Thursday, November 12, 2026
HomeNEWSගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය ඇති කරන්නට බැහැ.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.

ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය ඇති කරන්නට බැහැ.-අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන.


• ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය ඇති කරන්නට බැහැ.

                                                  -අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා

අග්‍රාමාත්‍යවරයා මේ බව සඳහන් කළේ අපනයනය ඉලක්ක කර ගනිමින් ගොවීන් නගාසිටුවීම සඳහා දේශීය බීජ බෙදා දීම 2023.07.12 දින මීපේ, මාවතගම දී ආරම්භකළ අවස්ථාවේදීය.
මෙහිදී අදහස් දැක් වූ අග්‍රාමාත්‍යවරයා –
මොහොතකට හැරී බැලුවොත් අද කඩා වැටී සිටි තත්ත්වයෙන් රට ගොඩගෙන තිබෙනවා. ඊට ප්‍රධානතම බලවේගය වුණේ ගම්බද ගොවි ජනතාව යි. අපට තිබෙන ඉඩම් වල කොපමණ ප්‍රමාණයක් වගා කරලා නැද්ද කියලා හොයාගන්න. වතු සමාගම් වලට දුන්නට වඩා අපිට දුන්න නං ඉවරයි කියලා ගොවීන්ගෙන් පැමිණිලි තිබෙනවා. ඒ සඳහා භූමිය නිදහස් කිරීමේ අභියෝගය අප හමුවේ තිබෙනවා.
අපිට තිබුණු මූලික අර්බුද වලින් රට දුවන තත්ත්වයට ගෙනාවා. මෙතනින් එහාට ආර්ථික වශයෙන් අපේ රට ගොඩ නැගීමේ විශේෂ ඉලක්ක සපුරා දීමට සිදුවෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත වලට සහයෝගයක් දීමේ ඊළඟ අභියෝගයට අප ගමන් කිරීමට බලාපොරොත්තු වෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත නිෂ්පාදන වැඩි කරගැනීමට පොදුවේ තිබෙන වෙළඳපලට ලබා දීමට පුළුවන් සහනයක් ඇති කර දීම අත්‍යවශ්‍යයි. රජය හැටියට විශ්වාසවන්ත මූල්‍ය තත්වයකට රට ගෙන ඒමට ආරම්භක පියවර ඇති කරලා තහනම ඉවත් කරගෙන ජාත්‍යන්තර මූල්‍ය ආයතන සියල්ල සමඟ ගනුදෙනු කරන්නට පුළුවන් රටක් බවට අද පත්වුණා. ගොවි ජනතාව අමතක කර රටේ ආර්ථික සංවර්ධනය සහ බලාපොරොත්තු වන ආර්ථික ස්වයංපෝෂිත තාවය ඇති කරන්නට බැහැ. අපේ ගම්වල ආහාර ස්වයංපෝෂිත කර ගත හැකි ආකාරයට රට ගෙනියන්න පුළුවන්. ගම්වාසී රටවැසියා මෙ බව ඔප්පුකර තිබෙන දෙයක්.
අදට අවුරුද්දක් වෙනවා. රටේ කලබල ඇති වෙලා. රට අඩපණවෙලා රටම අරාජික වුණා. නීතියක් රීතියක් නැති රටක් බවට පත්වුණා. මේ අවුරුද්ද තුළ ඔබ අපට පුළුවන් වුණා. දේශපාලනයටත් වැඩිය රට ගොඩ ගන්න ඕනේ කියලා හැඟීමකින් කටයුතු කරන්නට. එහි ප්‍රධානතම ඉලක්කය වුණේ ජාතික නිෂ්පාදනය වැඩි කිරීමයි. ඒ වගේම රටේ නීතිය හා සාමය රටට දායාද කළා.
පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන, කොළඹ දිස්ත්‍රික් ලේකම් කේ. ජී. විජේසිරි, සීතාවක හා පාදුක්ක ප්‍රාදේශීය ලේකම්වරු සහ ගොවී ජනතාව මෙම අවස්ථාවට සහභාගි වූහ.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110 ක්

2027අයවැය: රාජ්‍ය සේවයේ පුරප්පාඩු 148,940 සඳහා දැනට 40,000 ක් බඳවාගෙන ඇති අතර, තවත් 110,000 බඳවා ගැනීමට ප්‍රතිපාදන. රාජ්‍ය සේවක වැටුප් වැඩි කිරීමේ 03 වන අදියරට රු:බි:110...

නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට

2027 අයවැය: නවීන තාක්ෂණික උපකරණවලින් සමන්විත නව නිල ඇඳුමක් 2027 ජුනි මාසයේදී පොලිස් නිලධාරීන්⁣ට. වැලිකඩ, මැගසින් සහ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර මිල්ලෑවට ගෙන යාමට රු:මි:300 ක්.

වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්

2027 අයවැය: වී වගාව සඳහා පොහොර සහනාධාර වෙනුවෙන් රු:මි:44,000 ක්. කුඹුරුවල වගා කරන අනෙකුත් බෝග සඳහාත් මහ කන්⁣නයේ සිට පොහොර සහනාධාරය. කුරුඳු කර්මාන්තය නැංවීමට රු:මි:400 ක්.-

පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්..දහම් පාසල් ගුරු දීමනා සහ විද්‍යාපීඨ ගුරු දීමනා ඉහළට

2027 අයවැය: පාසල් සිසුන් 750,000 කට බ්‍රෝඩ් බෑන්ඩ් වවුචර්. දහම් පාසල් ගුරු දීමනාව රු:12,500 දක්වා රු:5000 කින් ඉහළට. විද්‍යා පීඨ ගුරු දීමනාව රු:10,500 සිට 20000 දක්වා ඉහළට..
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img