Saturday, November 14, 2026
HomeNEWSඑදා මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්ත වැඩ කළ ආකාරයට ම ආණ්ඩුව කටයුතු කරමින්...

එදා මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්ත වැඩ කළ ආකාරයට ම ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව ගම්මන්පිල පවසයි.

එදා මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්ත වැඩ කළ ආකාරයට ම මෙදා ආණ්ඩුව කටයුතු කරමින් සිටින බව පිවිතුරු හෙළ උරුමයේ නායකය නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.

ඒ මහතා මේ බව සදහන් කර සිටියේ අද දින (2023.08.08) පාර්ලිමේන්තුව අමතමිනි. එහිදී පිවිතුරු හෙළ උරුමයේ නායකයා වැඩිදුරටත් මෙසේ අදහස් දැක්වීය.

මහදැනමුත්තා සහ ගෝලයෝ රොත්ත

අපේ පරණ ජනකතාවක කියනවා නියං කාලයක ජල මුට්ටියක් ඇතුලේ ඔලුව හිර කර ගත් එළුවාගේ ප්‍රශ්නය විසඳන්න මහදැන මුත්තයි ගෝලයෝ රොත්තයි ගියාම මුලින්ම මහදැනමුත්තා ගෝලයන්ට උපදෙස් දුන්නා එළුවාගේ බෙල්ල කපන්න.

බෙල්ල කැපුවට පස්සේ තමයි තේරුම් ගත්තෙ තාමත් ඔළුව මුට්ටිය ඇතුලේ හිර වෙලා තියෙන්නෙ කියලා. අන්තිමට බෙල්ල කපල මුට්ටියත් බිඳලා තමයි මහදැනමුත්තයි ගෝලයෝ රොත්තයි ඒ ප්‍රශ්ණය විසඳුවෙ.

එදා මහදැනමුත්තා සහ ගෝලයෝ වැඩ කළ ආකාරයට ම තමා මෙදා මහදැනමුත්තයි ඔහුගේ ගෝලයෝ රොත්තයි වැඩ කරන්නේ.

නියඟය නිසා ජල මට්ටම පහත වැටිලා උඩවලව ප්‍රදේශයේ ජල ප්‍රශ්නයක් මතුවුණා. ඇමති මණ්ඩලය ගිය සතියේ ගත්ත තීන්දුව තමයි අපට විදුලිය නොකපා සිටීමට අත්‍යවශ්‍යයි. විදුලියට ජලය අවශ්‍ය නිසා ගොවියන්ට ජලයේ දෙන්නේ නෑ කියලයි ඔවුන් තීරණය ගත්තේ. නමුත් ඊයේ අමාත්‍ය මණ්ඩලය තීරණයක් ගන්නවා විදුලිය කැපීමේ අවදානම අරගෙන වුණත් ගොවියන්ට ජලය දෙනවා කියලා. නමුත් මේ ප්‍රශ්නය හරියට තේරුම් නොගත් නිසා උඩවලව කලාපයේ වී වගාවෙන් 40%ක් විනාශ වෙලා ඉවරයි. වගාව ඇතුළු අතුරු භෝග වගාවටත් බරපතළ හානියක් සිදුවෙලා ඉවරයි. අවසානයේ මොවුන් කටයුතු කරල තියෙන්නෙ මහජන මුත්තයි ගෝලයෝ රොත්තයි වගේ නෙවෙයි ද?

නියගය නිසා ජල විදුලි නිෂ්පාදනය පහත වැටිලා ඇති බැවින් හදිසි මිලදී ගැනීම් සඳහා රුපියල් බිලියන හතරක මුදලක් වෙන් කර ගත යුතුයි කියලා මෙවර අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබෙනවා. නියඟය නිසා හදිසි මිලදී ගැනීම් ? පෙරදා රාත්‍රියේ අපි නිදාගෙන ඉඳලා ඇහැරෙනකොට මේ ජලාශ හිදුනේ නැහැ. මේක පුරෝකතන කරලා තිබුණු දෙයක්. ජලාශ ක්‍රමානුකූලවයි හිඳිලා ගියේ. එහෙම නම් ඉදිරි මිලදී ගැනීම් සැලසුම් කරගන්න ඕනෑ තරම් කාලය තිබුණා.

නමුත් ජලාශ පතුලට ම හිඳිලා ජල අර්බුදය උච්චස්ථානයට ආවහම තමයි අමාත්‍ය මණ්ඩලය දැනුවත් කරන්නේ ජලාශ හිඳිලා දැන් අප හදිසි මිලදී ගැනීම් කළේ නැතිනම් රටම කළුවරේ කියලා. ඉතිං අමාත්‍ය මණ්ඩලයද බියට පත්වෙලා ඉල්ලන මුදල වෙන් කරලා කැමති ප්‍රමාණයක් හදිසි මිලදී ගැනීම් යටතේ නිසි පටිපාටිය අනුගමනය නොකර වුවද මිලදී ගැනීමට අනුමැතිය දෙනවා. මේ කාරණය නිසි ලෙස සැළසුම් කරලා කරන්න තිබුණු දෙයක්. එහෙම නොකළේ මේ අයට මේවා පිටුපස තිබෙන මහා වංචාවක් සිදු කළ යුතුව තිබුණු නිසා.

අපේ මේ ජලාශ පද්ධතිය ඉදිකළ දා පටන්ම කළමනාකරණය පිළිබඳව ප්‍රමුඛතා නිර්ණායක තියෙනවා. මුලින්ම පානීය ජලය සඳහා ජලය වෙන් කළ යුතුයි. අනතුරුව කෘෂිකර්මයට වෙන් කළ යුතුයි. ඊට පසුව විදුලිබල නිෂ්පාදනයට වෙන් කළ යුතුයි. ඊටත් පසුවයි විනෝද කටයුතු සහ අනෙකුත් කටයුතු එන්නේ. එසේ නම් කිසිම අධ්‍යයනයකින් තොරව අමාත්‍යමණ්ඩලය හදිසියේ තීරණය කරන්නේ කොහොමද කෘෂිකර්මය වෙනුවට අප ප්‍රමුඛතාවය දෙන්නේ විදුලියටයි කියලා.

නිසි අධ්‍යයනයකින් තොරව කලින් හිටපු මහදැනමුත්තා පොහොර තහනමක් කරන්න ගිහිල්ලා වෙච්ච ආදීනව මොනවද කියලා කට්ටිය දන්නවා. අධ්‍යයනයකින් තොරව මෙවැනි බරපතල තීන්දු ගන්න ආණ්ඩුව කටයුතු කරනවා කියන්නේ ඒ පාරෙම මේ ආණ්ඩුවක් ගමන් කරනවා කියන එකයි.

වෛද්‍යවරු රට හැර යති

සෞඛ්‍ය අංශයේ ලොකුම ගැටලුව බවට වෛද්‍යවරු රට හැර යෑම පත්වෙලා. මේ වසරේ මේ වන විටත් වෛද්‍යවරුන් 810 විශේෂඥ වෛද්‍යවරුන් 302 රට අත්හැරලා ගිහිල්ලා. අද එංගලන්තයේ දැවැන්ත වෛද්‍ය හිඟයක් ඇතිවෙලා තියෙනවා. සමස්ත වෛද්‍ය ප්‍රජාවම උරාගන්න එංගලන්තයට පුළුවන්. “එයත් යනවා. ඒ නිසා මමත් යනවා” කියන රැල්ලක් බවට මේක අද පත්වෙලා. ඒ වගේම අපේ වෛද්‍යවරුන්ට ලෝකයේ දැවැන්ත ඉල්ලූමක් ඇති වෙලා තියෙනවා. ඉතින් ඔහේ රට යන්න දීලා බලන් ඉන්නවා මිසක් ආණ්ඩු මීට විසඳුමක් හදා දීලා තියෙනවද?

රට හැර යාම නතර කර ගැනීමට ආණ්ඩුවේ පාර්ශවයෙන් යෝජනාවලියක් ඉදිරිපත් වී තිබෙනවා ද? අවසානයේදී බෙහෙත් පෙත්තක් අපට ලබා දීමට වෛද්‍යවරයෙක් රටේ නොමැති තත්ත්වයට වෛද්‍යවරුන් රට හැර යාමේ අවදානමක් අපට තියෙනවා. මේ වසරේ සීමාවාසික පුහුණුව ලබාගත් 1399 වෛද්‍යවරුන්ගෙන් 220ක් රාජ්‍ය සේවයට එකතු වෙලා වත් නැහැ. එතැන බරපතළ කාරණයක් තියෙනවා. මහජන මුදලින් වසර ගණනාවක් නොමිලේ අධ්‍යාපනය ලබපු මෙම වෛද්‍යවරුන්ට යුතුකමක් සහ වගකීමක් තියෙනවා අපේ මවුබිම වෙනුවෙන් රටේ කොතැනක හරි යම් කාලයක් සේවය කරලා මේ රටේ අහිංසක දුප්පත් ජනතාවගේ සල්ලිවලින් ඉගෙන ගත්ත ණය ආපසු ගෙවලා යන්න.

කුරුල්ලන්ට අත්තටු සලන්න හැකියාව ලැබුණු සැනින් කූඩුව අත්හැරලා යනවා වාගේ වෛද්‍යවරුන්ට මේ රට අත්හැරලා යන්න බැහැ. ඔවුන්ට සමාජ වගකීමක් තියෙනවා. ලේ කිරි කර පෙවූ අම්මට ණය ගෙවනවා වගේ මේ රටේ මහජනතාවට තමන් ව වෛද්‍යවරයෙක් කිරීමේ ණය ගෙවන්නට. ඒ නිසා එම වෛද්‍යවරුන් රඳවා ගැනීමේ නීති රීති ගෙන එන්න ආණ්ඩුව කටයුතු කළ යුතුයි. වෛද්‍යවරුන් විතරක් නෙවෙයි රටේ වෘත්තීමය වශයෙන් හීන තාවයක් ඇති සෑම ක්ෂේත්‍රයකම අය අවම තරමින් මෙතරම් වසර ගණනක් රටට සේවය කළ යුතුයි කියලා නීති සම්පාදනය කළ යුතුයි. නැතිනම් පිටරටකින් අපිට කෙනෙක් ගේන්න යන වියදම ඔවුන් රටට ලබා දිය යුතුයි කියලා නීතියක් මේ රටට ගෙන ආ යුතුයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img