්ලියු.එස් සත්‍යානන්ද මහතා සහ අමාත්‍යංශය යට‍තේ ඇති ආයතනවල සභාපතිවරුන්, අධ්‍යක්ෂ ජනරාල්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට සහභාගී විය.

ප්‍රදීප් අනුර කුමාර
(ගරු ප්‍රසන්න රණතුංග ඇමතිතුමාගේ මාධ්‍ය ලේකම්)
077 9633516

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img