විපක්ෂ නායක කාර්යාලයේ අද (11)පැවති මාධ්‍ය හමුවට සහභාගි වූයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා සහ දෙහිවල ආසනයේ සංවිධායක චන්න විකුම් මහතා ය
ගිය සතියේ පාර්ලිමේන්තුවේ දී පාර්ලිමේන්තු කාරක සභාවක් පත් කිරීම සඳහා කතානායකවරයා නිවේදනයක් නිකුත් කර තිබුණා එයට මූලික හේතුව සමගි ජන බලවේගය සහ විපක්ෂයේ මන්ත්‍රීවරු ගණනාවක් පසුගිය කාලසීමාව තුළ රට බංකොලොත් වීම ආර්ථික වශයෙන් කඩා වැටීම පිළිබඳව සොයා බැලීමට විශේෂ තේරීම් කාරක සභාවක් පත්කරන්න කර තිබූ ඉල්ලීම එම ඉල්ලීම කළේ සමගි ජන බලවේගය ඇතුලු විපක්ෂයේ මන්ත්‍රීවරු කණ්ඩායම් නමුත් ඒ වෙනුවට කතානායකතුමා ලබාදී තිබුණු ප්‍රතිචාර පිළිබඳව දැඩි කනස්සල්ලෙන් ඉන්නේ. අපි කිව්වේ මේ රට බංකොලොත් භාවයට ඇද දමලා ආර්ථික වශයෙන් කඩා වැටීමට ලක් වීමට හේතුව සොයා බලා අදාල පුද්ගලයන් පිළිබඳව පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට විශේෂ කමිටුවක් පත් කරන්න කියලා. එම ඉල්ලීම සදාචාරසම්පන්න වුනානම් මේ පිළිබඳව පත් කෙරුණ කමිටුවක් පත් විය යුත්තේ පාර්ලිමේන්තුව තුළ ස්වාධීන මන්ත් රජවරුන්ගෙන් හෝ දේශපාලන වශයෙන් චෝදනාවට ලක් නොවූ දේශපාලන පක්ෂවල සාමාජිකයන් ගෙන් සමන්විත කමිටුවක් පත් වුනා නම් සෑහීමට පත්වෙන්න තිබුණා නමුත් කිසිදු ආකාරයේ අදහස් විමසීමක් නොකර කථානායකතුමා විසින් අභිමතය පාවිච්චි කර පත්කරපු තේරීම් කාරක සභාව කිසිසේත් පිළිගන්න පුළුවන් කමක් නැහැ. මොකද අපි ඉල්ලුවේ මේ රටෙන් හොරකම් කරගෙන ගිය මුදල් සහ දේපළ පිළිබඳ සොයා බලන එක ඒත් එක්කම රට බංකොලොත් වීම පිළිබඳ සොයා බැලීමට සහ වගකිවයුත්තන් කවුද කියලා රටට හෙළි කරන්න කියන මූලික කාරණාව ඇතුළත්ව තමයි එම ඉල්ලීම කළේ. නමුත් ඒ සඳහා සොයා බැලීමට පත් කරපු කමිටුව විහිළු සහගතයි මොකද පොහොට්ටුවේ පාලනය යටතේ රටේ බිඳ වැටීම ඇති වුණා කියන එක අමුතුවෙන් කියන්න අවශ්‍ය නැහැ එහෙම නම් රට බංකොලොත් කරපු කණ්ඩායම සාමාජිකයෙක් මේ කමිටුවේ සභාපති කරමින් සාමාජිකයන් වශයෙන් ආණ්ඩුව නියෝජනය කරන පොහොට්ටු සාමාජිකයන් ගණනාවක් පත්කරමින් කතානායකතුමා කරල තියෙන විහිළුව මොකක්ද කියලා අපි ප්‍රකාශ කරනවා. විශේෂයෙන්ම සාගර කාරියවසම් කියන්නේ පොහොට්ටුවේ ප්‍රධාන ලේකම්වරයා ඒ ලේකම්වරයා හරහා මේ රටේ බංකොලොත් වීම හොයා බලන්න කියලා වාර්තා කරාම නිසි වාර්තාවක් ලැබෙයිද?, මේක හරියට හොරාගෙ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක් ඒ නිසා අපි තීරණය කළා එම කමිටුවෙන් කිසිදු ආකාරයක සාධාරණයක් ඉටු වීම හෝ විනිවිද භාවයකින් කටයුතු කිරීම සිදු වන්නේ නැහැ කියන එක එම නිසා විපක්ෂයේ විධායක සභාව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ මූලිකත්වයෙන් පාර්ලිමේන්තුවේදී තීරණය කළා පළවෙනි කාරණය කථානායකතුමා විසින් පත්කරන ලද කාරක සභාව සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන්න සහ එයින් ඉවත් වෙන්න.
ඒ වගේම ඒ සඳහා විකල්පයක් සොයා දෙන්නත් අපි හිතුවා මොකද කතානායකතුමා හරහා අවශ්‍ය කාරණය ඉටු වෙන්නේ නැති නිසා විපක්ෂ නායක තුමාගේ මූලිකත්වයෙන් වෙනම පාර්ලිමේන්තු කාරක සභාවක් විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් ගෙන් සහ පාර්ලිමේන්තුවේ 225 නියෝජනය වන පරිදි කාට හෝ ඇතුළත් වෙන්න වුවමනාවක් තියෙනවා නම් ඒ අයත් ගෙන් සමන්විත කාරක සභාවක් ඇති කරන්න අපි තීරණය කළා එය නිල වශයෙන් ආරම්භ කරන ආකාරයත් ක්‍රියාත්මක වන ආකාරයත් සහ ලේකම් කාර්යාලය පිලිබඳ විස්තර පසුව රටේ මහජනතාවට දැනගන්න සලස්වලා ඒ තුළින් අපේක්ෂා කරන කාරණය රට බංකොලොත් කිරීමට වගකිව යුත්තන් පිළිබඳව රටට හෙළි කිරීමේ සිද්ධියට අදාළ දේශපාලනඥයින් හෝ නිලධාරීන් අනුබල දුන් කණ්ඩායම් පිළිබඳ නිසි ලෙස කරුණු වාර්තා කර ගනිමින් ඒ සඳහා තොරතුරු ජනතාව ඉදිරිපත් කිරීමයි.ඒ සඳහා රටේ ඕනෑම පුරවැසියෙකුට තොරතුරු ලබාදෙන්න පුළුවන් එය දේශීය විදේශීය ගැටළුවක් නැහැ ඒ සිද්ධිය සම්බන්ධයෙන් ඕනෑම පුද්ගලයෙකුට කරුණු වාචිකව සහ ලිඛිතව ඉදිරිපත් කරන්න පුළුවන් ක්‍රමවේදයක් අපි නිර්මාණය කරන බවත් අපි රටට දැනුම් දෙනවා.
ඒ වගේම ඉතාමත් බරපතළ ලෙස රටේ ආර්ථිකය බිඳ වැටීමක් සිදු වෙනවා සමහරුන්ට එකක් පේන්නෙ නැහැ නමුත් ආර්ථික වශයෙන් කඩා වැටීමේ ප්‍රතිපලය කොයිතරම් ද කියන එක අපිට දැනෙමින් පවතිනවා විශේෂයෙන්ම ලංකාවේ ප්‍රධානතම විනිමය ආදායම් මාර්ගය හැටියට පත් වෙමින් තිබුණේ දිවංගත රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරපු ඇඟලුම් ව්‍යාපාරය එය එදා ආරම්භ කරනකොට ප්‍රේමදාසට මැතිතුමාට අපහාස උපහාස කොයිතරම් ආවද කියන එක අපි දැක්කා ඒත් එක්කම එතුමා ඒක ආරම්භ කළේ විශාල අරමුණක් සහ බලාපොරොත්තුවක් ඇතිව එක පැත්තකින් විදේශ විනිමය ඉපැයීම් කර්මාන්ත වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යෑමත් සහ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කර එම ව්‍යාපාරය ග්‍රාමීය නිෂ්පාදන වලට තැනක් හිමිකර දෙන්නත් කටයුතු කළා. ඒ නිසා එතුමාගේ මූලිකත්වයෙන් ආරම්භ කරපු ඇඟලුම් කර්මාන්ත 200 වැඩපිළිවෙළ දැන් වැසීගෙන යන තත්ත්වයට පත්වෙලා ලංකාවේ විශාල කර්මාන්ත ශාලා වැහෙමින් පවතිනවා ඇතැම් කර්මාන්ත රටෙන් පිට ගෙනියන්න හදනවා ඒත් එක්කම කනගාටුදායක කාරණාව පසුගිය මාස හය තුළ ශ්‍රී ලංකාවේ ඇඟළුම් කර්මාන්තයෙන් ලබාගත් ආදායම ඩොලර් බිලියන 1.9 ට අඩු වෙලා එය බංගලාදේශ යත් එක්ක සංසන්දනය කරාම මේ මොහොත වනවිට ඩොලර් බිලියන 19.6ක් දක්වා ආදායම වර්ධනය කරගෙන තිබෙනවා එය සියයට 5 ක වර්ධනයක් නමුත් ලංකාව 16% කින් පහළ වැටිලා ඒකයි ඇත්ත තත්ත්වය මෙරට විනිමය ආදායම ප්‍රවර්ධනය කිරීමට අත්‍යවශ්‍ය වන ඇඟලුම් ක්ෂේත්රයේ මේ ආකාරයෙන් බිඳ වැටීමට ලක් වෙනකොට ආණ්ඩුව ගන්නා විකල්පය මොකක්ද එය අලෙවි කරන්නේ යුරෝපා රටවල් සහ ඇමරිකාවට ඒ රටවල් වලින් අපට ලබා දීලා තිබෙන තීරුබදු සහනය ක්‍රමයෙන් ඉවත් වෙන්න ඉඩ තිබෙනවා ඒත් එක්කම කොහොමද තරගකාරී තත්ත්වය ඉල්ලුම් සූත්‍රය ගෙනියන්නේ එහෙම අභියෝගයට මුහුණ දෙන වැඩපිළිවෙලක් වත් තවමත් රටක් හැටියට නිර්මාණය කරලා නැහැ ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක් අවසානයේදී සිදුවන්නේ ඇඟලුම් කර්මාන්තය විනාශ වීමත් සහ ආදායම නැති වීමත් රැකියා දහස් ගණනක් අපට නැති වෙන එකයි.ඒ විතරක් නෙමෙයි අවසානයේ අපේ නිෂ්පාදන අපිටම ඇඳගන්න වෙන තත්ත්වයට පත්වෙනවා අපි කියන්නේ රටේ විනමය ආදායම ශක්තිමත් කරන්න ඕන නම් නව විනිමය උපයන මාර්ගය වලට අවතීරණය වෙනවා වගේම තිබෙන්නේ විනිමය උපායමාර්ග ටික ආරක්ෂා කරගන්න එක අපි අහනවා කෝ එයට වැඩ පිළිවෙලක් ආණ්ඩුව විවිධ බදු සහ දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කියලා ආණ්ඩුව හඳුන්වා දෙන ක්‍රම මගින් විවිධාකාරයෙන් බදු මහජනතාවට පටවනවා මිසක් ඒ වෙනුවට විකල්ප ක්‍රමවේදයකට ගිහින් තිබෙන බවක් පේන්න නැහැ එම නිසා ඇඟලුම් කර්මාන්තය විශාල අනතුරුදායක තත්වයට පත්වෙමින් තිබෙනවා ආදායම් බිඳවැටෙමින් තිබෙනවා ඒත් එක්කම ආණ්ඩුව මේ පිළිබඳව කිසිදු ආකාරයක සැලකිල්ලක් නොදක්වන තත්ත්වයට පත්වෙලා එයට විකල්පයක් තියෙනවා නම් ගැටලුවක් නැහැ නමුත් විකල්පයක් නැතුව අසරණ තත්ත්වයට මේ කර්මාන්ත බිඳ වැටෙමින් තිබෙන බව පැහැදිලිව ප්‍රකාශ කරනවා.
රටේ තවමත් විසදුමක් නැති ප්‍රශ්නයක් තියෙනවා එය විදුලිය පාවිච්චි කරන වෙහෙර විහාරස්ථාන ආගමික ස්ථාන සහ පාරිබෝගිකයන්ට මුහුණ දී තිබෙන දරුණුතම අභියෝගය .ආණ්ඩුව ජනවාරි මාසයේ සිට වැඩි කරපු විදුලි බිල යම් ප්‍රතිශතයක් කුඩා ප්‍රමාණයේ විදුලි පරිභෝජනය කර ජනතාවට ලබා දෙනවයි කියලා කියනවා එය ඉතාමත් කුඩා ප්‍රතිශතයක් ඒ වගේම වෙහෙර විහාරස්ථාන වලට යම් සහනයක් දුන්නා කිව්වත් එය දැනෙන්නේ නැහැ ගිය සතියේ ඇඹිලිපිටිය පූජ්‍ය ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේගේ විහාරස්ථානයට ගිය අවස්ථාවේ උන්වහන්සේ පෙන්වාදුන්නා එම විහාරස්ථානයේ මහා සංඝයා වහන්සේලා විශාල ප්‍රමාණයක් ඉන්න බවත් එයට මාසික විදුලි බිල තිබුණේ රුපියල් 35,000 ක මුදලක් නමුත් අද එක වැඩි වෙලා අට ගුණයකින් ලක්ෂ තුනකට ආසන්න විදුලි බිලක් මේ වෙනවිටත් ඇවිත් ගෙවා ගන්න බැරි මට්ටමට පත් වෙලා තියෙනවා එය සෑම ආගමික ස්ථානයකටම බලපානවා යම් සහනයක් ඔවුන්ට ලබා තිබුණත් එය ප්‍රමාණවත් නෑ ආගමික නායකයන් විදුලිය පාවිච්චි කරන්නේ සම්පූර්ණ ආලෝකකරණයට ම නෙවෙයි කුඩා ස්වාමීන් වහන්සේලාගේ ආගමික කටයුතු අධ්‍යාපන කටයුතු වැනි දේවල් වලට එසේ නම් කලින් තිබුන වගේ යම් ආකාරයක සහනදායී තත්ත්වයක් ලබාදිය යුතුයි නමුත් අද විදුලිබල මණ්ඩලය මොකක්ද කරලා තියෙන්නේ විදුලි බල මණ්ඩලය පාඩු ලබනවා නම් එහි වගකීම විදුලිය පරිභෝජනය කරන පාරිභෝගිකයන් නෙමෙයි එසේ පාඩුවට වගකිව යුතු අංශ කිහිපයක් තිබෙනවා සහ වගකිව යුතු පිරිසක් ඉන්නවා පළමු කාරණය විදුලි බල මන්ඩලය අතිවිශාල ලෙස සේවකයන් සිටීම සහ නිසි කළමනාකරණයක් නැති වීම බරපතළ ප්‍රශ්නයක් ආරංචි විදියට 26000 වඩා විදුලිබල මණ්ඩලයේ කාර්ය මණ්ඩලය ඉන්නව එය අවශ්‍යද කියන ප්රශ්නය තිබෙනවා ඒ වගේම තවමත් විදුලිබල මණ්ඩලය තුළ තිබෙන දූෂණය සහ වංචාව සහගත ක්‍රියාවලිය සිදු වෙනවා විගණන වාර්තා වල විවිද දේවල් සඳහන් වෙනවා එහිදී මේ මිලදී ගැනීමේ ඉඳලා මේ ක්‍රියාවලිය නැවත්වීමත් තවමත් නාස්තිකාර වියදම් පාලනය කිරීම හරහා යම් ආකාරයක පාඩුවේ පියවන්න පුළුවන් එවැනි ක්‍රියාවලියන් වලට යන්නේ නැතුව සියලු පාඩු වලට වගකියන්න ඕන විදුලි පාරිභෝගිකයන් කියලා හිතෙනවා නම් ලොකු වැරැද්දක් ඒ වගේම විදුලිබල ආඥා පනතේ 28/3 වන වගන්තිය යටතේ විදුලි පාරිභෝගිකයන්ට ලබා දිය යුතු පොළී මුදලක් තවමත් මණ්ඩලය ගෙවන්නේ නැහැ එය තමයි ස්තාවර තැන්පතු සඳහා පොළී ගෙවිය යුතුයි කියන එකයි විදුලිබල මණ්ඩලය වගන්තියේ වෙන්නේ අපි අහන්නේ කාටද ඒ පොලී ගෙවලා තියෙන්නේ බලන්න කොයිතරම් ලොකු මුදලක් ද ඒ මුදල් වලට මොකද වුණේ සහ රඳවා ගත් මුදල් වලට පාරිභෝගිකයන්ට පොලියක් ගෙවන්න ආණ්ඩුව ක්‍රියා කරනවද? එහෙම දෙයක් අපිට පේන්න නැහැ එය ලබා දෙනවා නම් ඒක ලොකු සහනයක් මේ පිළිබඳව නීතිමය සහනයක් ලබාගැනීම සඳහා කණ්ඩායම් කිහිපයක් අධිකරණයට යාමට බලාපොරොත්තු වන බව මේ මොහොතේ කියන්න ඕන විශේෂයෙන් ඕමල්පේ සෝභිත ස්වාමීන් වහන්සේ මේ ගැන සඳහන් කළා මේ තැන්පතු මුදල් වලට පාරිභෝගිකයන්ට පොලී ගෙවීමට අනිවාර්යෙන්ම නීතියෙන් බැඳිලා ඉන්නවා එය ක්‍රියා කරන්නේ නැති නිසා අධිකරණයේ පිහිට පතන්න කටයුතු කරනවා ඒ වගේම මේ වෙනකොටත් විදුලිබල මණ්ඩලය මහා පරිමාණ ලෙස විදුලිය සපයන විවිධ කණ්ඩායම් තැරැව්කරුවන් ගෙන් රුපියල් බිලියන 36 ක මුදලක් අය කරගන්න තිබෙනවා ඒ අය කරගන්න කිසිම උනන්දුවක් නැහැ නමුත් සාමාන්‍ය බිල්පත් ගෙවන පාරිභෝගිකයින් මාසයක් හෝ දෙකක් විදුලි බිල ගෙව්වෙ නැත්තම් එම විදුලිය කපා හරින්න මණ්ඩලය ක්‍රියාත්මක වෙනවා ඒක විශාල අසාධාරණයක් මේ වගේ ආර්ථික තත්ත්වයක් හමුවේ තවදුරටත් පුළුවන්ද මේ රටේ ජනතාව පීඩාවට පත් කරන්න කියන එක ආණ්ඩුවෙන් අහනවා.
ඒ වගේම අද රාජ්‍ය මාධ්‍යවලට විශාල කනකොකා හැරීමක් සිදු වෙනවා ජාතික රූපවාහිනිය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ලේක්හවුස් සෑම ආයතනයක්ම වළපල්ලට යමින් තිබෙනවා ජාතික රූපවාහිනි ගැන ලොකු කනගාටුවක් තියෙනවා මොකද ජපානය ශ්‍රී ලංකාවේ හොඳ හිත ලබාගැනීම සඳහා සන්නිවේදනය වෙනුවෙන් අපිට දුන්න විශාල තෑග්ගක් ජපන් රජය ඉන්දියාවටත් පෙර අපිට වර්ණ රූපවාහිනි පහසුකම් ලබාදීලා ආසියාවේ පුංචි රට වුණත් ලොකු අවස්ථාවක් ජාතික රූපවාහිනිය ලබා දෙන ජේ ආර් ජයවර්ධන ජනාධිපති තුමාගේ කාලයේ ඇති වූ ව්‍යාපෘතියක් අද එය බංකොලොත් භාවයට පත්වෙලා හේතුව ජාතික රූපවාහිනිය මේ වෙනකොට මිලියන දෙදාහකට වඩා ණය ගෙවන්න තියෙනවා ඒ වගේම වැටුප් ගෙවා ගන්න විදියක් නැහැ විදුලි බිල ගෙවා ගන්න නොහැකිවීම හේතුවෙන් දැන් පඩි ගෙවන්න තියන සල්ලි වලින් බිල්පත් ගෙවනවා නමුත් එන මාසය කොහොමද පඩි ගෙවන්නේ ඒවාට කිසිම ක්‍රමවේදයක් නැහැ මේකට හේතුව තරගකාරී ලෙස මුහුණ දෙන්න පුළුවන් විදියට ජාතික රූපවාහිනියත් වෙනස් වෙන්න ඕන.අපි අහන්නේ මෙහි අවසානය පුද්ගලීකරණය කිරීම ද ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක්ට ජාතක රූපවාහිනීය දැනටමත් දෙන්න සාකච්ඡා පවත්වමින් තිබෙනවා කියලා ආරංචියි එය ඉතාම නරකයි අපි කියන්නේ නැහැ මේවා විවෘත වෙන්න ඕන පුද්ගලික අංශයත් එකතු වෙන්න එපා කියන එක නමුත් රජයේ මාධ්‍ය නාලිකාවක් තිබෙනවා නම් එය රැක ගන්න ඕන ඒ නිසා මෙහි අවසාන අරමුණ විකුණා දැමීම එහිදී රාජ්‍ය භාණ්ඩාගාරයට බරක් වෙන්නේ නැතුව රාජ්‍ය ආයතන හසුරුවන බව ප්‍රකාශ කරන්න පුළුවන් නමුත් මේ මාධ්‍ය ආයතන සියල්ලම මේ විදියට විනාශ වෙන්න ඉඩ හැරලා විකුණා දැමීමට යෑම හරහා ආණ්ඩුව සිදු කරන්නේ අපරාධයක්.
ආණ්ඩුව අද යන්නේ ඒකාධිපති ගමනක මොකද පොලිස්පතිවරයෙකු තෝරාපත්කර ගන්න බැරි ආණ්ඩුවක් බවට අද පත්වෙලා තවමත් විශ්‍රාම ගිය පොලිස්පතිවරයා නැවත සේවා දිගුවක් ලබා දීම හරහා කරලා තිබෙන්නේ රටේ මූලික ආයතන සංග්‍රහයට විරුද්ධ ක්‍රියාවලියක් බව තිස්ස අත්තනායක මහතා ප්‍රකාශ කළේය.
සමගි ජන බලවේගයේ දෙහිවල ආසනයේ සංවිධායක චන්න විකුම් මහතා ද මෙහිදී අදහස් දක්වා සිටියා.
මෙරට ජනතාව දශක ගණනාවක් භුක්ති විඳපු නිදහස් සෞඛ්‍ය සේවයට අද කණකොකා හඬලා පහුගිය දවස් වල ප්‍රමිතියෙන් තොර බාල බෙහෙත් මේ රටට ආනයනය කරන්න අවස්ථාවක් දීලා ඒ බෙහෙත් පාවිච්චි කරලා මේ රටේ සාමාන්‍ය ජනතාව පීඩාවට පත්වෙලා තිබෙනවා ඇතැම් පුද්ගලයන් මිය ගිහින් තිබෙනවා ඒ වගේම සදාකාලික ආබාධිතයන් බවට සමහරුන් පත්වෙලා තිබෙනවා ඒ හේතුවෙන් ජනතාව රෝහල වලට නොඑන තත්ත්වයට පත්වෙලා රජය මෙය හිතාමතාම කරනව ද කියලා සැකයක් අපි තුල ඇති වෙලා අනිත් පැත්තෙන් රෝහල්වල ස්කෑන් යන්ත්‍ර ඇතුළු විශාල උපකරණ ප්‍රමාණයක් අක්‍රිය වෙලා මේවා රජය දන්නවා වෛද්‍ය අධ්යක්ෂවරු නිලධාරීන් අමාත්‍යංශයට සහ අමාත්‍යවරයා ඇතුළු රජයට මේවා දැනුම් දී තිබෙනවා හැබැයි රජය මේ දක්වා අක්‍රිය වෙච්ච යන්ත්රසූත්ර වෙනුවට නව යන්ත්‍ර ලබාදීමට නිසි ක්‍රියාමාර්ග ගෙන නැහැ මේ නිසා ජනතාව විශාල පිරිසක් පරීක්ෂණ කරගන්න බැරුව අසරණ තත්ත්වයට පත්වෙලා ඇතැයි ඒ මහතා පැවසීය.






















