2023 ජූලි 12 දින මාධ්‍ය හමුවේ දී පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා දැක්වූ අදහස්
මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට තුල පොලිස්පතිවරයෙකු නොමැති බව පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි. සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීම නීති විරෝදී වීම මීට හේතුව බව ද ඒ මහතා වැඩි දුරටත් සදහන් කර සිටී.
පිවිතුරු හෙළ උරුමයේ නායකයා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.07.12) පිවිතුරු හෙළ උරුමය පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩි දුරටත් මෙසේ අදහස් දැක්වීය.
මිය ගිය පළාත්පාලන ආයතන වලට පණ දීමේ ආණ්ඩුවේ උත්සාහය පොහොට්ටු මන්ත්‍රින් රැවැට්ටීමක්
විසුරුවා ඇති නගර සභා සහ ප්‍රාදේශීය සභා නැවත කැඳවා අසීමිත කාලයක් පවත්වා ගෙන යෑමට පළාත්පාලන ඇමතිවරයාට බලය පැවරෙන පනත් කෙටුම්පතක් පසුගිය සතියේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රිවරයෙකු විසින් පෞද්ගලික මන්ත්‍රි කෙටුම්පතක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. මේක ඇත්තෙන්ම ජනතා පරමාධිපත්‍ය බරපතල ලෙස උල්ලංඝණය කිරීමක්.
1978 දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගන්නා විට නගර සභාවත් ප්‍රාදේශීය සභාවත් පළාත් සභාවත් පැවතුනේ නෑ. ජනතා නියෝජිතයින් විධියට ව්‍යවස්ථාවේ තිබෙන්නේ ජනාධිපති සහ පාර්ලිමේන්තුව විතරයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 83(ආ) වගන්තිය අනුව ජනාධිපතිගේ හෝ පාර්ලිමේන්තුවේ ධූර කාලය දිගු කිරීමට නම් පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක අනුමැතිය සහ ජනමත විමසුමක දී ජනතාවගේ අනුමැතිය ලබා ගත යුතු බව සඳහන් වෙනවා. ඒ ජනතාව ලබා දුන් කාලය වැඩි කළ හැක්කේ ජනතාව කැමති නම් පමණයි කියන සිද්ධාන්තය මතයි.
1978 ව්‍යවස්ථාවේ නගර සභා, ප්‍රාදේශීය සභා පළාත් සභා වල ධූර කාලය දිගු කරන්න බෑ කියලා සඳහන් වුණේ නැත්තේ ඒ සභාවන් ඒ වන විට ස්ථාපිත කරලා තිබුණේ නැති නිසා. නමුත් මේ සිද්ධාන්තය ඒ සභාවලටත් ඒ ආකාරයෙන්ම වලංගුයි. දැන් මැතිවරණය පැවැත්වීම කල් දාලා තිබෙන්නේ මුදල් නෑ කියලානෙ. ඉතින් මේ පනත සම්මත කර ගන්න ජනමත විමසුමකට යට කරන මුදල් යොදාගෙන ඡන්දය පැවැත්තුවා නම් ඉවරනෙ.
ඇත්තටම මේක ගෙනාවේ සම්මත කර ගන්න නොවේ. ඒක සම්මත කර ගන්න බැරි බව ගෙනාපු අයත් දන්නවා. මේ අය ලොකු අමාරුවක වැටිලා ඉන්නේ. පුංචි ඡන්දය කල් දමන විට පොහොට්ටු නායකයෝ ප්‍රාදේශීය සභා සභාපතිවරුන්ටත් මන්ත්‍රිවරුන්ටත් පොරොන්දු වුණා ඒ ඒ ආයතනවල විශේෂ කොමසාරිස් විධියට දැනට ඉන්නා සභාපතිවරු පත් කරනවා කියලා. ඒ වගේම මන්ත්‍රිවරුන්ට විශේෂ කොමසාරිස්වරුන් විධියට පත්වන ප්‍රාදේශීය සභා සභාපතිවරු සමග සුපුරුදු පරිදි වැඩ කරගෙන යන්න අවස්ථාව දෙනවා කියලා පොරොන්දු වුණා. නමුත් සභාපතිවරුන්ටත් මන්ත්‍රිවරුන්ටත් ලබා දුන්නු ඒ පොරොන්දුව ඉටු කරන්න බැරි වුණු නිසා ඒ මන්ත්‍රිවරු දැන් කලකිරිලා. ඒකට පිලියමක් විධියටයි මේ පනත ගේන්නේ. ඔන්න අපි දැන් නැතිවුණු මන්ත්‍රි ධූර යළි ලබා දෙනවා කියලා මාස හයක් විතර මේ පනත පෙන්වමින් ඒ හිටපු මන්ත්‍රිවරු රවටන්න පුළුවන්. ඇත්තටම සම්මත කර ගන්න ඕනෑ නම් පෞද්ගලික මන්ත්‍රි පනතක් වෙනුවට ආණ්ඩුවේ පනතක් ලෙස මේක ගේන්න තිබුණා.
සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට පත් කිරීම දෙයාකාරයකින් නීති විරෝධියි. දින 108ක් පොලිස්පති ධූරය හිස්
ජනාධිපති සහ මහජන ආරක්ෂාව පිළිබඳ ඇමති එකඟතාවයෙන් සී ඩී වික්‍රමරත්න මහතා පොලිස්පති ධූරයට යළි පත් කිරීමට තීරණය කළ බව මාධ්‍ය වාර්තා කළා. නමුත් ඒ පත්වීම දෙයාකාරයකින් නීති විරෝධියි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41ඇ(1) වගන්තිය අනුව ව්‍යවස්ථාදායක සභාව විසින් අනුමත කර ඇත්නම් මිස මේ ව්‍යවස්ථාවේ උපලේඛණයේ නිශ්චිතව දක්වා ඇති කිසිම ධූරයකට ජනාධිපතිවරයා විසින් කිසිදු තැනැත්තෙකු පත් කරනු නොලැබිය යුත්තේය. දින 14කට වැඩි කාලයක් වැඩ බැලීමට පත් කරන අයෙකුටත් මේ වගන්තිය අදාළ බව (2) උපවගන්තියෙන් කියනවා. මේ කියන උපලේඛණයේ හතරවන තනතුර ලෙස දක්වා ඇත්තේ පොලිස්පති තනතුර.
මාර්තු මාසයේ 28දා ජනාධිපතිවරයා සී ඩී වික්‍රමරත්න මහතාව මාස තුනකට පොලිස්පති තනතුරට පත් කලේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියක් නැතිව. අනුමැතිය ලබා ගත්තේ අප්‍රේල් 1දා. නමුත් ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතිය ලබා ගැනීමට පෙර ජනාධිපතිවරයාට පොලිස්පතිවරයා පත් කළ නොහැකි බව ව්‍යවස්ථාවේ 41 වගන්තියෙන් ඉතාම පැහැදිලියි. මෙවරත් ජනාධිපතිතුමා තවත් මාස තුනකට වික්රරත්න මහතා පොලිස්පති තනතුරට පත් කරන්නේ ව්‍යවස්ථාදායක සභාවේ අනුමැතියකින් තොරවයි. කරත්තයට ඉදිරියෙන් හරකා ගැට ගහණව මිසක් හරකට ඉදිරියෙන් කරත්තය ගැට ගහන සිරිතක් නෑ. ඒ නිසා ඒ පත්වීම නීතිය ඉදිරියේ ශූන්‍යයි. ඒ කියන්නේ අදටත් මේ රටේ පොලිස්පතිවරයෙකු නෑ.
රාජ්‍ය සහ අධිකරණ නිලධාරි (විශ්‍රාම) ආඥා පනත යටතේ සෑදු රීති අනුව විශ්‍රාම වයස අවුරුදු 60ක් වුවත් යම් නිලධාරියෙකුගේ සේවය එම ආයතනයේ අභිවෘද්ධිය සඳහා අවශ්‍ය යැයි අදාළ බලධාරියා සලකන්නේ නම් සේවා දිගුවක් ලබා දිය හැකියි. සේවා දිගුවක් ලබා දිය හැක්කේ සේවයේ සිටින අයෙකුට පමණයි. නමුත් වික්‍රමරත්න මහතා මාර්තු 26දා විශ්‍රාම ගියා. විශ්‍රාම ගිය අයෙකුට සේවා දිගුවක් ලබා දෙන්න බෑ. ඒ නිසා තමයි ජනාධිපතිතුමා විසින් මාර්තු 28 දා නව පත්වීමක් ලෙස වික්‍රමරත්න මහතා පොලිස්පති තනතුරට යලි පත් කරන්නේ. නමුත් වයස අවුරුදු 60 විශ්‍රාම ගිය අයෙකු නැවත පත් කරන්න කිසිම නීතිමය ප්රතිපාදනයක් නෑ. ඒ නිසා වික්‍රමරත්න මහතාට ලබා දුන් පත්වීම නීතිය ඉදිරියේ ශූන්‍යයයි. මාර්තු 26 සිට අද දක්වා දින 108ක් රට දුවන්නේ පොලිස්පතිවරයෙකු නැතිවයි. ඉන්න කෙනා නීති විරෝධියි. නීති විරෝධිව තනතුරක් දරණ කෙනෙක් තමන්ගේ ප්‍රධානියා හැටියට තබා ගෙන පොලිස් නිලධාරින් අන් අයට නීතිය ක්‍රියාත්මක කරන්නේ කොහොමද?
ප්‍රශ්න සහ පිළිතුරු
ප්‍රශ්න
රට බංකොලොත් වීම ගැන හොයා බලන්න කමිටුවක් පත් කළා. ඔබතුමා ලත් සහය දෙනවාද ඒ කමිටුවට.
පිළිතුර
ඒ කමිටුව වර්ජනය කරන්න විපක්ෂය තීරණය කලා. විපක්ෂයේ බොහෝ දෙනෙක් කියන විදිහට නම් ඒක කපුටු කමිටුවක්. මෙ ආර්ථිකය කඩා වැටීම ඉතා සැලසුම් සහගව කලේ බැසිල් රාජපක්ෂ මහතා කියන එක සාක්ෂි සහිතව මීට පෙර කියලා තියෙනවා. ඔහුට අවශ්‍ය වුනා අර්බූදයක් මහජන කැළබීමක් ඇතිකරලා ගෝඨාභය රාජපක්ෂ මහතා තණතුරෙන් ඉවත් කර ගන්න. එවිට පාර්ලිමේන්තුව තමයි ඊලග ජනාධිපතිවරයා තෝරන්නේ. පාර්ලිමේන්තුවේ බහුතරය තිබුනේ බැසිල් රාජපක්ෂ මහතා නායකත්වය දරන පොහොට්ටුවට. කවදාවත් ජනතා කැමැත්තෙන් දිනන්න බැරි නිසා ඉන්න ජනපති එළවලා මන්ත්‍රීවරුන්ගේ කැමැත්තෙන් ජනපති වෙන්න පුළුවන් කියලයි හිතුවේ.
ඒ නිසා තමයි අපි ආර්ථික අර්බූදයට විසදුම් ඉදිරිපත් කරද්දී ඒවා නොසලකා හැරියේ. 2021 පෙබරවාරි 05 වෙනිදා තමයි අපි කිව්වේ තෙල් මිල ඉහල දැමිය යුතු බව. නමුත් රුපියල් 7 කින් වැඩි වෙද්දී මට විරුද්ධව විශ්වාසභංග ආවා. අද කියුආර් ක්‍රමය විදිහට සලකන ක්‍රමය සලාක ක්‍රමයක්. මෙම සලාක ක්‍රමය ඉන්ධන සදහා හදුන්වා දිය යුතුයි කියලා මම කිව්වේ 2021 ජූනි 20 වෙනිදා. නමුත් මේ දෙකම ක්‍රියාත්මක කලේ රටම ගිණි අරං පෝලිං වල විසිගණනක් මැරුනට පස්සේ. නමුත් අප මේ යෝජනා ඉදිරිපත් කලේ සිදුවීම් වලට 18 මාසයකට කලින්.
අපේ ආර්ථික කළමනාකරණය සහ ණය කළමනාකරණය කිරීමේදී දැක්වූ දුර්වලතා නිසයි මේ ආර්ථික අර්බූදය ඇතිවුනේ. නමුත් මේ අර්බූදය කළමණාකරණය කරන්න තිබුනා. නමුත් එය හිතාමතාම මග හැරියා. ඒ මග හැරපු අයගේ ගෝල බාලයෝ දාලා ආර්ථික අර්බූදයට වග කිව යුතු අය හොයන්න කමිටුවක් පත් කළා කියන්නේ ප්‍රෝඩාවක්. ඒ පාපා කර්මයට සම්මාදන් වෙන්න අපි සූදානම් නෑ. ජනතා කොමිසමක් පත් කරලා හරි මේ සබෑ අපරාධ කරුවන් හෙළි කල යුතුයි. දඩුවම් කළ යුතුයි.
මෙම මාධ්‍ය හමුව සදහා පිවිතුරු හෙළ උරුමය නියෝජ්‍ය ප්‍රධාන ලේකම් උපුල් කෝණාර සහ දෙහිවල ගල්කිස්ස මහ නගරසභාවේ හිටපු නාගරික මන්ත්‍රී අසංක පෙරේරා යන මහත්වරුන් ද සහභාගී වීය.






















