Friday, November 13, 2026
HomeNEWSශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහය වීමට චීනය සූදානම්.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහය වීමට චීනය සූදානම්.

ශ්‍රී ලංකාවේ දරිද්‍රතාවය පිටුදැකීමට සහ සහල් නිෂ්පාදනයට සහය වීමට චීනය සූදානම්

කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රවල මහා පරිමාණ ආයෝජන දිරිමත් කරමින් ශ්‍රී ලංකාවේ සංවර්ධනයට පූර්ණ සහයෝගය ලබාදීමට සූදානම් බව ආචාර්ය යුවාන් ජියාජුන් මහතා අවධාරණය කරයි .
ඔහු චීනයේ චෝන්ග්කින්ග් (Chongqing CPC) නගරයෙහි නාගරික කමිටු ලේකම් වන අතර චීන කොමියුනිස්ට් පක්ෂයේ දේශපාලන මණ්ඩල සභිකයෙකු ද වෙයි. ඔහු ඇතුළු චීනයේ ඉහළ පෙළේ නියෝජිත පිරිස 2023/07/22 දින අරලියගහ මන්දිරයේ දී අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවූහ.
දෙමුහුන් සහල් වර්ග සහ අනෙකුත් ආහාර බෝග පිළිබඳ විශේෂඥයින් ශ්‍රී ලංකාවට ලබාදීමට ද ජියාජුන් මහතා එකඟ විය. සහල් අස්වැන්න කිහිප ගුණයකින් වැඩි කර ගැනීමට මේ ඔස්සේ හැකියාව ලැබෙන බව ඔහු කියා සිටියේය.
අග්‍රාමාත්‍යවරයා මෙහි දී පැවසුවේ සහල් නිෂ්පාදනය කීප ගුණයකින් වැඩි කර ගැනීමට, ආහාර සුරක්ෂිතතාවයට මෙන්ම,දරිද්‍රතාවය තුරන් කිරීමට චොන්ග්කින්ග් හි අත්දැකීම් බෙදා හදා ගැනීම වැදගත් බවයි. කෘෂිකර්මාන්තය, කර්මාන්ත, අධ්‍යාපනය සහ අනෙකුත් ක්ෂේත්‍ර සඳහා ලබාදෙන සහයෝගය සම්බන්ධයෙන් අගමැතිවරයා චීනයට ස්තූතිය පළ කළේය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශය ලෝකයේ ගුරුත්වාකර්ෂණ බලය අඩුම ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන ඇති බව අගමැතිවරයා පෙන්වා දුන්නේය. එබැවින් අභ්‍යවකාශ කටයුතු සඳහා වඩාත් යෝග්‍ය තත්ත්වයක් පෙන්නුම් කරන බැවින් දෙරටට අභ්‍යවකාශ විද්‍යාව සම්බන්ධයෙන් සහයෝගයෙන් ක්‍රියා කළ හැකි බව ගුණවර්ධන මහතා සඳහන් කළේය. මේ අවස්ථාවේදී ණය ප්රතිව්යුහගත කිරීමට සහ අනාගතයේදී ආර්ථිකය තවදුරටත් ශක්තිමත් කිරීමට චීනයේ සහාය අපේක්ෂා කෙරේ.
අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, සුසිල් ප්‍රේම ජයන්ත, අලි සබ්රි, නලින් ප්‍රනාන්දු, රාජ්‍ය අමාත්‍යවරුන් වන අනුප පැස්කුවෙල්, ඩයනා ගමගේ, මොහාන් ප්‍රියදර්ශන ද සිල්වා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන,චීන තානාපති Qi Zhenhong , උප අමාත්‍ය Guo Yazhou,Chonqing මහනගර සභාවේ උප නගරාධිපති Chen Mingbo,ලේකම් Luo Lin ,CPC ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් Peng Xiubin සහ Chongqing නියෝජ්‍ය මහලේකම් Guan Zhongxiao යන මහත්වරු ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? දිනන දකුණ ප්‍රශ්න කරයි

රාජ්‍යයේ මූල්‍ය ශේෂ පත්‍රය හදාගැනීමට ජනතාවගේ කුටුම්භ ආර්ථිකය බිලිදිය යුතුද? මෙවර රජය රටට ඉදිරිපත් කළ අයවැයට පදනම් වූ ප්‍රතිපත්තිය දෙස බැලීමේදී නැවත නැවතත් තහවුරු වන්නේ,...

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ – විපක්ෂ නායක සජිත්

අයවැය තුළින් ජනතාවගේ ජීවත්වීමේ අරගලයට කිසිදු විසඳුමක් ඉදිරිපත් කර නැහැ - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අයවැය තුළින් රටේ ලක්ෂ 220ක් ජනතාව මුහුණ දෙන බරපතළම...

අනෝජන් සිවරාසාගේ පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති

අනෝජන් සිවරාසා මහතා සියලු චෝදනාවලින් නිදහස් කර ගැනීමට මැදිහත් වීම පිළිබඳව පවුලේ සාමාජිකයෝ ජනපතිට ස්තූතිය පළ කරති සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වී සිටි අනෝජන්...

අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්

2027 අයවැය: පෙළපොත්, ශබ්දකෝෂ, විශ්වකෝෂ, ළමයින් සඳහා වන චිත්‍ර හා වර්ණ ගැන්වීමේ පොත්, අධ්‍යාපනික ප්‍රකාශන සහ වෙනත් මුද්‍රිත පොත් මෙන්ම අභ්‍යාස පොත් VAT වලින් නිදහස්.
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img