Saturday, November 14, 2026
HomeNEWSඅමාත්‍ය මනුෂ නානායක්කාර සහ පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති අතර හමුවක්.

අමාත්‍ය මනුෂ නානායක්කාර සහ පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති අතර හමුවක්.

අමාත්‍ය මනුෂ නානායක්කාර සහ පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපති අතර හමුවක්

පෝලන්තයේ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ ශ්‍රී ලංකාවේ පුහුණු ශ්‍රමිකයන් සඳහා විදේශ රැකියා අවස්ථා ලබාගැනීම සම්බන්ධයෙන් කම්කරු හා විදේශ රැකියා ඇමැති මනූෂ නානායක්කාර මහතා පෝලන්තයේ පොදු ප්‍රවාහන කොමිෂන් සභාවේ සභාපතිවරයා සමඟ තීරණාත්මක සාකච්ඡාවක් අද දිනයේදී පැවැත්වීය.

ශ්‍රී ලංකාව සහ පෝලන්තය අතර සමීප ආර්ථික සහ රැකියා සබඳතා වර්ධනය කර ගතහැකි ජයග්‍රාහී වාතාවරණයක් අපේක්ෂා කරමින් මෙම ගවේෂණාත්මක මුලපිරීම පිළිබඳව දෙපාර්ශවයම සුභවාදී අදහස් පළකර සිටියහ.

මෙම සාකච්ඡාව පුහුණු ශ්‍රී ලාංකික ශ්‍රම බලකායට ප්‍රතිලාභ ලබාදීම සඳහා පෝලන්තයේ ශ්‍රම බලකායේ අවශ්‍යතා, විශේෂයෙන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ අවශ්‍යතා අවබෝධ කර ගැනීමට සහ ඒවාට ප්‍රවේශවීමට ගත් ඇමැති නානායක්කාර මහතාගේ පුළුල් මුලපිරීමේ උත්සාහයකි.

ඇමැතිවරයා සමඟ ශ්‍රී ලංකා විදේශ රැකියා නියෝජිතායතනයේ නියෝජිතයන් වන සභාපති සුරාජ් දන්දෙණිය මහතා සහ සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා, ඇමැතිවරයාගේ උපදේශක සහ පෞද්ගලික ලේකම් ශාන් යහම්පත් මහතා සහ ඇමැතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් භාග්‍ය කාරියවසම් මහතා ද එක්ව සිටියහ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img
spot_img
spot_img

Must Read

අතීතයේදී වැඩිපුරම පක්ෂයට වගකිව්වත් ආණ්ඩුකරණයේදී ඉහළින්ම වගකියන්නේ ජනතාවටයි-ජනපති

37වෙනි ඉල්මහ විරු සමරුව අමතා ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා  සිදුකළ කතාව අපේ පක්ෂයේ නිර්මාතෘ, අපේ පක්ෂය ගොඩනගපු සහ අපේ පක්ෂය කවර අරමුණක් වෙනුවෙන් ගොඩනැගිය...

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට..12.5 kg රු;1775 කින්

අද (13) මධ්‍යම රාත්‍රියේ සිට ලාෆ්ස් ගෑස් මිල ඉහළට. 12.5 kg රු;1775 කින්. නව මිල රු:6740, 5 kg රු:732 කින්. නව මිල රු:2720. ලාෆ්ස් සමාගම.

මේක අයවැයක් නොවේ පච වැලක් – විපක්ෂ නායක සජිත්

මේක අයවැයක් නොවේ පච වැලක් - විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපතිවරයා බුදු රජාණන් වහන්සේගේ උතුම් ධර්මය උපුටා ගෙන සිය අයවැය ඉදිරිපත්...

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත් කර ගත යුතු නැහැ – ෆයිසර් මුස්තාපා

අයවැය විවාදය මයික් ටයිසන්ලාගේ තරඟයක් බවට පත්කර ගැනීමට ආණ්ඩු පක්ෂයත් විරුද්ධ පක්ෂයත් ක්‍රියා නොකළ යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කරයි. අයවැය සම්බන්ධයෙන්...
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img
spot_img