ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිරීම සදහා
ගෙවුනු වසර තුළ රජය ගත් ක්‍රියාමාර්ග විශිෂ්ටයි
- චීන තානාපති
ශ්‍රී ලංකාවේ චීන තානාපති කියි ෂෙන්හොන්ග් (Qi Shenhong) මහතා සහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතර හමුවක් 2023.07.17 දින අරලිය ගහ මන්දිරයේදී පැවැත්විණි.
වත්මන් රජයේ ගෙවුණු පළමු වසර තුළ ශ්‍රී ලංකාව ආර්ථික අර්බුදයෙන් මිදීමේ ප්‍රයත්නවල කැපී පෙනෙන ප්‍රගතියක් ලබා ඇතැයි ශ්‍රී ලංකාවේ චීන තානාපති කියුයි ෂෙන්හොන්ග් මහතා (Qi Shenhong) පැවසීය.
ආර්ථික ප්‍රශ්නයට කෙටිකාලීන විසදුම් මෙන්ම දීර්ඝ කාලීන විසඳුම්ද එකසේ වැදගත්වන බව පෙන්වා දුන් අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ දිගුකාලින විසදුම් ලෙස සෘජු පෞද්ගලික ආයෝජන සේම කෘෂිකර්මාන්තය, පුනර්ජනනීය බලශක්තිය, වාරිමාර්ග සහ ජල සම්පාදන ක්ෂේත්රවල ආයෝජනයන් ශ්‍රී ලංකාව පිළිගන්නා බවයි.
ආර්ථික අර්බුදය හමුවේ චීනය ශ්‍රී ලංකාවට ලබාදෙන අඛණ්ඩ සහයෝගය ද අගය කළ අග්‍රාමාත්‍යවරයා දිවයින පුරා පාසල් වෙත පාසල් බෑග්, ලිපි ද්‍රව්‍ය, පාසල් නිල ඇඳුම් සඳහා වූ රෙදී සහ අධ්‍යාපනික උපකරණ පිරිනැමීම සදහා චිනය දැක්වූ දායකත්වය පිළිබඳව ස්තූති කළේය.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක මහතා ද එක්ව සිටියේය.
අග්‍රාමාත්‍ය මාධ්‍ය අංශය






















